Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
18
“..ටික වෙලාවකින් ශබ්දයක් ඇහුණා. එයා මට ටයි එකක් දීලා ඒක අරගෙන යන්න කිව්වා..” - සමාගම් 9කට හිමිකම් කියන, කෝටිපති සුපිරි ව්‍යාපාරිකයා ඔහුගේම පුත්‍රයා අතින් ඝාතනය වූ හැටි - පොලිසියේදී එළියට ආ ඇඟ කිළිපොලා යන ඇත්තම කතාව මෙන්න

- “..ටික වෙලාවකින් ශබ්දයක් ඇහුණා. එයා මට ටයි එකක් දීලා ඒක අරගෙන යන්න කිව්වා..” - සමාගම් 9කට හිමිකම් කියන, කෝටිපති සුපිරි ව්‍යාපාරිකයා ඔහුගේම පුත්‍රයා අතින් ඝාතනය වූ හැටි - පොලිසියේදී එළියට ආ ඇඟ කිළිපොලා යන ඇත්තම කතාව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,810 Views
“ඒත් එක්කම කට්ටියම බොස්ගේ කාමරය ඇතුළට ආවා.”

“එයා මට කිව්වා, කවුරුත් ඇතුළට
එවන්න එපා කියලා..”


මෙරට සිදුවූ අබිරහස් අපරාධ ඉතා සූක්‍ෂ්ම ලෙස විමර්ශනය කොට ඊට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිස් නිලධාරීන් දක්වන්නේ අති දක්‍ෂතාවකි.

සාමාන්‍ය පොලිස් ස්ථානවලට කොටු නොවන භයානක අපරාධකරුවන් මෙන්ම රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධීන්වලට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමටද රහස් පොලිසිය සිදු කරන මෙහෙයුම් සුළුපටු නැත.

රහස් පොලිස් නිලධාරීන් මෙවන් සැඟවුණු අපරාධ විසදා ගැනීමට නොයෙකුත් ක්‍රම අනුගමනය කරයි. ඒ සඳහා නවීන තාක්‍ෂණ ක්‍රමවේද යොදා ගනී. ඉතා සියුම් ලෙස දීර්ඝ ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි. මෙවන් ක්‍රමවේද නිසා කිසිදු අපරාධකරුවකුට රහස් පොලිස් විමර්ශනවලින් රිංගා යෑමට කිසිදු අවස්ථාවක ඉඩ නොලැබේ.

සමහර අවස්ථාවලදී මෙවන් විමර්ශන නිමා කිරීමට රහස් පොලිස් නිලධාරීහු සති, මාස, අවුරුදු ගණන් ගත කරති. කෙතරම් කාලයක් ගත වුවද නියම අපරාධකරු කොටුකර ගැනීමට රහස් පොලිස් නිලධාරීන් දක්වන උත්සාහයට ඔවුන්ගේ දක්‍ෂකම් මෙන්ම පළපුරුද්ද ඉවහල් වන බව කිව යුතුවේ.

මෙලෙස වසර ගණනාවකට පෙර සිදුවූ මිනිස් ඝාතනයක සුලමුලත්, ඊට සම්බන්ධ වූ අපරාධකරුත් පසුගියදා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එලෙස සිදුකළ දක්‍ෂ විමර්ශනයක් හේතුවෙනි.

ශබීර් අබ්බාස් ගුලන් හුසේන් කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු උපතින්ම බෝරා ජාතිකයෙකි. ඔහු සතු දේපළ හා වත්කම් අතිමහත්ය. අපනයන සමාගම් රැසක හිමිකරුවා වන්නේද ඔහුයි. ඊට අමතරව අක්කර ගණනාවක තේ වතු කිහිපයක්ද ඔහු සතුව තිබේ. මෙරට දේපළට අමතරව සිංගප්පූරුව, ඩුබායි හා ඉන්දියාවේ පිහිටි සමාගම් කිහිපයකද ඔහු කොටස් හිමිකරුවෙකි.

මෙරට සමාගම් 9ක හිමිකරුවකු වන ගුලන් හුසේන් සතුව කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේද අක්කර ගණනාවක ඉඩම් කට්ටි තිබේ. ඉන් එක් ඉඩමක ඔහුගේ ආයතනය පිහිටා ඇත.

ගුලන්ට දරුවන් සිවුදෙනෙකි. ෆාතිමා ෂබීර් ඔහුගේ බිරියයි. ලොකු පුතා ඉද්රිෂ් ෂබීර්ය. දියණියන් දෙදෙනා ෆරීඩා හා සේනබ්ය. බාලයා අලි හස්ගර්ය. ගුලන්ගේ දියණියන් දෙදෙනා සිටින්නේ විදේශගතවය. මේ නිසා පියාගේ ව්‍යාපාරික කටයුතුවලට සහාය දෙන්නේ ගුලන්ගේ අයිය-මලෝ පුතුන් දෙදෙනාය.

ගුලන්ගේ ව්‍යාපාරික කටයුතු සිදු කරන ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේය. ඒ අක්කර තුනක භූමි භාගයක් තුළය. දෙමහල් මන්දිරයක් වන එම ආයතනයේ උඩුමහලේ දකුණු කෙළවරේ ගුලන් සිය කාර්යාලය පවත්වාගෙන යයි. ලොකු පුතා ඉද්රිෂ් මෙන්ම බාල පුතා අලීද එම ආයතනය තුළ වෙනමම කාර්යාල දෙකක රැඳී සිටිති.

සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් ලෙස නොව බෝරා මුස්ලිම් ජාතිකයන් මෙරට සිටින්නේ 3000කටත් අඩු සංඛ්‍යාවකි. ඔවුන්ට ආගම සිහිකිරීම සඳහා මෙරට ඇත්තේ පල්ලි තුනකි. සෙසු මුස්ලිම්වරු ජීවත්වන ආකාරයට වඩා සැහැල්ලුවෙන් නිදහසේ ජීවත්වන්නට ඔවුන් දක්වන්නේ දැඩි කැමැත්තකි. එමෙන්ම මොවුන්ගේ කාන්තා පාර්ශ්වයද ඒ නිදහස අගය කරති. බෝරා ජාතිකයන් බොහොමයක් දෙස් විදෙස් බොහෝ රටවල ධනවත් ව්‍යාපාරවල යෙදී සිටිති.

ගුලන් හා ඔහුගේ දරුවන්ද ගතකරන්නේ සැහැල්ලු ඔවුනට ආවේණික වූ නිදහස් ජීවිතයකි. ඊට කදිම උදාහරණයක් ලෙස ඔහුගේ බාල පුත්‍රයාගේ ජීවිතය පෙන්වා දිය හැකි බව පොලිසිය කියයි. බෝරා ජාතිකයකු වුවද අලි විවාහ වී සිටින්නේ සිංහල කාන්තාවක් සමඟිනි. මෙරට සිටි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ දියණියක් සමඟ ඔහු විවාහ වන්නේ ඇය මීට පෙරද විවාහක කාන්තාවක් බව හොඳින් දැනගෙනය. අලී ඇය භාර ගන්නේද ඇගේ දරුවාද සමඟිනි.

අලි හා ඇය ජීවත්වන්නේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ ඇයට හිමි නිවෙසකය. අලීගේ පියා ගුලන් ඔහුගේ මව හා වැඩිමහල් සොහොයුරා සමඟ බම්බලපිටිය හැව්ලොක් පෙදෙසේ සුපිරි නිවෙසක ජීවත් වෙති.

මෙලෙස බිරිය හා දරුවන් දෙදෙනාද සමඟ ව්‍යාපාර කටයුතුවල යෙදෙමින් සිටි ගුලන් ඉකුත් දවසක සිය කාර්යාලය තුළ සිහිමූර්ඡාව වැටී සිටියේ බිරිය දරුවන් මෙන්ම ආයතනයේ සේවක සේවිකාවන්ද කම්පාවට පත්කරවමිනි.

පියා සිය කාර්යාලය තුළ පිහිටි ඔහුගේ අසුන මතම සිහිමූර්ඡා වී සිටින බව දුටු ගුලන්ගේ බාල පුත්‍රයා අලි මහ හඩින් කෑගසද්දී එතැනට පැමිණි ලොකු පුතා සිය පියා මෝටර් රථයකට දමාගෙන ගියේ ඔහුට කිසියම් අසනීප තත්ත්වයක් ඇතිවී ඇතැයි සැක කරමිනි.

ඔවුන් සිය පියාව රැගෙන ගියේ කොළඹ, නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් වෙතය. රෝහල් වෛද්‍යවරුන් ගුලන් හුසේන් පරීක්‍ෂා කොට බලා පැවැසුවේ ඔහු ඒ වන විටත් මියගොස් ඇති බවකි. ඒ 2017 ජුනි නව වැනිදාය.

පසුව ඔහුගේ මරණ පරීක්‍ෂණය සිදුකළ අතර ඒ සඳහා පැමිණ සිටියේද බෝරා ජාතික වෛද්‍යවරියකි. ගුලන්ගේ සිරුර පරීක්‍ෂා කළ වෛද්‍යවරිය නිගමනය කළේ ගුලන් හුසේන් මියගොස් ඇත්තේ ස්වාභාවික කරුණක් හේතුවෙන් බවකි.

ඒ අනුව ගුලන්ගේ දේහය ඔහුගේ බිරිය හා දරුවන් වෙත මුදාහැරුණු අතර මුස්ලිම් ආගමික චාරිත්‍රානුකූලව ඔහුගේ සිරුර කුප්පියාවත්ත මුස්ලිම් කනත්තේදී එදිනම මිහිදන් කෙරිණි.

පියාගේ මරණය සැලවීමෙන් මෙරටට පැමිණි ඔහුගේ දියණියන් දෙදෙනාද පියාගේ අවසන් කටයුතුවලට එක්ව සිටි අතර ඔවුන්ට පියාගේ මරණය දැඩි ශෝකාකූලභාවයක් ගෙන දුනි.

ගුලන්ගේ අකල් වියෝව ඔහුගේ බිරියට හා දරුවන් සිවුදෙනාට දැඩි වේදනාවක් ගෙන දුන්නද කල් යත්ම ඔවුන් පියාගේ දේපළ පිළිබඳ සොයා බැලීමක නිරත වූයේ එම දේපළ බෙදා ගැනීමේ අදහසිනි.

‘තාත්තා එයාගේ දේපළ අපිට ලියලා ඇති...”

“ඔව්... සමහර විට අන්තිම කැමති පත්‍රයක් ලියල තියෙන්න පුළුවන්...”

“ඒක තාත්තගේ ඔෆිස් එකේ තියෙන්නත් පුළුවන්...”

දරුවන් අතර මෙවන් කතාබහක් ඇති වෙද්දී ඔවුන් ඒකමතික තීරණයකට එළඹිණි. ඒ පියාගේ කාර්යාලය පරීක්‍ෂා කොට අන්තිම කැමැති පත්‍රයක් ඔහු විසින් ලියා ඇත්දැයි සොයා බැලීමටය. ඒ අනුව දිනක් ගුලන්ගේ දියණියන් හා පුතුන්ද ගුලන්ගේ කාර්යාලයට ඇතුළු වූයේ පියා එලෙස අන්තිම කැමැති පත්‍රයක් ලියා ඇත්දැයි දැන ගැනීමේ අටියෙනි.

කාර්යාලය තුළට පිවිසි ඔවුන් ගුලන්ගේ කාර්යාලයේ ලාච්චු, අල්මාරි, අවුස්සමින් අන්තිම කැමැති පත්‍රය සොයන්නට දැඩි වෙහෙසක් ගත්තද ඒ සියල්ලම අසාර්ථක විණි. ඔවුන්ට විවර කර ගැනීමට නොහැකි වූයේ කාමරයේ තිබූ ගුලන්ගේ යකඩ සේප්පුව පමණි.

“ෂුවර් එකටම ඒක සේප්පුවේ ඇති”

එසේ සිතූ ඔවුන් පියාගේ යකඩ සේප්පුව විවර කර ගැනීමට දැඩි උත්සාහයක යෙදුණද එහි යතුර නොමැතිකම නිසා ඒ කර්තව්‍යය සිදු නොවිණි. ඒත් ඔවුන්ගේ සිත් තුළ සැකයක් ඇතිවිණි. ඒ පියාගේ සේප්පුව තුළ අනිවාර්යයෙන්ම ඔහු විසින් ලියන ලද අන්තිම කැමැති පත්‍රය ඇති බවය. කෝටි ගණනක දේපළ පියා විසින් කෙලෙස ලියා ඇත්දැයි දැනගැනීමට දරුවන්ගේ සිත් තුළ දැඩි ආශාවක් තිබිණි. ඒත් සේප්පුවේ යතුර සොයාගත නොහැකිවීම කාටත් ගෙන දුන්නේ මහත් වූ ගැටලුවකි.

කාලය ගෙවී ගියේය. එහෙත් දරුවන් පියාගේ සේප්පුව විවර කරගන්නට දැඩි උත්සාහයක යෙදිණි. දිනක් මෙලෙස පියාගේ කාර්යාලයට පැමිණ සේප්පුවේ යතුර සොයමින් සිටි එක් දරුවකුට සේප්පු යතුර පියාගේ කාර්යාලයේ මේසය මත තිබී සොයාගැනීමට හැකිවිය. මෙය සෙසු දරුවන්ට මහත් පුදුමයක් ගෙන දුනි. කෙසේ හෝ ඔවුන් එම යතුරෙන් සේප්පුව විවර කළේය. සේප්පුව තුළ එක් ලිපිගොනුවක් තිබිණි. එය අතට ගත් දරුවන් එය පිරික්සන්නට විය. මොහොතකින් දරුවෝ එකිනෙකාට මුහුණ බලාගන්නට වූහ.

“තාත්තා ඔක්කොම දේපළ අලීටනේ ලියලා තියෙන්නේ.”

ගුලන් සිය අන්තිම කැමැති පත්‍රයෙන් සිය වත්කම් බාල පුතුට ලියා තිබිණි. අලී ඇරෙන්නට ගුලන්ගේ සෙසු දරුවන් තිදෙනාට මේ නිසා දැඩි වේදනාවක් ඇතිවිණි. එමෙන්ම මෙය ඔවුන්ට ප්‍රහේලිකාවක්ද විය. ගුලන්ගේ බිරියටද මින් ඇති වුණේ සැකයකි.

“තාත්තා කවදාවත් ඔහොම වැඩක් කරන්නේ නැහැ.”

පියා දරුවන් හැමෝටම දේපළ බෙදා දෙනවා මිස සියලු දේපළ අලීට පමණක් ලියා දීම ගැන දරුවන් තිදෙනා තුළ ඇති වුණේ දැඩි සැකයකි.

“ඔව්. මේක කොහොමටත් වෙන්න බැරි වැඩක්. තාත්තා මේ වගේ දෙයක් කවදාවත් කරන්නේ නැහැ.

දරුවෝ එක හඩින් කියා සිටියහ. අවසානයේ දරුවන් තිදෙනා පියාගේ අන්තිම කැමැති පත්‍රය සත්‍ය ලියවිල්ලක්ද යන්න පරීක්ෂා කිරීමට තීරණය කළහ. පසුව කළ එම පිරික්සීමේදී හෙළි වූයේ පියා විසින් ලියන ලදැයි කී අන්තිම කැමැති පත්‍රය ව්‍යාජ එකක් බවය.

එම අන්තිම කැමැති පත්‍රයේ සාක්කිකරුවන් හැටියට අස්සන් කර තිබුණේ අලී යටතේ සේවය කරන කාර්යාල කාර්ය සහායකයකු හා පවිත්‍රතා සේවිකාවක් හේතුවෙන් දරුවන් තුළ දැඩි සැකයක් ඇතිවිණි.

දරුවන් ඒ පිළිබඳ එම සේවකයන්ගෙන් කළ විමසීමේදී හෙළි කරගෙන තිබුණේ එම අන්තිම කැමැති පත්‍රය තම බාල සොහොයුරු අලී විසින් සකසන ලද්දක් බවකි. ඒත් සමඟම ඔවුනට පියාගේ මරණය ගැනද ඇති වුණේ සැකයකි. අලීගේ ක්‍රියාකලාපය නිසා ඊට පෙර පියා කිහිප වතාවක්ම අලීට බැන වැදී තිබූ බවද දරුවන් දැන සිටි අතර මේ හේතුන් නිසා ගුලන්ගේ දරුවන් තිදෙනාටම පියාගේ මරණයද ඝාතනයක් දැයි සැකයක් ඇති විණි.

මෙවන් සැකය මත ගුලන්ගේ වැඩිමහල් පුත් ඉද්රිෂ් රහස් පොලිසියට පැමිණ එහි අධ්‍යක්ෂවරයා හමුවූයේ තම පියාගේ මරණය පිළිබඳ දැඩි සැකයක් පවතින බවත් පියාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට පියාගේ මරණයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගන්නා ලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කරමිනි. ඒ ඉකුත් 2018 අගෝස්තු මස 16 වැනිදාය. ඒ වනවිට රහස් පොලිස් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාය. ඔහු ගුලන් හුසේන්ගේ සැක කටයුතු මරණය සම්බන්ධයෙන් විමර්ශන පැවැරුවේ රහස් පොලිසියේ මහජන පැමිණිලි ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙතය. ඒ අනුව එම පැමිණිල්ල නිරීක්ෂණය කළ ස්ථානාධිපතිවරයා මෙම විමර්ශන සඳහා පොලිස් පරීක්ෂක තුසිත ඇතුළු කණ්ඩායමකට පවරන්නට කටයුතු කෙරිණි.

විමර්ශන ඇරඹූ නිලධාරීන් ගුලන්ගේ දරුවන් සියල්ලගේම ප්‍රකාශ ලබාගත්තේය. පියාගේ මරණය මුලින් දුටු අලීගෙන්ද ඒ මොහොතේ අලී සමඟ රැඳුණු ඔහුගේ සගයකුගෙන්ද සිද්ධිය වූ දින ගුලන් හුසේන් කාර්යාලයට පැමිණි වේලාව හා ඒ අවස්ථාවේ ඔහු හමුවූ පුද්ගලයන්ද ආයතනයේ සේවක සේවිකාවන්ගෙන් මෙන්ම පිළිගැනීමේ නිලධාරිනියගෙන්ද දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට රහස් පොලිස් කණ්ඩායම පියවර ගත්තේය.

පසුව ගුලන්ගේ දරුවන්ගේ සැකයත් සොයාගත් කරුණුත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ගුලන්ගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඔහුගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා දේහය නැවත ගොඩගැනීම සඳහා අවසර ලබාදෙන ලෙසය.

ඊට අධිකරණයෙන් අවසරය ලැබුණේය. පසුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇතුළු වෛද්‍ය මණ්ඩලයක් හා මහෙස්ත්‍රාත්වරියක් ඉදිරියේ ගුලන් හුසේන්ගේ සිරුර ඔහු මියගොස් මාස හතරකට පසු නැවත ගොඩගැනිණි. ඒ ඉකුත් 2019 ජනවාරි මස 10 වැනිදාය.

ගොඩගත් ගුලන් හුසේන්ගේ දේහය හා පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත රැගෙන ගිය අතර විශේෂඥ වෛද්‍යවරු ගුලන්ගේ මරණයට හේතුව සොයාගැනීමට දැඩි වෙහෙසක් ගත්හ.

මේ අතර සති, මාස ගණන් ගෙවී යන්නට විය. ගුලන් හුසේන්ගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව දිනෙන් දින ප්‍රමාදයට පත්විය. එහෙත් රහස් පොලිස් කණ්ඩායම දිගින් දිගටම විමර්ශන සිදුකරගෙන ගියේය. ඒ විමර්ශනවලදී අනාවරණය වූයේ ගුලන් හුසේන්ගේ මරණයට ඔහුගේ බාල පුතාගේ ක්‍රියාකලාපය බලපා ඇති බවය. ඒ සඳහා අලීගේ මිතුරකුගේ සහාය රහස් පොලිසියට ලැබිණි. ඔහු සිද්ධිය වූ දා අලීගේ ක්‍රියාකලාපය රහස් පොලිස් නිලධාරීන් ඉදිරියේ හෙළි කරන්නට විය.

“එදා බොස් උදෙන්ම ඔෆිස් එකට ආවා. ගුලන් මහත්තයා කාර්යාලයට ආවේ පහළ ඉන්න විමසීම් නිලධාරිනියටත් ආචාර කරලා. ටික වෙලාවකින් මමත් අලීත් බොස්ගේ කාර්යාලයට ගියා. එයා මට කිව්වා ගුලන් මහත්තයගේ කාර්යාලයේ ‍ෙදාර ළඟ ඉන්න කවුරුත් ඇතුළට එවන්න එපා කියලා. ටික වේලාවකින් ශබ්දයක් ඇහුණා. අලී කෑගහන්න වුණා. මමත් ඇතුළට දිව්වා. එයා මට ටයි එකක් දීලා ඒක අරගෙන යන්න කිව්වා. ඒත් එක්කම කට්ටියම බොස්ගේ කාමරය ඇතුළට ආවා. ලොකු බොසුත් ආවා. ගුලන් මහත්තයව අලීගේ කාර් එකෙන් ඉස්පිරිතාලෙට අරන් ගියා.”

ඔහුගෙන් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගත්තද රහස් පොලිස් නිලධාරීන් ගුලන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ පුත් අලී හෝ සගයා අත්අඩංගුවට ගත්තේ නැත. නිලධාරීන් සිටියේ ගුලන් හුසේන්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙනතුරුය.

ඒ අතරතුර රහස් පොලිසියේ මහජන පැමිණිලි අංශය භාර ස්ථානාධිපතිවරයා ලෙස පොලිස් පරීක්ෂක තුසිත කහගල්ල මහතා පත්විය. ඔහු යටතේ එම විමර්ශන අංශය ගුලන් හුසේන්ගේ මරණය සම්බන්ධ විමර්ශන දිගින් දිගටම සිදු කළේය.

ඒ අතරතුර රහස් පොලිසිය භාර අධ්‍යක්ෂවරයා ලෙස ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා පත් කෙරිණි. ඒ පත්වීමෙන් අනතුරුව හෙතෙම කෝටිපති ව්‍යාපාරික ගුලන් හුසේන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඇති ප්‍රමාදයත් ඒ සිද්ධියට සම්බන්ධ වූවන් ගැනත් කරුණු කාරණා විමසා බලන්නට විය.

සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුසිත සිය කාර්යාලයට කැඳවූ අධ්‍යක්ෂවරයා ගුලන් හුසේන්ගේ මරණයට අදාළ විමර්ශන සිදුකර ඊට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉක්මනින් ඉදිරිපත් කරන ලෙසත් එහි විමර්ශන කඩිනම් කරන ලෙසත් නියෝග කළේය.

මේ වනවිට පොලිස් පරීක්ෂක තුසිත ඇතුළු කණ්ඩායම ගුලන් හුසේන්ගේ මරණය සම්බන්ධව වැදගත් කරුණු රැසක් සොයාගෙන තිබිණි. ගුලන්ගේ මරණය සිදුකළේ කවුදැයි යන්න ඒ වනවිටත් නිලධාරීන් හඳුනාගෙන තිබිණි.

ගුලන් හුසේන් මරා දමා තිබුණේ ටයිපටියකින් ගෙල සිරකර බවටද නිලධාරීන් සොයාගෙන තිබිණි. ඒත් ගුලන් මරා දමන්නට උපයෝගී කරගත් ටයිපටිය සොයාගැනීමට නිලධාරීන්ට හැකි නොවීණි.

ඊට හේතුව වූයේ ටයිපටිය සාක්කිකරු විසින් ඇළකට විසිකර තිබූ නිසාය. ගුලන් ඝාතනය කිරීම සඳහා භාවිත කර තිබුණේ ඔහුගේ බාල පුතාට අයත් ටයි පටියක් බවද විමර්ශන කණ්ඩායම අනාවරණය කරගෙන තිබිණි.

ටයිපටිය ගුලන්ගේ ගෙලට දැමීම සඳහා ඔහුගේ බාලපුතුට ටයි ගැටය සකසා දී තිබුණේ සාක්කිකාර සගයා බවටද නිලධාරීන් ඒ වනවිටත් තොරතුරු සටහන් කරගෙන තිබිණි.

එහෙත් ගුලන්ගේ ඝාතකයා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට නොහැකිව තිබුණේ ගුලන්ගේ මරණය කෙසේ සිදුවී දැයි යන්න තහවුරු කරගැනීමට අවශ්‍ය අධිකරණ වෛද්‍ය වාර්තාව එතෙක් ලැබී නොතිබීමය. කෙසේ හෝ ඉකුත් දිනෙක ගුලන් හුසේන්ගේ මරණයට හේතු වූ කරුණු කාරණා සඳහන් අධිකරණ වෛද්‍ය පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් විය.

ඒ අනුව ව්‍යාපාරිකයාගේ හකු ඇටයේ පිපිරීමක් හා වම්පස ඉළ ඇටයක පිපිරීමක් සිදුවී ඇති බවත් මොට බලයකින් එල්ල වූ බාහිර පහරදීමක බාහිර පෙනුමක් පෙනෙන්නට තිබෙන බවත් එම විමර්ශනවලදී හෙළිවී තිබිණි.

පසුව ගුලන් හුසේන්ගේ මරණය ඝාතනයක් බවට එම අධිකරණ වෛද්‍ය වාර්තාව ලැබීමත් සමඟ සිද්ධිය සම්බන්ධයෙන් එක්කාසු කරගත් සාක්කිත් අනුව ගුලන් හුසේන්ගේ බාල පුත් අලී නමැත්තා ඇතුල්කෝට්ටේ පිහිටි ඔහුගේ නිවෙසේදී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමෙන් හෙළිවූයේ පියාගේ දේපළ ව්‍යාජ ඔප්පු සකසා බැංකුවකට උකස් කර තිබීම සම්බන්ධයෙන් බැංකු නිලධාරීන් පියා හමුවීමට පැමිණ ඒ බව විමසන්නට කලියෙන් තමා සිය පියා ගෙල සිරකර මරා දැමූ බවකි.

එක්ස්පෝ ඇඩම්ස් ප්‍රධාන කාර්යාලයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස්කොට සැකකාර අලී විසින් මෙරට ප්‍රමුඛ පෙළේ බැංකුවකට උකස් කර ණය මුදලක් ලබාගෙන තිබිණි. ඒ පියාට හොර රහසිනි. කලක් ණය මුදලට අදාළ වාරික මුදල් නිසි පරිදි ගෙවුවද පසුකාලීනව ඔහු දැඩි ලෙස ණය වීම නිසා අදාළ බැංකුවකට මුදල් වාරික ගෙවීම පැහැරහැර තිබිණි.

බැංකුව මේ සම්බන්ධයෙන් අලීගෙන් කිහිපවරක් විමසූ අතර ඊට ඔහුගෙන් නිසි ප්‍රතිචාර නොලැබිණි. පසුව බැංකුව ඔහු විසින් යොමු කරන ලද ඉඩම් ඔප්පුව පරීක්ෂා කිරීමේදී එම ඔප්පුව ව්‍යාජ ඔප්පුවක් බව බැංකුව අනාවරණය කරගෙන තිබිණි.

බැංකු නිලධාරීන් මේ බව ගුලන් හුසේන්ට පවසා ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊට පසුදින ඔහු හමුවීමට කාර්යාලයට පැමිණෙන බවද බැංකු නිලධාරීන් ගුලන්ට පවසා තිබේ. අලීට මේ බව දැනගන්නට ලැබී ඇත්තේ ඉන් අනතුරුවය. මින් බියට පත් අලී පියාට තමා කළ වැරැද්ද හසුවීමට ඇති ඉඩකඩ ඇහිරීම සඳහා සිය මිතුරාගේද සහාය ඇතිව සිය පියාගේ ගෙල ටයිපටියෙන් සිරකර මරා දමා ඇති බව රහස් පොලිස් නිලධාරීන් අනාවරණය කරගත්තේ ඉන් අනතුරුවය.

“අපිට මෙම පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් කරුණු කාරණා සොයාගන්නට හැකිවුණා. මේ සැකකරු පියාව ඝාතනය කිරීමෙන් පස්සේ රෝහලට ගෙනියනකොටත් පියාගේ සිරුරේ ලේ තැවරී තිබුණා. අනෙක මෙයාලා ප්‍රධාන පෙළේ රෝහල් දෙකකුත් ජාතික රෝහලකුත් පහුකරලා තමයි පියාව නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් තිබුණේ. එමෙන්ම ඔහුගේ මරණය සම්බන්ධයෙන් කරන ලද මරණ පරීක්ෂණය ගැනත් අපිට දැඩි සැකයක් තිබුණා.”

අබිරහසක් ලෙස වැළලී යන්නට තිබුණු කෝටිපතියකුගේ ඝාතනයක් අවුරුදු හතරක් තිස්සේ විමර්ශනය කරලා සොයාගෙන ඊට සම්බන්ධ පුද්ගලයාවත් අත්අඩංගුවට ගැනීමට අපිට හැකිවුණා.”

සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී රහස් පොලිසියේ ජේ‍යෂ්ඨ නිලධාරියකු කීවේය.

දේපළ හා වත්කම් ලබාගැනීමේ අරමුණෙන් සිය කෝටිපති පියා ගෙල සිරකර මරා දැමූ අජාසත්ත පුතා රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ හා අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න යන මහත්වරුන්ගේ උපදෙස් හා අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරි එච්.ආර්. වෙදමුල්ල මහතාගේ මෙහෙයවීමෙන් රහස් පොලිස් මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුසිත කහගල්ල මහතා ප්‍රමුඛ උප පොලිස් පරීක්ෂක චාමින්ද බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ පැවැති විමර්ශනවලට එක්ව සිටියහ.

රහස් පොලිසිය කරන ලද විමර්ශනයක තොරතුරු මත ලිපිය සම්පාදනය විය.

කීර්ති මෙන්ඩිස්
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top