Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
18
පාස්කු ප්‍රහාර පරීක්ෂණ යට ගැසීමේ චෝදනා හරහා කරළියට එන පාඨලී - සිරිල් ගාමිණී හවුල් කුමන්ත්‍රණය - Video

- පාස්කු ප්‍රහාර පරීක්ෂණ යට ගැසීමේ චෝදනා හරහා කරළියට එන පාඨලී - සිරිල් ගාමිණී හවුල් කුමන්ත්‍රණය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,520 Views
පසුගිය දා විකාශය වූ හිරු සලකුණ වැඩ සටහනේ දී බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් නැවතත් පාස්කු ප්‍රහාරය ආකාරයේම ප්‍රහාරයක් සිදුවිය හැකි බවට සිදුකළ හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු පදවි පාර්ශ්වයෙන් පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.
 
එහිදී අදහස් දැක්වූ සිරිල් ගාමිණී පියතුමන් සිදුකළ ඇතැම්  ප්‍රකාශ සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් ප්‍රතිචාර දක්වා තිබුණා.

සිරිල් ගාමිණී පියතුමන් අදාල ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා සිංහලේ ජාතික සංවිධානය විසින් කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ එහි ප්‍රධාන කැඳවුම්කරු ප්‍රදීප් සංජීව කියා සිටියේ 2025 ජනාධිපතිවරයා වීමේ සිහිනය දකින පුද්ගලයෙකු සහ මීළඟ කාදිනල් තනතුරට පත් වීමට බලාපොරොත්තුවෙන් සිටින පියතුමන් කෙනෙකු මෙම සිද්ධිය දඩමීමා කරගනිමින් බොරදියේ මාළු බෑමේ උත්සාහයක නිරතව සිටින බවයි.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සිංහලේ ජාතික සංවිධානයේ කැඳවුම්කරු ප්‍රදීප් සංජීව කියා සිටියේ පාඨලී චම්පික රණවක 2025 වසරේ ජනපති වීමේ සිහිනය දකිමින් සිටින බවයි.
 
එමෙන්ම කතෝලික සභාවේ මීළඟ කාදිනල්වරයා වීමට සිරිල් ගාමිණී පියතුමන් ඇඟිලි ගනිමින් සිටින බවත් ප්‍රදීප් සංජීව මෙහිදී අනාවරණය කළා.
 
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ සිරිල් ගාමිණී පියතුමන් අතර හමුවක දී සිදුවූ සංවාදයක හඩ පටයක් ද මාධ්‍යයට ඉදිරිපත් කරමින් කියා සිටියේ දින අටක් පුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරන ලද ෂෙහාන් මාලක නැමැති පුද්ගලයෙකු විසින් රදගුරු සභාවේ මීළඟ කාදිනල් වීම සඳහා සිහින දකින පියතුමන් සහ 2025 වසරේ ජනාධිපති වීමේ අපේක්ෂාවෙන් පසුවන පාඨලී චම්පික රණවකව අතර පැවති මෙම හමුව සංවිධානය කළ බවයි.
 
තවත් කතෝලික පියතුමන්ලා කිහිප පළක් ම එක්ව සිටි මෙම හමුව සිදුව තිබුණේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි කතෝලික පල්ලියකදී බවයි ප්‍රදීප් සංජිව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
 
එහිදී ජූලියන් නැමති පියතුමෙක් පාඨලී චම්පිකට හඳුන්වාදීමට ෂෙහාන් නමැති පුද්ගලයා කටයුතු කර ඇති බවත් ඔහු අනාවරණය කළා.
 
කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි දේවස්ථානය භාරව සිටින ජූලියන් නැමති පියතුමා විසින් සිදුකළ විනය විරෝධී කටයුත්තක් හේතුවෙන් කාදිනල්තුමා විනය නියෝගයක් පැනවීම හේතුවෙන් එම පියතුමා කාදිනල්තුමා සමඟ වෛරයකින් සිටින බවත් ප්‍රදීප් සංජීව මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සඳහන් කර සිටියා.
 
එලෙස කාදිනල්තුමා සමඟ වෛරයකින් පසු වන ජූලියන් නැමති පියතුමා සිරිල් ගාමිණි සහ රොහාන් සිල්වා යන පියතුමන්ලා හා එක්ව කාදිනල්වරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හඬ නැගීම අතහැර තිබෙන බවට විශාල ප්‍රචාරක වැඩපිළිවෙළක් දියත් කරමින් කාදිනල්වරයා ආණ්ඩුව සමඟ හිතවත් නිසා පාස්කු ප්‍රහාරය යට ගසමින් සිටින බැවින් කාදිනල්වරයා ඉවත් කළ යුතු බවට මතයක් නිර්මාණය කරන බවත් ප්‍රදීප් සංජීව සඳහන් කළා.
 
2025 ජනාධිපති වීමේ සිහිනය දකින පාඨලී චම්පික රණවක සහ කතෝලික සභාවේ මීළඟ කාදිනල්වරයා වීමට බලාපොරොත්තුවෙන් සිටින සිරිල් ගාමිණි පියතුමාත් එකතු වී සිදුකිරීමට යන්නේ කුමක්ද යන්න පිළිබඳව බරපතළ ගැටලුවක් මතු වී ඇති බවත් කුමක් සිදු කළ ද ඒ දෙස සිය සංවිධානය දැඩි අවධානයකින් බලා සිටින බවත් සිංහලේ සංවිධානයේ ප්‍රදීප් සංජීව එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රදීප් සංජීව කියා සිටියේ සිරිල් ගාමිණී පියතුමා එක්කෝ දොන් ගේ චරිතය නැතහොත් ජුවන්ගේ ගේ චරිතය රඟපෑ යුතු බවයි.
 
දොන් නම් දොන් ජුවන් නම් ජුවන් එහෙම නැතුව දොන්ජුවන් දෙකක් බෑ ප්‍රදීප් සංජීව අවධාරණයෙන් කියා සිටියා.
 
මේ අතර එම මධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් පුජ්‍ය මැඩිල්ලේ  පඤ්ඤාලෝක හිමියන්  සඳහන් කළේ "2017 වසරේ දී, කාදිනල් තුමන්ව මුණ ගැසිලා ඥානසාර හාමදුරුවෝ මෙවැනි ප්‍රහාරයක් පිළිබඳව දැනුවත් නොකළ බවට සිරිල් ගාමිණි පියතුමා කියනවා. ඇත්තටම ඒක කියන්නට ඕන කාදිනල්තුමා කියලයි අපි විශ්වාස කරන්නේ. ඊට හේතුව කාදිනල් තුමන් සමඟ කරපු පුද්ගලික සාකච්ඡාවකට සිරිල් ගාමිණි පියතුමන් ඉඳලත් නෑ. අපේ ඥානසාර හමදුරුවන් වහන්සේ, හිරු සලකුණේ දී කරපු ප්‍රකාශයට හැරෙන තැපැලෙන් ප්‍රතිචාර දැක්වීමට තිබූ උනන්දුව මීට කලිනුත් තිබ්බා නම් ඇත්තටම මෙවැනි ප්‍රහාරයක් එල්ල නොවි අහිංසක මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න තිබුණා කියන හැඟීමයි අපිට තාමත් ඇති බවයි."


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top