Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
“...අයියට පිස්සුද මට ඉන්න බබා ඔයා නේ. - නංගි තවත් බොරු කරන්න එපා. අද ඔයා වැක්සින් කරන්න එනකොට අයිඩෙන්ටි එක දුන්නෙ මට...” - එන්නත් පෝලිමේදී ජරමරයක් වුණු ෆේස්බුක් ප්‍රේමය අවසානයේ නැවතුණු තැන

- “...අයියට පිස්සුද මට ඉන්න බබා ඔයා නේ. - නංගි තවත් බොරු කරන්න එපා. අද ඔයා වැක්සින් කරන්න එනකොට අයිඩෙන්ටි එක දුන්නෙ මට...” - එන්නත් පෝලිමේදී ජරමරයක් වුණු ෆේස්බුක් ප්‍රේමය අවසානයේ නැවතුණු තැනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

46,622 Views
“මේ වගේ ලස්සන කෙල්ලෙක්
මගේ බිරිඳ කරගන්න තියනවා නම් කොච්චර හොඳයිද?”

අංජන පෙරේරා දකුණු පළාතේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු 28 කි. අවිවාහකයෙකි. රාජ්‍ය සේවකයකු වූ ඔහු එම පළාතේ ප්‍රසිද්ධ නගරයක රජයේ කාර්යාලයක සේවය කළේය.

රූමත් තරුණයෙකු වූ ඔහු ආගමට දහමට ලැදිව කටයුතු කළ අයෙකි. සරල දිවිපෙවෙතක් ගෙවූ ඔහු කා අතරත් ජනප්‍රිය වූයේ හිත හොඳ තරුණයෙකු වශයෙනි.

රැකියාව කරන අතරතුර සමාජ සේවා කටයුතුවල ද ඔහු නිරත වූයේ එබැවිනි.

පුෂ්පිකා දකුණු පළාතේ පදිංචි ඉතා රූමත් තරුණියකි. වයස අවුරුදු විසි පහකි. විවාහක කාන්තාවක් වන ඇය එක් දරු මවකි. ඇයගේ ස්වාමි පුරුෂයා විදෙස් රටක රැකියාවක නියැලේ. එම නිසා ඇය සිඟිති පුතා සමග ජීවත් වූයේ තම මව සමගයි.

විවාහක එක් දරු මවක් වුවත් ඇය හැසිරුණේ අවිවාහක තරුණියක මෙන්ය. ස්වාමිපුරුෂයා ළඟ නොමැති වීම නිසා එම නිදහස ඇයට උපරිමයෙන්ම ලැබී තිබුණි. එම නිදහසෙන් උපරිම ප්‍රයෝජන ගත් ඇය ෆේස්බුක් හරහා විවිධ තරුණයන් සමග සම්බන්ධකම් පවා ඇති කර ගත්තාය.

ඇය ෆේස්බුක් ගිණුමෙහි ද සිටියේ අවිවාහක තරුණියක් මෙන්ය.

අංජන පෙරේරා ද ඇයගේ ෆේස්බුක් මිතුරෙකි. දිනක් පුෂ්පිකාට අංජන තම ෆේස්බුක් ගිණුමේ දමා තිබූ ඔහුගේ ලස්සන පින්තූරයක් නෙත ගැටුණි. එම පින්තූරයේ තිබූ ලස්සන නිසාම ඇය ඔහුගේ ෆේස්බුක් ගිණුම මුල සිටම පරීක්ෂා කර බැලූවාය. එලෙස පරීක්ෂා කිරීමේදී අංජන ඉතා කඩවසම් තරුණයකු බව ඇය දැනගත්තාය.

”අනිත් කොල්ලො වගේ නෙවෙයි. මිනිහා වැදගත් පාටයි. රජයේ රැකියාවකුත් කරනවා. කසාද බැඳලත් නැහැ. පොඩි චැට් එකක් දාලා බලන්න ඕනා.” අංජන ගැන එලෙස සිතූ ඇය ෆේස්බුක් හරහා ඔහුට කෙටි පණිවිඩයක් තැබුවාය. එදිනම සවස පුෂ්පිකා ෆේස්බුක් හරහා තැබූ කෙටි පණිවිඩය අංජන දුටුවේය. ඉන්පසු ඔහු ඇයගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළේය. එහිදී ඔහුට දැනගන්න ලැබුණේ ඇය අවිවාහක ඉතාමත් සුන්දර තරුණියක් බවයි.

”මේ වගේ ලස්සන තරුණියක් මගේ බිරිඳ කරගන්න ඇත්නම් කොච්චර හොඳයිද? ඒක නිසා ඇය සමඟ මිතුරුකමක් ගොඩ නගා ගන්න ඕනා.”

එලෙස සිතු අංජන නොපමාව ඇයගේ කෙටි පණිවුඩයට පිළිතුරු දුන්නේය. දෙදෙනාගේ එලෙස පටන් ගත් සම්බන්ධතාවය සති කිහිපයක් ගත වෙද්දී දැඩි මිත්‍රත්වයක් බවට පත්වූහ. ඒ වන විට දෙදෙනා ෆේස්බුක් හරහා පෞද්ගලික තොරතුරු පවා හුවමාරු කරගෙන තිබුණහ.

තවත් සති කීපයක් ගතවෙද්දී එම මිත්‍රත්වය ආදරයක් බවට පෙරළුණි. ඉන්පසු අංජනගේ පෙම්වතිය බවට පුෂ්පිකා පත්විය. මාස ගණනක් දෙදෙනා මුහුණු පොත හරහා ආදරය කළහ. ඔවුනට මුණ ගැසීමට නොහැකි වූයේ සංචරණ සීමා පනවා තිබූ නිසාය. අංජන තම පෙම්වතිය ගැන සිටියේ දහසක් බලාපොරොත්තු තබා ගෙනයි. ඔහුගේ මිතුරන්ට පවා ඇය එවූ පින්තූර පෙන්වා ඔහු ”මේ මම කසාද බඳින්න ඉන්න කෙල්ල කියා” පැවසුවේය.

පුෂ්පිකා අංජනට ආදරය කළේ ඔහුගේ පෙනුමට තිබූ කැමැත්ත නිසාය. ඇයට ඇත්ත වශයෙන්ම උවමනා වූයේ සංචරණ සීමා ඉවත් කළ පසු තම සිතේ තිබූ ආශාවන් ඔහුගෙන් ඉටුකර ගැනීම පමණි.

එම නිසා ඇය අවිවාහක තරුණියක මෙන් අංජන ඉදිරියේ පෙනී සිටියාය. එම කාලය අතරතුර අංජනට ස්ථාන මාරුවීමක් ලැබුණි.

ඒ එම නගරයේ ප්‍රාදේශීය කාර්යාලයකටයි. දින කිහිපයක් ඔහු එම කාර්යාලයේ සේවය කරද්දී වයස අවුරුදු විස්සත් තිහත් අතර තරුණ තරුණියන්ට කොවිඞ් එන්නත විදීමේ වැඩසටහනකට ඔහුට ද සහභාගි වීමට සිදු විය. දිනය පසුගිය 13 වැනිදාය. එම කොවිඞ් එන්නත විදින මධ්‍යස්ථානයේ තරුණ තරුණියන්ගේ තොරතුරු සටහන් කිරීමේ ඔහු ද නිරත වී සිටියේය.

සිඟිති දරුවකු වඩා ගත් තරුණියක් පැමිණ ඔහුට ජාතික හැඳුනුම්පත ලබා දුන්නාය. එම හැඳුනුම්පත පරීක්ෂා කර බැලූ අංජන එක්වර නැවත තරුණියගේ මුහුණ දෙස බැලූවේය. එලෙස බලා ඔහු ඇයගෙන් මෙලෙස විමසුවේය.

”ඇයි මේ බබා එක්ක.”

”මේ මගේ බබා. මගේ හස්බන්ඞ් රට ඉන්නේ.”

”එහෙමද? මම හිතුවේ ඔයා කසාද බැඳලා නැහැ කියලා.”

”අයියේ මම කසාද බැඳලා ගොඩක් කල්.”

”බොහොම හොඳයි. බබා එක්ක පරිස්සමෙන් ඉන්න එහෙනම්.”

එලෙස පැවසූ අංජන ඇයගේ තොරතුරු සටහන් කරගත්තේය. ඉන්පසු ඇය එන්නත්කරණය සිදු කරගෙන එම ස්ථානයෙන් පිටව ගියාය.

ඇය ගිය පසු අංජනට සිදු වූයේ කුමක්ද කියා එක්වරම සිතාගැනීමට පවා නොහැකි විය. සිඟිති දරුවකු සමග එන්නත්කරණයට පැමිණියේ තමාගේ පෙම්වතිය බව ඔහු දැනගත්තේ ඇයගේ ජාතික හැඳුනුම්පත පරීක්ෂා කිරීමේදී ය. කිසි දිනෙක මුණ ගැසී නොතිබුණත් ඇය එවූ පින්තූර සහ ජාතික හැඳුනුම්පතේ තිබූ පින්තූරය සමාන විය. එයට අමතරව ඇයගේ නම උපන්දිනය ආදී විස්තර ද සමාන විය.

ඉන්පසු එම තරුණිය තමාව රවටා ඇති බව ඔහු දැන ගත්තේය. ඉතා චාම් දිවිපෙවෙතක් ගෙවූ අංජන එය දැනගත් පසු කලබල වූයේ නැත. ඔහුට ඇය ගෙන් පළිගැනීමේ චේතනාවක් ද නොතිබිණි.

එම නිසා එදින සවස ඔහු ඇයට දුරකථන ඇමතුමක් ලබාගෙන මෙලෙස පැවසුවේය.

”නංගි කොහොමද?”

”හොඳින් ඉන්නවා අයියේ ඔයාට කොහොමද?. මම දවල් කෝල් එකක් දෙන්න හිටියේ ඒත් බැරිවුණා වැඩ වගයක් තිබුණා.”

”මොනවද වැඩ.”

”මට ඔයාට කියන්න අමතක උනා. අද මම කෝවිඞ් එන්නත විද ගත්තා.”

”ඇත්තට…”

”ඔව් අයියේ.”

”බෙහෙත විදින්න ගියෙ කවුරු එක්කද”

”වෙන කවුරු එක්ක යන්න ද තනියම ගියේ.”

”ඇයි බබා.”

”මොන බබෙක්ද? අයියට පිස්සුද මට ඉන්න බබා ඔයා නේ.”

”නංගි තවත් බොරු කරන්න එපා. අද ඔයා බබා එක්ක වැක්සින් කරන්න එනකොට අයිඩෙන්ටි කාඞ් එක දුන්නෙ මට. මම තමයි ඔයාගෙ විස්තර සේරම ලියා ගත්තේ. ඔයාට මාව අඳුරගන්න බැරි වෙන්නැති.”

එම වචන ටික ඇසීමෙන් ඇය ඉමහත් බියටත් ලජ්ජාවටත් පත් විය. ඇයගේ ඉහෙන් කණින් දාඩිය පවා දැමුවාය. කරන්නේ කුමක් ද කියා සිතා ගැනීමටවත් නොහැකි වූවාය. එලෙස අසරණ වූ ඇය ”අනේ අයියේ…” කියා පවසනවාත් සමඟම යළි අංජන මෙලෙස පැවසුවේය.

”හොඳට මතක තියාගන්න. වෙන කෙනෙකුට මේ වගේ දෙයක් කළා නම් අද ඔයාට වෙන දේ හිතාගන්නවත් බැහැ. ඔයගොල්ලෝ වගේ අය නිසා තමයි සමාජයේ ප්‍රශ්නත් වැඩි වෙන්නේ. ඒක නිසා මින් පස්සේවත් ඔය වගේ වැඩ නොකර හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න බලන්න. අඩුම ගාණේ පොඩි එක්කෙනා ගැනවත් හිතලා.”

එලෙස පැවසූ ඔහු දුරකථනය විසන්ධි කළේය.

ගයාන් සමරසිංහ
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "දිවයින" පුවත්පතෙන්..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top