රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍යයේ සුදු මැණිකෙගෙ චරිතය එක්ක මේ දිනවල මම ගොඩක් කාර්යබහුලයි. සුදු මැණිකෙට ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. ගොඩක් ප්‍රේක්ෂකයො සුදු මැණිකෙට ගොඩක් ආදරෙයි. ලොකු පොඩි භේදයක් නැතුවම සුදු මැණිකෙ නැත්තම් සත්‍යාට ආදරෙයි. මමත් මේ චරිතය ගොඩක් කැමැත්තෙන් සහ ආසාවෙන් තමයි කරන්නෙ.
සත්‍යා කියන චරිතය ගැනත් විස්තර ටිකක් කියමු.
චරිතය ගැන කතා කළොත් සුදු මැණිකෙ කියන්නෙ ගොඩක් අහිංසක සහ ආදරණීය චරිතයක්. හරි දේට කතා කරන ටිකක් විතර සැර චරිතයක් වගේම එයා අකමැති දෙයක් කළොත් ඒ දේටත් ටිකක් සැර චරිතයක්.
ඔබට මේ ක්ෂේත්‍රයට එන්න අඩිතාලම වැටෙන්නෙ කොහොමද?
අවුරුදු දා හතේදි තමයි මේ ක්ෂේත්‍රයට එන්න පාර හදා ගන්නෙ. දැනට අවුරුදු පහක පමණ කාලයක් වෙනවා මම රංගන ශිල්පිනියක් ලෙස වැඩ කටයුතු කරන්න පටන් අරගෙන.
කුඩා කාලයෙ ඉඳන්ම රංගන ශිල්පිනියක් ලෙස වැඩ කරන්න හීනයක් තිබුණද?
ඔව් මගෙ ලොකු ආසාවක් තිබුණා. ඉස්සර මම පොඩි කාලේ රූපවාහිනියෙ යන හැම ටෙලිනාට්‍යයක්ම වගේ නරඹලා ඒ චරිත අම්මයි තාත්තයි ඉස්සරහා කරලා පෙන්නනවා. හැම චරිතයක්ම වගේ මම ඉස්සර නිරූපණය කරනවා.
ඒ කියන්නෙ පොඩි කාලෙ තිබුණ ආසාවත් එක්කම අමන්දා තමන්ගෙ වෘත්තීය විදියට රංගනය තෝරා ගත්තා නේද?
ඔව්. මම දැන් වෘත්තියෙන් රංගන ශිල්පිනියක්. නමුත් මට ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් තියනවා.
රංගන ශිල්පිනියක් විදියට රංගනය කියන විෂය ක්ෂේත්‍රය හැදෑරිය යුතුයි කියලා අමන්දාට හිතෙනවද?
ඔව් අනිවාර්යයෙන්. ලෝකය දවසින් දවස අලුත් වෙනවා වගෙම කලාවත් දවසින් දවස අලුත් වෙනවා. දවසින් දවස ඉගෙන ගන්නට අලුත් දේවලුත් එකතු වෙනවා. ඒ නිසා මට නම් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. මම දැනට රංගනය ගැන හදාරමින් තමයි ඉන්නෙ.
අමන්දා චරිත තෝරා ගැනීමේදි යම්කිසි රාමුවකට කොටු වෙලා කියලා හිතෙන්නෙ නැද්ද?
මම ඉස්සෙල්ලම බලන්නෙ පිටපත. පිටපත බලලා ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් නම් විතරයි මම බාර ගන්නෙ. මුලින්ම මම චරිතය ගැන හොඳින් හදාරනවා. පසුව තමයි තීරණය කරන්නෙ චරිතය බාර ගන්නවද කියලා. චරිත තෝරා ගැනීමේදි මගෙ අම්මා තාත්තා මට ලොකු සහයෝගයක් දෙනවා චරිතය තෝරා ගන්න.
ලැබෙන ජනප්‍රියත්වය ගැන ඔබට මොකද හිතෙන්නෙ?
මම කෙළින් කතා කරන නිහතමානී කෙනෙක්.ලැබෙන ජනප්‍රියත්වය ගැන මට තියෙන්නෙ නිහතමානී සතුටක්. මම මගේ ආදරණීයන්ට ගොඩක් ආදරෙයි.
මේ දක්වා කරපු චරිත වලින් වැඩිම ප්‍රතිචාරයක් ලැබුණු චරිතය කිව්වොත්?
ඔක්කොම චරිත වලට ප්‍රතිචාර ලැබුණා. ගොඩක්ම හොඳ ප්‍රතිචාර ලැබුණෙ සහ ලැබෙන්නෙ සුදු මැණිකෙ නැත්තම් සත්‍යාට තමයි.
අමන්දාගෙ පවුලෙ විස්තර ටිකකුත් කියමු.
පවුලෙ ඉන්නෙ මමයි අම්මයි තාත්තයි. තාත්තා නේවි ඔෆිසර් කෙනෙක්. එයා ඕමාන් වල ඉන්නෙ. අම්මයි තාත්තයි තමයි මගෙ ලොකුම හයිය. මගෙ හැම දේකටම රූපගත කිරිම්වලදි පවා මගෙ පස්සෙන් එන්නෙ අම්මයි තාත්තයි තමයි.