Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
"සමහර අය තාමත් මට දුරකථන ඇමතුම් ගන්නවා. ඊයේත් කොළඹ පදිංචි කෙනෙක් කතා කළා..." - FB පෝස්ට් එකකින් කොවිඩ් හදලා මරවපු වැල්ලවායේ ගුරුවරයා

- "සමහර අය තාමත් මට දුරකථන ඇමතුම් ගන්නවා. ඊයේත් කොළඹ පදිංචි කෙනෙක් කතා කළා..." - FB පෝස්ට් එකකින් කොවිඩ් හදලා මරවපු වැල්ලවායේ ගුරුවරයාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,174 Views
ගුරු විරෝධතා රට පුරා පැවැති කාලවකවානුවක් පසුගිය දිනවල දක්නට ලැබිණි. ඒ සමඟම සමාජ මාධ්‍ය හරහා රටේ විවිධ තැන්වලින් කොවිඩ් ආසාදනය වූ ගුරු පොකුරු පිළිබඳව වඩාත් ඉහළින් කතා කරන්නට විය. එමෙන්ම කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මියගිය ගුරුවරු පිළිබඳවද විටින් විට කතා කරන්නට විය. එහෙත් ඒ බොහෝ පුවත් පදනම් විරහිතව නිර්මාණය කළ ඒවා විය. දින දෙක තුනක් යන විට විවිධ පුද්ගලයන් විසින් හිතුමතේ නිර්මාණය කළ ෆේක් නිවුස් බවට ඒවා පත්විය.

ඒ පසුගිය අගෝස්තු අන්තිම සතියේ දවසක්ය.
 
වැල්ලවායෙන්ද එවැනි ගුරුවරයකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ පුවතක් වේගයෙන් පාසල් දරුවන් අතර හුවමාරු වන්නට පටන් ගත්තේ මේ ගුරුවරයා වැල්ලවාය, මල්වත්තාවල ජාතික පාසලේ දෙමළ විෂය උගන්වන ගුරුවරයකු වූ බැවිනි. ඔහු නමින් ඩබ්.එම්. ධම්මික හේමකුමාර ගුරු මහතාය. ඔහු කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් ඇති පුවත රටපුරා පැතිරෙන්නට විය.
 
පැවැති වාතාවරණය හමුවේ දුරකථන ඇමතුමකින් විස්තර දැනගන්නවා මිස යන්නට එන්නට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබූ නිසාත් කොවිඩ් මරණයක් වූ නිසා මළ ගෙදරට සහභාගීවන්නට නොහැකි වීම නිසාත් ඔහුට හිතවත් වූ බොහෝ දෙනකු කල්පනා කළේ කරන්නේ කුමක්දැයි කියාය. එහෙත් මේ ගුරුවරයා ජීවත්වන බව පසුව වාර්තා විය. එවැන්නක් සිදුවූයේ කොහොමද? අපි ඔහුගෙන් විමසුවෙමු.
 
“එදා දවසෙම මම උදේ ඉඳලා වත්ත එළිපෙහෙළි කරමින් සිටියේ.
 
අපේ ගේ පාරට පේනවා. එදා දවල් ඉඳලා සැරින් සැරේ එක්කෙනා දෙන්න ඇවිල්ලා යනවා මම දැක්කා. අපේ ගේ පැත්ත බලනවා. යනවා. කවුරුවත් කතා කළේ නෑ. මමත් ඉතින් වැඩි උනන්දුවක් කළේ නෑ.
 
නෝනා වැඩකරන්නේ ආනෙපල්ලම ඉස්කෝලේ. එදා දවල් ඉඳලම ඒ ඉස්කෝලේ ඉන්න ගුරුවරුත් වෙනත් හිතවත් ගොඩක් අය නෝනගේ දුරකථනයට කෝල් අරගෙන අපේ සැප සනීප අහලා තිබුණා. සමහරු මහත්තයා සනීපෙන්ද කියලා අහලා තිබුණා. නෝනා මෙහෙම කෝල් ආවා කියලවත් මේ ගැන මුකුත් මට කිව්වේත් නෑ. එයාට කවුරුත් මේ පෝස්ට් එක ගැන කියලාත් නෑ. අන්තිමට මේ වෙච්ච දේ ගැන මම රෑ අටට විතර තමයි දැනගත්තේ.
 
ඒ වෙලාවේ තමයි මම නෝනට කිව්වේ මෙහෙම දෙයක් නිසා තමයි කට්ටිය දුරකථන ඇමතුම් අරගෙන තියෙන්නේ කියලා” ඔහු එසේ කියන්නේ මුහුණුපොතේ දිගහැරී තිබුණු ඒ පෝස්ටුව කියවන්නට පටන් ගත්තේය.
 
කරුණාවෙන් සලකන්න.
 
කොවිඩ් ප්‍රතිකාර ඒකකය මූලික රෝහල වැල්ලවාය.
 
මල්වත්තාවල ජාතික පාසලේ සියලුම ගුරුවරුන් සහ සියලුම ශිෂ්‍ය  ශිෂ්‍යාවන් වෙතයි. මො. මල්වත්තාවල ජාතික පාසලේ සේවය කරන ලද දෙමළ විෂය උගන්වන ලද ධම්මික හේමකුමාර නම් මල්වත්තාවල ජාතික පාසලේ සේවය කළ එතුමා අද දින 2021.08.21 දහවල් 12ට පමණ වැල්ලවාය මූලික රෝහලේදී මියගොස් ඇති අතර ඔහු එදිනට පෙර දවස් කිහිපයක පැවැති ගුරු වර්ජනයටද සහභාගිවී ඇත යන්න අපට  දැනගැනීමට ලැබිණි. එම නිසා එම වර්ජනයට සහභාගි වූ සියලුම ගුරුවරු නිවෙස් තුළම දින 24ක් යනතුරු නිරෝධායනය විය යුතුය. නැතහොත් ඔවුන්ට නිරෝධායන නීති කඩ කිරීම යටතේ නඩු පවරා ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යන ලෙසට අපට දැනුම් දී ඇත.
 
ඔන්න ඔහොම තමයි ඒකේ තිබුණේ. 
 
මේ පෝස්ට් එකක් හදලා ගෘෘප්වලට දාලා. වැල්ලවායේ පාසල් රැසක දරුවන් ඉන්න ගෘෘප් සිය ගණනක මේ පෝස්ටුව ෂෙයා වෙලා තියෙනවා. ඒක නිසා තමයි මේ කෝල් අරගෙන ඇත්තටම එහෙමද කියලා හොයලා බලලා තියෙන්නේ.
 
මටත් එක ගුරුවරයෙක් මේ පෝස්ට් එක එවලා තිබුණා. මමත් දැකලා හිතට වේදනාවක් වගේම කණගාටුවක් ඇති වුණා. මොකද අපේ අම්මා දුර ඉන්නේ. එයාට ටච් ෆෝන් එකක් නෑ. එහෙම තිබිලා මේ පෝස්ට් එක එයා අතටත් ගියා නම් සමහර විට නොහිතපු දෙයක් සිද්ධ වෙන්න තිබුණා. ඒක නිසා අම්මට මම මුලින්ම කතා කරලා එයාව දැනුවත් කළා.
 
මම කොවිඩ් වසංගතයත් එක්ක නොමිලේ දෙමළ පන්ති කළා. ඔන්ලයින් තාක්‍ෂණය හරහා තමයි ඒක සිදුකළේ. ඒ වටා දරුවෝ දහස් ගාණක් සම්බන්ධ වෙලා හිටියා. මම නැති වුණා කියලා සමහර දරුවෝ ඇඬුවා කියලා මවුපියෝ මට කිව්වා. ගොඩක් දෙනෙක්ගේ මවුපියන් මට ඇමතුම් අරගෙන තිබුණා. හිතවත් ගුරුවරු, මවුපියන්, යාළුවෝ මට කතා කළා.
 
ඒ පෝස්ට් එක කියවන ඕනම කෙනකුට සැකයක් ඇතිවෙන්නේ නෑ. මොකද වැල්ලවාය කොරෝනා මර්දන කමිටුව, පොලිසිය, රෝහල කියන රාජ්‍ය ආයතන තුනම සම්බන්ධ කරලා තමයි පෝස්ටුව හදලා මගේ පින්තූරයක් දාලා යවලා තිබුණේ.
 
අපිත් ගුරු විරෝධතාවලට සම්බන්ධ වුණා. රට පුරා ගුරුවරු කොවිඩ්වලින් මැරෙනවා කියලා සමාජ මාධ්‍ය ජාලාවල කතා පැතිරුණා. ඉතින් වැල්ලවායේ අයත් එහෙම හිතන්න ඇති. ඉතින් මට මේකට මොකක්ද කරන්න ඕනේ කියලා එක පාරටම හිතාගන්න බැරිවුණා. මගේ හිතවත් මාධ්‍ය මිත්‍රයෙක් ඉන්නවා. ඔහුට කිව්වා ඔහුගේ මුහුණු පොත හරහා මෙය අසත්‍ය පුවතක් කියලා ඔහු ප්‍රසිද්ධ කරන්න කටයුතු කළා. ඊට පස්සේ බොහෝ දෙනෙක් මට ආශීර්වාද කරලා තිබුණා.
 
සමහරු දුරකථන ඇමතුම් ගත්තා. කතා කළා. වැල්ලවාය පොලිස් ස්ථානයේ මම පැමිණිල්ලක් දැම්මා මේ ගැන නීත්‍යනුකූලව කටයුතු කරන්න කියලා. දවසක් දෙකක් යනකොට හිතේ තිබුණ පීඩනය අඩු වුණා. නෝනටත් එහෙමයි. හැබැයි ආරංචි වෙන දුර බැහැර අය තාමත් මට දුරකථන ඇමතුම් ගන්නවා. ඊයේත් කොළඹ පදිංචි කෙනෙක් කතා කරලා මේ ගැන ඇහුවා” යැයි සිනාමුසු මුහුණින් ධම්මික උත්තර දුන්නා.
 
ජීවත්ව ඉන්න මනුස්සයෙක් මේ විදිහට අපහසුතාවට පත් කරන එක එතරම් හොඳ දෙයක් නෙවෙයි. ඒත් ඒක කවුරුන් විසින් හෝ සිදුකළා. මොන පරමාර්ථය ඇතිව කළත් යහපත් සමාජය මේ දේවල් අනුමත කරන්නේ නැහැ. දැන් මේ ගුරුවරයා බලාපොරොත්තුව ඉන්නේ ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වේවි කියලා.
 
 
 
පී.අයි. රොෂාන් 
  - වැල්ලවාය

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top