Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
18
හිතට දුකයි..! ඇත්තටම මොකද වුණේ...?

- හිතට දුකයි..! ඇත්තටම මොකද වුණේ...?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,761 Views
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලි ජය ගැන පසුගිය සතියේ අපි ප්‍රශංසාත්මකව ලීවෙමු. මේ සතියේ පැවැති විස්සයි - 20 තරගාවලිය ගැන ලිවීමට ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. 
 
එක්දින තරගාවලියේ තරග 2-1 ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3-0ක් ලෙස කුජීත ලෙස විස්සයි - 20 තරගාවලිය ඔවුන් වෙතින් පරාජයට පත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් කිසි විටෙක බලාපොරොත්තු නොවූ සිද්ධියකි. විස්සයි - 20 තරගවලදී මීට පෙර ශ්‍රී ලංකා පිල ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායමද පරාජයට පත් කර සිටීම නිසා ක්‍රිකට් ලෝලීන් මෙම තරගාවලියද ශ්‍රී ලංකා පිල ජය ගනු ඇතැයි සිතා සිටි නමුත් සිදුවූයේ දකුණු අප්‍රිකානුවන් අපට විස්සයි - 20 ක්‍රිකට් ගැන පාඩමක් කියා දීමය.

විස්සයි - 20 ලෝක කුසලාන තරගාවලිය අබිමුව සිටියදී ගෙනදුන් මෙම පාඩම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවටද ඇස් ඇරවන්නක් විය. ප්‍රමෝදය වික්‍රමසිංහ ප්‍රමුඛ තේරීම් කමිටුව සීමිත පන්දු ඕවර ක්‍රිකට් සඳහා ජ්‍යේෂ්ඨයන් හලා තරුණ ක්‍රීඩකයන් හඳුන්වා දීමට තීරණය කළද තවමත් ඔවුන් විස්සයි - 20 තරග සඳහා සුදුසුම ක්‍රීඩකයන් සොයා ගැනීමට අසමත්ව ඇති බවත් පුහුණුකරු මිකී ආතර්ට හා නායක දසුන් ශානකට තවමත් එහි පිතිකරණ ලැයිස්තුව හරි හැටි සකස් කර ගැනීමට නොහැකිව සිටින බවත් මෙම තරග පරාජය තුළ හොඳින් කැපී පෙනිණි. 
 
මේ අනුව විස්සයි - 20 සඳහා තවමත් ආරම්භක පිතිකරු යුගල පිළිබඳවද ගැටලුවක් පවතී. කුසල් ජනිත් පෙරේරා නොමැති වුවහොත් තවමත් ආදේශකයෙක් නොමැත. දිනේෂ් චන්දිමාල්ගේ ආගමනයෙන්ද කණ්ඩායමට ලැබුණු ජයක් පෙනෙන්නට නැත. අවිශ්ක ප්‍රනාන්දු ද විස්සයි - 20 ඔහුට තවමත් නුහුරු බවක් පෙන්වයි. අංක 3ටද ස්ථාවර කළ හැකි පිතිකරුවකු නොමැත. තමන්ට බලවත් අසාධාරණයක් වූ බව මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරමින් ඒ නිසා පාලක මණ්ඩලයෙන් දඩ මුදලකුත් කා යළි කණ්ඩායමට එක් වූ භානුක රාජපක්‍ෂ තමන් එසේ ආ ගමනින් කණ්ඩායමට සේවයක් කරනු දක්නට නොලැබිණි. මෙය බොහෝ ක්‍රීඩකයන්ට පාඩමක් ඉගෙන ගත හැකි කරුණක් වනුයේ කතාවට වඩා පිත්තෙන් කතා කිරීම සුදුසු බව පසක් කරමිනි. 
 
චරිත් අසලංක යනු එක්දින හා දීර්ඝකාලීන ක්‍රිකට් ක්‍රීඩාවට සුදුස්සකු වුවද ඔහුවද විස්සයි - 20ට පටලැවීමෙන් තේරීම් කමිටුව සිදු කළේ පැතුම් නිස්සංකට කළ හානියමය. තමන්ට නුහුරු විස්සයි 20ටද ඇද දමා අද පැතුම් නිස්සංකට වූ දෙයක් අසන්නටවත් නොමැත. ඔහුගේ විශ්වසනීයත්වය තේරීම් කමිටුව විසින් බින්දුවට ඇද දමා ඇත. අශේන් බණ්ඩාරටද කළේ එයමය. තරුණ ක්‍රීඩකයන් ඉදිරියට ගෙන ඒම හා අවස්ථාව ලබාදීම තේරීම් කමිටුව විසින් සිදු කළ නැණවත් ක්‍රියාවක් වුවත් එසේ ගෙන ආ ක්‍රීඩකයන් වැරදි ෆෝමැට්වල ගැසීමෙන් ඔවුන්ට සිදු කරන ලද්දේ බලවත් හානියකි. 
 
මෙසේ තවත් අසාධාරණයකට ලක්වන ක්‍රීඩකයෙකි චාමික කරුණාරත්න. මොහු ප්‍රබල කණ්ඩායම් හැඟීමකින් තරග වදින ක්‍රීඩකයෙකි. පන්දු යැවීම මෙන්ම පන්දුවට පහර දීමේදී ද ඔහු දක්‍ෂතා පෙන්වුවත් එක්කෝ පුහුණුකරු හෝ නායකයාගෙන් ඔහුගේ දස්කම් උපරිම ලෙස ලබා ගැනීමට සහායක් නොලැබෙන බව පැහැදිලිව පෙනේ. ඕනෑම අවස්ථාවක පිටියෙන් ඉවතට යන පහරක් එල්ල කළ හැකි ක්‍රීඩකයකු වුවද පිතිකරණ ලැයිස්තුවේ ඔහුට ලැබෙන්නේ අංක 8 හෝ 9 ස්ථානයයි. පන්දු යැවීමේදී ද ලැබෙන පන්දු ඕවර සංඛ්‍යාව ඉතාමත් සීමිතය. ඉන්දියාවේ හර්ෂික් පාන්ඩ්‍යා මෙන් සැලකිය හැකි නම් මේ ක්‍රීඩකයන්ගෙන් කණ්ඩායමට අවශ්‍ය සේවය නිසි පරිදි ලබා ගත්තේ නැත. 
 
කමිඳු මෙන්ඩිස් අත් දෙකින් පන්දු යැව්වද ජාත්‍යන්තර මට්ටමේදී ඔහුගේ පන්දු යැවීම තවමත් ප්‍රාථමික මට්ටමේය. 
 
විනෝද් භානුක කඩුලු රකින්නා හා අවිශ්කගේ සහායක ආරම්භක පිතිකරු ලෙස එක්දින තරගාවලියේ කැපී පෙනෙන දෙයක් කළද විස්සයි - 20දී ඔහුව අමතක කර දැමීම තේරීම් කමිටුවේ අමනෝඥකමකි.
 
තේරීම් කමිටුව විසින් පළපුරුදු ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාව තරග සඳහා යොදා ගනු ලැබුවේද කිසිදු වගකීමකින් තොරවය.
 
කොවිඩ් රෝගයෙන් පසු ඔහුට නිසි පරිදි 100%ක් සුව වීමට ඉඩ නොහැර තරගාවලිය මධ්‍යයේ යොදා ගැනීමෙන් සිදු වූයේ ඔහුට විස්සයි 20 ලෝක සූරතාවත් අහිමි කිරීමය.
 
ඔහු පන්දුවට පහර දෙද්දී හති දමමින් සිටි ආකාරයත් පන්දු රැකීමට නොපැමිණීමත් පෙන්වන්නේ කණ්ඩායමේ ක්‍රීඩක ශරීර යෝග්‍යතා මැනීමේ අංශයද බෙහෙවින් දුර්වල බවය.
 
කඩදාසි කුට්ටම අනා එළියට අදින කොළයක් ගැනීමේ න්‍යාය බොහෝ කලක් ක්‍රිකට් තේරීම්වල තිබිණි. වාර්තාවන අන්දමට අපේ පාපන්දුව පහත මට්ටමක තිබුණත් එහි පුහුණුකරු වන විදෙස් ජාතිකයා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ පැහැදිලි ක්‍රමවේදයක් සකස් කර තිබේ. එහෙත් ක්‍රිකට්වල තවමත් එවැන්නක් දකින්නට නොමැත. 
 
තේරීම් කමිටු පත් කරන ජාතික තේරීම් කමිටුවටද මෙහිදී කාර්යභාරයක් ඇත. ඒ සියලු තේරීම් කමිටු සිදුකරන තේරීම් පිළිබඳ අධ්‍යයනය කර නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කිරීමයි. නොඑසේ නම් සිදුවනුයේ සාම්ප්‍රදායානුකූලව තෝරා ගනු ලබන කණ්ඩායම් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමත් ඔහු විසින් එයට අස්සන් තැබීමත් පමණි. තේරීම් කමිටුවලටද තමන් සිදුකරන තේරීම් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් අත්‍යවශ්‍යය. 
 
මේ අතර කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකු වුවමනාවෙන්ම අඩු දස්කම් දැක්වූ බවට මාධ්‍ය මඟින් වාර්තා කෙරිණි. එහෙත් එවැන්නක් නොමැති බව ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් මඟින් දන්වන ලදී. 
 
ගින්නක් නැතිව දුමක් නඟින්නේද නැත. අදාළ ක්‍රීඩකයන් දෙදෙනාගේ විස්සයි 20 තරග තුනේ ක්‍රියාකලාපය දුටු විට බොහෝ දෙනකුට සැක පහළ වීම පුදුමයට කරුණක් නොවේ. ක්‍රිකට් ආයතනයේ වැටුප් ලබන පූර්ණ කාලීන දූෂණ වංචා සොයන නිලධාරීන් දෙදෙනකු සිටී. වසර ගණනක් මුළුල්ලේ ඔවුන් ඇල්ලූ මීයකුද නැත. එසේ නම් මැටි බළලුන් සේ නොසිට ක්‍රීඩකයන්ගේ ප්‍රශ්නගත හැසිරීම් ගැන සොයා බැලීම ඔවුන් වෙතින් සිදුවිය යුතුය. 
 
කණ්ඩායමේ පුහුණු අංශයද වහාම යම්කිසි වෙනසකට භාජන විය යුතු බව බොහෝ දෙනාගේ මතයයි. ප්‍රතිවාදී කණ්ඩායමේ දක්ෂතා හා අඩුපාඩු සොයා බැලිය යුතු විශ්ලේෂක අංශයේ අඩුවක් හෝ ඒවා විශ්ලේෂණය කිරීමේ නොහැකියාවක් පුහුණු අංශයේ තිබිය යුතුය. ප්‍රතිවාදී කණ්ඩායමේ සම්ෂි වැනි චයිනමන් පන්දු යවන්නකු අධ්‍යයනය කරගත නොහැකි වීමත් පුහුණුවේදී භාවිත කළ හැකි එවැනි පන්දු යවන්නකු වන ලක්‍ෂාන් සඳකැන් වැනි චයිනමන් පන්දු යවන්නකු බංකුවේ හෝ රඳවා නොගෙන කණ්ඩායමෙන් ඉවතට දැමීමත් කැපී පෙනේ. 
 
අපිට යෝග්‍ය තණතීරු සැකසීමේදී ද කණ්ඩායමට අවශ්‍ය පරිදි තණතීරු සකස් නොකෙරේද එසේත් නොමැති නම් එම තණතීරුවල හරි කණ්ඩායම නොයොදන්නේද එසේත් නැත්නම් නායකයා පන්දු යවන්නන් තණතීරුවේ හැටියට යොදා නොගත්තේද යන්නද ගැටලුවකි. 
 
අවසන් විස්සයි 20 තරගයේ එය කැපී පෙනිණි. දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන් හොඳින් පන්දු යැවූ එම තරගයේ අපේ වේග පන්දු යවන්නන් යොදා ගත්තේ පන්දු ඕවර තුනකට පමණි. 
 
පෙනෙන ආකාරයට මිකී ආතර් මේ ගත කරන්නේ ඔහුගේ ශ්‍රී  ලංකා පුහුණුකරු ධුරයේ අවසන් භාගයේය. ඔහුගේ කොන්ත්‍රාත්තුව වසර අවසානය තෙක් තිබුණද විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු වඩාත්ම සුදුසු අයකු තෝරා ගැනීම ක්‍රිකට් බලධාරීන්ගේ වගකීමකි. 
 
අවිෂ්ක ගුණවර්ධනට අවුරුදු 19න් පහළ කණ්ඩායම භාරදීම ක්‍රිකට් බලධාරීන් විසින් සිදුකරන ලද නුවණක්කාරී ක්‍රියාවකි. එසේම ජාතික පිලටද වඩාත් සුදුස්සකු ඉදිරියේදී තෝරා ගැනීමද අනිවාර්යයෙන් සිදුකළ යුත්තකි.
 
 සහන් රවිඳු
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top