Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
18
“...කොළ එළිය ආයෙමත් රතු එළියක් වීගෙන යනවා..” - නිරෝධායන ඇඳිරි නීතිය මැද අදත් බාර් ඇරේ, මත්පැන් ගන්න ගිහින් පොලිසි ගිය හැටි මෙන්න - තීරණය ගැන, සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්ව කතාව - Video

- “...කොළ එළිය ආයෙමත් රතු එළියක් වීගෙන යනවා..” - නිරෝධායන ඇඳිරි නීතිය මැද අදත් බාර් ඇරේ, මත්පැන් ගන්න ගිහින් පොලිසි ගිය හැටි මෙන්න - තීරණය ගැන, සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්ව කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,793 Views
“මෙවැනි තත්ත්ව ඇති නොවීමට බලධාරින්
වග බලා ගත යුතුයි..!!”

“බඩු ගන්න ආපු අය ටක් ගාලා යන්න මෙතනින්....”

මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම සඳහා කිසිවිටකත් අනුමැතිය ලබා දී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එසේම මේ පිළිබඳව කිසිවෙකුත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර නොමැති බවටයි හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයාබැලීමකදී අනාවරණ වූයේ.

ඊයේ මෙන්ම අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල මත්පැන් අලෙවිසැල් විවෘත කර තිබුණේ නිරෝධායන ඇඳිරි නීතිය නොතකමින් සුපිරි වෙළඳසැල් ආශ්‍රිත මත්පැන් අලෙවිසැල්ද එලෙස විවෘත කර තිබූ අතර, පුද්ගලයින් නිරෝධායන නීතිරීති කඩකරමින් මත්පැන් මිලදී ගන්නා අයුරු දක්නට ලැබුණා.

මේ සම්බන්ධයෙන් පාර්ශව රැසකගේ විරෝධය එල්ලවී ඇත්තේ කොරෝනා වසංගතය පාලනය කරමින් පවතින මොහොතක මත්පැන් මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන නීතිරීති කඩකිරීම හේතුවෙන්.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ මේ හරහා ඉදිරියේදී මත්පැන් පොකුරක් ඇතිවීමේ අවදානමක් මතුවී ඇති බවයි.

මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙවැනි එක්රැස්වීම්වලින් කොරෝනා පොකුරු නිර්මාණය විය හැකි බවයි.

එසේම ජනතාවට භාණ්ඩ ලබාගැනීමේ අයිතිය මෙන්ම රජයට ආදායම් ඉපයීමේ අවශ්‍යතාව ගැන තම සංගමයට අවබෝධයක් පවතින බවද එම නිවේදනයේ දැක්වෙනවා.

ඒ අනුව සිදුවිය හැකි හානි අවම කරමින් පාරිභෝගිකයන්ට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට විධිමත් ක්‍රියාමාර්ගයක් සකස් කිරීම සිදුකළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

මත්පැන් භාවිත කරන ඉතා සුළු පිරිසක් මෙලෙස වගකීම් විරහිතව කටයුතු කිරීම, කොරෝනා වෛරසය පාලනය කිරීමට අහිතකර ලෙස බලපානු ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර නොමැති බවට සෞඛ්‍ය අමාත්‍යවරයා ද ප්‍රකාශ කරන මොහොතක ඒ පිළිබඳව විමසීමට අප අවස්ථා රැසකදි සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරූ නමුත් එය ව්‍යර්ථ වුණේ ඔවුන් කිසිවෙකුත් දුරකථනවලට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top