Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
“...කෝ මේ තාම නෑනේ අමුතුවෙන් කියන්න ඕනිද අහනවා, ඉවසීම නැතිවුණා මට, එදානම් මම ඒ සහාය අධ්‍යක්‍ෂවරයාට හොඳටම බැන්නා...” - බුවිනි චාපා දියලගොඩ - Photos

- “...කෝ මේ තාම නෑනේ අමුතුවෙන් කියන්න ඕනිද අහනවා, ඉවසීම නැතිවුණා මට, එදානම් මම ඒ සහාය අධ්‍යක්‍ෂවරයාට හොඳටම බැන්නා...” - බුවිනි චාපා දියලගොඩ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,917 Views
“හැබැයි කටකතා හැදෙන්න අපේ හැසිරීමත්
බලපානවා කියලයි මම හිතන්නෙ...”

“අපේ ගේ ඇතුළෙ හැමදේම අපේ මිස මගේ එයාගෙ කියලා බෙදිලා නෑ.”

බුවිනි චාපා දියලගොඩ නව පරපුරේ ජනප්‍රිය මෙන්ම දක්‍ෂ රංගන ශිල්පිනියක්.

ඉතාම කෙටි කාලයක් තුළ තම රඟපෑම් වෙනුවෙන් සම්මානනීය වූ බුවිනි විවාහයෙන් පසු රංගනයෙන් ඈත් වුවත් අදටත් ඇගේ ජනප්‍රියතාව අඩු නොවී පවතිනවා.

බුවිනිගෙ දෙවැනි විවාහ සංවත්සරය පසුගිය දිනක ගතවුණා. එදින විශේෂ සැමරීමක් කළාද?
විශේෂ සැමරීමක් නම් කළේ නැහැ පවතින තත්ත්වය එක්ක. අපි දෙන්නා ෆොටෝ සූට් එකක් නම් කළා පොඩි වෙනසකටත් එක්ක. ඒ ඇරෙන්න මගේ යාළුවෝ අපිට Wish කරලා Cake Sweet එවලා තිබ්බා. ඒවත් එක්ක මමයි මගේ Husband කසුනුයි තනියම අපේ Wedding Aniversary එක තනියම Celebrate කළා.

විවාහ වෙලා අවුරුදු 2ක් ගෙවුණා කියන්නෙ රඟපෑමෙන් අයින් වෙලත් අවුරුදු 2ක් ගෙවුණා කියන එකද?
නෑ ඊට වැඩියි. රඟපෑමෙන් අයින් වෙලා අවුරුදු 4ක්. මම විවාහ ගිවිස ගත්තෙ අවුරුදු 3කට කලින්. රෙජිස්ට්‍රේෂන් එකට කලින් මම රංගනයෙන් අයින් වුණා.

රංගනයෙන් අයින් වෙන්න වුණා.?
කසුන් වගේම එයාගෙ ගෙදර අයත් මට කියලා තිබ්බෙ කසුන්ගෙ ව්‍යාපාරවලට සම්බන්ධ වෙන්න ඕන නිසා ඒ ගැන ඉගෙන ගන්න කියලා. ඉතින් එහෙම ඒවා ගැන බලන්න ඉගෙන ගන්න ගියාම නිකං දෙමළ පත්තරේ කියවන්න ගත්තා වගේ. අන්තිමේදී ඒ වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න වුණ නිසා රඟපෑමෙන් ඉබේම අයින් වුණා.

ආයෙමත් රඟපාන්නෙ නැද්ද ඒ කියන්නෙ?
මෙහෙමයි. ආයෙ රඟපාන්න කැමතියි හොඳ නිර්මාණයක් ලැබුණොත්. වැඩ ගොඩක් බදාගෙන නෙවෙයි හොඳ නිර්මාණයක් ලැබුණොත් ඒ නිර්මාණයට දායක වෙනවා.

බොහෝ රංගන ශිල්පිනියන් විවාහ වෙන්නෙ පවුල් ජීවිතය වෙනුවෙන් රඟපෑමෙන් අයින් වෙනවා කියලා. නමුත් කාලය එක්ක ආයෙමත් රඟපාන්න එන්නෙ රඟපෑමෙන් සදහටම සමුගන්න අමාරු බව පවසමින්. බුවිනිත් එහෙමද?
රංගනයට යොමු වුණ කෙනෙක්ට 100%ක් එයින් මිදෙන්න අමාරුයි. මේ ෆීල්ඩ් එක හරි රසවත් තැනක්. ඉතින් එතැනින් ගැලවිලා හුදෙකලා වෙන්න අමාරුයි. ඒ හුදෙකලා බව නැති කරන්න ගෙදර අයගෙ සහයෝගයත් ඕනමයි. එහෙම අයින් වුණ සමහරුන්ට ඒ සහයෝගය ලැබෙන්නෙ නැහැ. එහෙම වෙනකොට තමයි පවුල් ආරවුල් වුණත් එන්නෙත් අයින්ම වුණ අය ආයෙ රඟපාන්න එන්නෙත්, නමුත් මට එහෙම තහංචි නැහැ. මම කැමති දේ කරන්න මට මගේ මහත්තයගෙන් උපරිම නිදහස ලැබෙනවා.

විවාහයට කලින් බුවිනි හරි සැහැල්ලුවෙන් හිටිය කෙනෙක් කියලා ක්ෂේත්‍රයේ හැමෝම හොඳින් දන්න කරුණක්. එහෙම ඉන්න කාලෙ විවාහය ගැන හිතේ තිබුණ අර්ථකථනයමද අදටත් තියන්නෙ. විවාහය කියන්නෙ බුවිනිව වෙනස් කරපු කාරණාවක් නෙවෙයි? නැහැ. එදා හිටපු බුවිනිම තමයි අදත් ඉන්නෙ. ගෙදර හිටිය කාලෙට වඩා සැහැල්ලුව වැඩිද කියලත් මට හිතෙනවා. හිතින් හිතලා මම වෙනස් වුණොත් ඇරෙන්න මගේ අම්මාටවත් මාව වෙනස් කරන්න බැහැ. මාව විතරක් නෙවෙයි කිසිම කෙනෙක්ව තවත් කෙනෙක්ට වෙනස් කරන්න බැහැ කියලයි මම හිතන්නෙ. හෙටත් මම ඉස්සර හිටිය බුවිනිමයි. වෙනස් වුණොත් ඉන්නෙ මේ ඉන්න ඇත්ත මම නෙවෙයි. අනික එහෙම වෙනස් වෙලා ඉන්න අමාරුයි.

වර්තමානය ගත්තම ඔයාගෙ සමකාලීන අයට වගේම නවක අයගෙන් බොහෝ දෙනෙක්ට Gossip හැදෙනවා. නමුත් අද වනතුරුත් බුවිනිට එහෙම කට කතා හැදිලම නැහැ. හේතු නැතුව හෝ ඇතුව කටකතා හැදෙන්නෙ ඇයි?
නිකං හිටියත් කෙනෙක්ට කටකතා හැදෙන්න පුළුවන්. හැබැයි කටකතා හැදෙන්න අපේ හැසිරීමත් බලපානවා කියලයි මම හිතන්නෙ. යම් දෙයකට අපේ අනුබලයක් නැති තැන කට කතාවකුත් නෑ කියලයි මං විශ්වාස කරන්නෙ. මට කිහිපදෙනෙක් කියලා තියෙනවා ඔයා සැරයිනෙ හයියෙන් කතා කරනවනෙ කියලා. සමහරවිට ඒකම වෙන්න ඇති මට කතාවක් නොහැදෙන්න හේතුවත්. මම සෙට් එකක ඉන්නෙ විහිළු තහළුවෙන්. රහස් කතා නෑ මං ළඟ. අසාධාරණයක් දැක්කම රණ්ඩුත් කරනවා.

බුවිනි රණ්ඩු කරනවා කියලා ඇහිලාම නෑනෙ.?
එහෙම නිතරම නෙවෙයි. කාට හරි අසාධාරණයක් වුණාම රණ්ඩු වෙනවා. එහෙම සිද්ධියක් වුණා. එක්තරා ටෙලි නාට්‍යයක රූගත කිරීම්වලට ගියා. ප්‍රවීණ අය වගේම සමකාලීන සහ නවක අයත් හිටියා. ඒ නාට්‍යයේ සහාය අධ්‍යක්‍ෂවරයා ඒ ප්‍රවීණයන්ට පවා කිසි ගරුත්වයක් නැතිව කතා කරනවා මම ඉවසීමෙන් බලන් හිටියා. අලුත් අයටත් එහෙම කළා. දවස් ගානක් බලන් හිටියා මම. දවසක් මගේ සීන් එක ගන්න මට එන්න කිව්ව සෙට් එකට. මම කාමරේ ඉඳලා කොන්ඩෙත් පීරගෙන විනාඩියක්වත් පරක්කු නොවී යනකොට මට ඇහෙනවා කෝ මේ තාම නෑනෙ එයාට අමුතුවෙන් කියන්න ඕනද කියලා කියනවා. දවස් ගාණක් තිබුණ ඉවසීම ඉවර වුණා. මම එදානම් ඒ සහාය අධ්‍යක්‍ෂවරයාට හොඳටම බැන්නා. කෙනෙක්ට ගරුත්වයක් ඇතිව කතා කරන්න කිව්වා.

රංගන ජීවිතයේ අමතක නොවනම මතකය මොකක්ද?
මම 2012 රඟපාන්න ආවෙ. ඊට පස්සෙ අවුරුදු 6ක් වගේ තමයි ක්ෂේත්‍රයේ හිටියෙ. ඒ කාලය තුළ රඟපෑවට කිසිම නිර්මාණයක් කළේ සම්මාන බලාගෙන නොවුණත් වෘත්තීය ඇගැයීමකට ලක්වෙනව නම් අපි කවුරුත් ආසයි.

විවාහ ජීවිතය ගැන තෘප්තිමත්ද?
ඔව්. මට හොඳ සැමියෙක් ලැබුණා. එයා කසුන්. මම හිතාගෙන හිටියෙ විවාහය කියන්නෙ ලොකු වගකීමක් කියලා. මම මගේ අම්මාව දැකලා එහෙම හිතුවෙ. විවාහය කියන්නෙ වගකීමක් තියෙන දෙයක් වුණාට හිතාගෙන හිටිය තරම් මහා සංකීර්ණ දෙයක් නෙවෙයි කියලා මම දැනගත්තෙ මගේ විවාහයෙන්.

සමහරු කියන්නෙ විවාහය තුළ නොදැනීම හිර වෙනවා කියලා.
ඔව් එහෙම අයත් ඉන්න කසාද බැන්දට පස්සෙ ගැහැනිය මේ මේ දේවල් කරන්න ඕන කියලා කොටුවෙන තැන් වගේම කොටු කරන තැනුත් තියෙනවා. ඒත් මගේ විවාහ ජීවිතය ඇතුළෙ එහෙම නෑ. අපේ ගේ ඇතුළෙ හැමදේම අපේ මිස මගේ එයාගෙ කියලා බෙදිලා නෑ. කසුන්ගෙ අම්මයි තාත්තායි හරි සහයෝගයෙන් හැමදේම කරගන්න දෙන්නෙක්. ඉතින් කසුන් දකින්නෙ අම්මගෙයි, තාත්තාගෙයි ගති පැවතුම් නිසාම එයාත් කවදාවත් මට කොටුගහලා දේවල් කරන්න කියන්නෙ නැහැ.

සැමියාගෙ ව්‍ය්‍යාපාරවලට සම්බන්ධ වෙලා ඉන්න බුවිනිට ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් වෙන්න අදහසක් නැද්ද?
නැත්තෙ නැහැ. ඒ ගැන මම කසුන්ට කියලත් තියෙනවා. මුලදි එහෙම ආසාවක් තිබ්බා. නමුත් රටේ දැන් පවතින තත්ත්වය එක්ක ඒ අදහස ටිකක් යටපත් වෙලා. මේ කාලය පහුවුණාම ඒ ගැන හිතනවා මම.

බුද්ධිනි ජයවර්ධන
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම මව්බිම පුවත්පතේ "හදගැස්ම" අතිරේකයෙන්..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top