Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
18
"අකිල දැන් ඔතනට ඒවි... පොඩ්ඩක් තියාගන්න..." - එල්ලේ ක්‍රීඩකයාට මරු කැඳවූ ග්‍රාම සේවක බිරියගේ සැලසුම හෙළි වෙයි - හමුදා නිලධාරීන්වත් සම්බන්ධ කරගෙන

- "අකිල දැන් ඔතනට ඒවි... පොඩ්ඩක් තියාගන්න..." - එල්ලේ ක්‍රීඩකයාට මරු කැඳවූ ග්‍රාම සේවක බිරියගේ සැලසුම හෙළි වෙයි - හමුදා නිලධාරීන්වත් සම්බන්ධ කරගෙනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,271 Views
නෑ... මේ මගේ මහත්තයගෙ බොඩි එක නෙමේ...
 
රණවිරුවන් දිව රෑ වෙහෙසෙද්දී අතළොස්සක් දෙනා සමස්ත රණවිරුවන්ගේ නාමයටම අවමන් සහගත සිදුවීම්වලට එක්ව සිටී. පසුගියදා එලෙස මිනිස් ඝාතනයක් සිදු කිරීමට සම්බන්ධ වූ මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ යුද හමුදා සාමාජිකයන් පිරිසක් පිළිබඳව යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයාද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ පිළිබඳව යුද හමුදා පොලිස් හේවා බළකායෙන්ද පරීක්ෂණයක් සිදු කරන බවත් එහි පොලිස් විමර්ශන සඳහාද උපරීම සහාය ලබා දෙන බවත්ය. එසේ ඝාතනය වී ඇත්තේ 37 හැවිරිදි පිංචා දේවගේ අකිල සම්පත් රත්නසිරි නමැත්තෙකි.

ඔහු මට්ටක්කුලිය, සමිට්පුර ග්‍රාම නිලධාරිනිය වන 35 හැවිරිදි ආසිරි උදයංගිකා ඇන්තනීගේ සැමියායි.
 
ඉකුත් අගෝස්තු 17 වැනිදා සිදුවූ එම ඝාතනය පිළිබඳව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සිදු කළ විමර්ශන අනුව ඝාතනය වූ අකිලගේ බිරිය වන ග්‍රාම නිලධාරිනිය ඇතුළු හමුදා සාමාජිකයන් අට දෙනෙකුද පසුගිය බදාදා වන විට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී. එම ඝාතනය සිදු වී ඇත්තෙ අකිලගේ බිරිය ග්‍රාම නිලධාරිනියගේ අනුදැනුම මත ඇයගේ යුද හමුදා සාමාජික අනියම් සැමියා වන කෝප්‍රල් සුසන්ත පෙරේරා නමැත්තා සහ තවත් යුද හමුදා සාමාජික කණ්ඩායමක් අතිනි.
 
කිල සම්පත් රාගම, වල්පොළ, අංක 68/ඒ ලිපිනයේ පදිංචිකරුවෙකි. ඔහුට වැඩිමහල් සොහොයුරියක් පමණක් සිටි. අකිල ප්‍රදේශයේ ප්‍රසිද්ධ දක්ෂ එල්ලෙ ක්‍රීඩකයෙකි. මුලින්ම වල්පොළ ශ්‍රී උදාර, අනතුරුව වල්පොළ සොහොයුරෝ එල්ලේ කණ්ඩායමෙන් පසු ලංකාවේ ප්‍රසිද්ධ එල්ලෙ කණ්ඩායමක් වන තොටළඟ අරුණ කණ්ඩායමද නියෝජනය කිරීමට අකිල වරම් ලද්දේය. ඊට අමතරව අකිල එල්ලේ ක්‍රීඩාවෙන් පෑ හපන්කම් නිසා වරාය අධිකාරිය කණ්ඩායමටද බඳවාගත්තෙ එහි රැකියාවක්ද පිරිනමමිනි. අකිල මීට අවුරුදු කිහිපයකට පෙරදී උස්වැටකෙයියාවේ පදිංචිව සිටි උදයංගිකා හා විවාහ වූයේ ආදර සබඳතාවකිනි. මේ වන විට ඔවුන් දෙදෙනාට දාව කුඩා දරුවන් තිදෙනෙකි. විවාහයෙන් පසු 2014 වසරේදී උදයංගිකාට ග්‍රාම නිලධාරි තනතුරක් හිමි වෙමින් ඇයගේ කොට්ඨාසය වූයේ මට්ටක්කුලිය, සමිට්පුරයි. කාර්යාලය පිහිටියේ මට්ටක්කුලිය පොලිසියට යාබද විහාරස්ථාන භූමියේයි.
 
උදයංගිකා ඉතාම හොඳින් රැකියාව කරමින් සිටි අතරේදී තෙවැනි දරුවාද මෙලොව බිහි කළාය. ඉන් අනතුරුව මෙකී පවුලට කණකොකා හඬලන්නට වූයේ අකිල සිය බිරියගේ ඥාති නැන්දනියක් සමඟ ආදර සබඳතාවක් ආරම්භ කිරීමත් සමඟිනි. එම සබඳතාව දුරදිග යමින් අකිල එකී කාන්තාව සමඟ හොරණ ප්‍රදේශයේ නිවෙසක්ද කුලියට ගෙන වෙනම වාසය කරන්නට විය. ඔහු දරුවන් බැලීමට රාගම නිවෙසට ආව ගියේ සතියකට වතාවක් පමණි. ඒ අතර අකිලගේ වරාය අධිකාරියේ රැකියාවද අහිමි වූයේය.
 
මේ අතරේ අකිල දැඩි සේ අයිස් මත්ද්‍රව්‍යයටද ඇබ්බැහි වී මත්ද්‍රව්‍ය ජාවාරමටද සම්බන්ධව සිටියේය. 2020 ජනවාරි මාසයේ දිනෙක අකිලගේ අනියම් බිරිය හිටිහැටියේම මිය ගියාය. නැවතත් අකිල නිත්‍යානුකූල බිරිය හමුවට ඒමට පටන්ගත්තේය. ඒ වන විට ඔහුගේ බිරිය උදයංගිකා අනියම් සබඳතා කිහිපයකටම මුල පුරා තිබුණාය. ඒත් සමඟ දෙදෙනා අතර නිතර ගැටුම් හට ගැනුණේ එම සබඳතා නිසාවෙනි. ඊට අකිලගේ දැඩි මත්ලෝලි භාවයද හේතු විය. එම ගැටුම් දුරදිග යාමෙන් රාගම පොලිසියටද පැමිණිලි කිහිපයක් ලැබුණේය.
 
ඒ වෙද්දී උදයංගිකා මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ කෝප්‍රල්වරයෙක් වන සුසන්ත පෙරේරා හා අනියම් සබඳතාවක් පවත්වාගෙන යමින් සිටියාය. කෝප්‍රල්වරයාට ඇයව හමුවී තිබුණේ සමිට්පුර ප්‍රදේශයේ බුද්ධි තොරතුරු රැස් කිරීමට ග්‍රාම නිලධාරිනියගේ සහාය ලබා ගැනීමට ගිය අවස්ථාවලදියි. අනතුරුව දෙදෙනා අතර සබඳතාව බොහෝ දුරදිග ගොස් තිබුණේ ග්‍රාම නිලධාරිනියගේ පවුලේ වූ ආරවුල්ද නිසාවෙනි.
 
එසේ කල් ගෙවෙද්දී ඉකුත් අගෝස්තු මස පළමු සතියේ උදයංගිකා හඳුනාගත් පුද්ගලයකු සහ පිරිසක් සමඟ නුවර ගොස් තිබුණේ දරුවන්ද සමඟිනි. ඇය නුවර ගොස් සතියක පමණ කාලයක් ගතකර තිබුණාය. ඇය අගෝස්තු 11 වැනිදා නුවර සිට කොළඹ පැමිණියාය. එහෙත් ඇය රාගම නිවෙසට නොගියාය. ඇය උස්වැටකෙයියාවේ සහ දෙමටගොඩ ඥාති නිවෙස්හි විසූවේය. දිනක් අකිල පැමිණ නැවත නිවෙසට කැඳවාගෙන ගොස් තිබුණත් සුපුරුදු ලෙස දෙදෙනා අතර අඩදබර විය. කෙසේ හෝ ඇය 12 වැනිදා සිට 14 වැනිදා දක්වා රාගම නිවෙසේ ගත කළාය. ඒ අතර දිනවලදී රාගම නිවෙස අවට කිසියම් කණ්ඩායම් කිහිපයක්ම සැරිසැරූ බව පොලිසිය මේ වන විට හෙළිදරව් කරගෙන තිබේ. ඒ පිරිස් එලෙස සැරිසරා ඇත්තේ උදයංගිකාගේ අනුදැනුම මත බවත් හෙළි වේ. ඇය නැවතත් 15 වැනිදා සමිට්පුර කාර්යාලයට ගියාය. 16 වැනිදා රාගම නිවෙසේ සිටි අකිල නිවෙසෙන් ගොස් තිබුණේ මත්ද්‍රව්‍ය රැගෙන ඒමටයි. එසේ ඔහු ගිය සැණින් එදින සවස් යාමයේ උදයංගිකාද දරුවන් රැගෙන ගියේ දෙමටගොඩ ඥාති නිවෙසටයි. 17 වැනිදා දිනය උදා විය. අකිලට මාරයා කැන්දූ දිනයයි. එදින පෙරවරුවේ අකිල බිරිය සොයන්නට වූයේය. ඔහු උස්වැටකෙයියාවේ ගොස් බිරිය නොසිටි හෙයින් කේන්තියෙන් පසු වූයේය. බිරියට ඇමැතුමක් ගත් විට ඇය කාර්යාලයේ සිටින බව ඔහුට ඇය පැවසුවාය.
 
එහෙත් උදයංගිකා ඒ වන විට කාර්යාලයට පැමිණ සිටියේ නැත. ඇය ඇමැතුමක් ගෙන කාර්යාලයේ වෙනත් සේවිකාවකට කීවේ,
 
“අකිල දැන් ඔතනට ඒවි... පොඩ්ඩක් තියාගන්න...“ ඒ ඇයගේ කිසියම් සැලැස්මක් මතයි.
 
එලෙස කාර්යාලයට පැමිණි අකිල පෙරවරු 11.30ට පමණ කණ්ඩායමක් පැමිණ ඔවුනගේ බාරයට ගෙන පැහැරගත්තෙ එම ස්ථානයේදීයි. ඒ, මත්කුඩු ජාවාරම්කරුවකු බවට හඟවමිනි.
 
අනතුරුව අකිලට එම විහාරස්ථාන භූමියේදීම පහරදී රැගෙන ගොස් ඇත්තෙ මාදම්පිටිය කැලෑබද ප්‍රදේශයටයි. එදින රාත්‍රී 11 පමණ වන තෙක් එම ස්ථානයේ රඳවාගෙන ඔහුට දස වද දී ගෙළ සිරකොට ඝාතනය කර ඇත්තේත් එම ස්ථානයේදී බවට සැල වේ. පසුව අකිලගේ නිසල සිරුරේ ගෙළෙහි ගල් බහාලු බෑගයක් ගැටගසා සිරුර රැගෙන ගොස් ඇත්තෙ සේදවත්ත කළු පාලම මතටයි. එසේම එම ස්ථානයට අකිල පැමිණි යතුරුපැදියද ගෙනැවිත් එයද කොටස්වලට ගලවා ඔහුගේ සිරුර සමඟ කැලණි ගඟට දමා තිබුණේ අපරාධය කළවුන් එකී අපරාධය සදා වැළලී යාවි යැයි සිතමිනි.
 
එහෙත් අපරාධකරුවන් නොසිතූවක් සිදුවන්නෙ ඊට දින කීපයකට පසුවයි.
 
කෙසේ හෝ අකිල පැහැර ගැනීමට සැලැසුම ක්‍රියාත්මකකොට අකිලගේ බිරිය එදින දහවලේ දෙමටගොඩ මංගල උත්සවයකට සහභාගි වීමට ගියාය. ඇය 19 වැනිදා රාගම පොලිසියට පැමිණිලි කළේ සිය සැමියා අතුරුදන් වී ඇති බව සඳහන් කරමිනි. ඒ කිසිවක් නොදත් බව ලෝකයාට හැඟවීමට මෙනි. එසේම ඊට පසුදා එනම් 20 වැනිදා අකිලගේ එකම සහෝදරියද තම සහෝදරයාගේ අතුරුදන්වීම පිළිබඳව රාගම පොලිසියට පැමිණිල්ලක් කළාය.
 
ඒ අතර අගෝස්තු 20 වැනිදා දහවල් 10ට පමණ මුහුදේ සිට කාක දූපතට ගොඩගසා තිබූ හඳුනා ගැනීමට අපහසු මළසිරුරක් පිළිබඳ පුවත ප්‍රදේශය පුරා ළැව්ගින්නක් සේ පැතිර ගියේය. එම තොරතුරු පිළිබඳව එවකට කොළඹ උතුර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනියට සැලවීමත් සමඟ ඒ පිළිබඳ විමර්ශන බාර කෙරුණේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් ශ්‍රියන්ත ප්‍රමුඛ කණ්ඩායමටයි. ඒ අනුව ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස ගොස් සිරුර පිළිබඳව සොයා බැලුවේය. ඒ වන විට සිරුරෙහි මුහුණ හඳුනා ගැනීමට අපහසු තරමටම විකෘති වී තිබුණේය.
 
විමර්ශන නිලධාරින්ට එම මළසිරුරේ අගක්-මුලක් අනාවරණය කරගැනීම ඉතාම සංකීර්ණ වී තිබුණේය. ඔවුහු පොටක් පාදා ගැනීම සඳහා යම් යම් තොරතුරු ඔස්සෙ රට වටේම කරක් ගැසුවත් පලක් නොවීය.
 
සිරුර හමුවී දින තුනකට පසු එනම් අගෝස්තු 23 වැනිදා මේ පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීමේ අරමුණින් විකෘති මළසිරුරේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක්කිරීමට විමර්ශන නිලධාරිහු තීන්දු කළහ. එදින සවස් වෙද්දීම සමාජ මාධ්‍ය ඔස්සේම විමර්ශන නිලධාරින්ට තොරතුරු ගලා එන්නට වූයේ රාගම ප්‍රදේශයේද මෙවැනිම තරුණයකුගේ අතුරුදන් වීමක් සිදුව ඇති බව සඳහන් කරමිනි. ඒත් සමඟ රාගම පොලිසියට ලැබී තිබූ පැමිණිලි දෙකම පරීක්ෂාවට ලක්කිරීමට කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරිහු කටයුතු කළහ. එම පැමිණිලි පාර්ශ්වයන්හි ප්‍රකාශ සටහන් කරගනිද්දී අතුරුදන්ව සිටි අකිලගේ බිරිය ග්‍රාම නිලධාරිනිය පවසන්නට වූයේ,
 
“නෑ... නෑ... මේ මගේ මහත්තයගෙ බොඩි එක නෙමේ... එයා මැරෙන්න විදිහක් නෑ...“ යනුවෙනි. එලෙස පවසමින් ඇය ලිස්සා යෑමට තැත් කළත් අකිලගේ සහෝදරිය සිරුරේ වූ ඇඳුම් මඟින් මළසිරුර තම එකම සහෝදරයාගේ බව හඳුනා ගනිමින් හඬා වැටෙද්දී අකිලගේ බිරියටද ගැලවීමක් නොමැති වූවාය.
 
ඒ ඔස්සේ විමර්ශන සිදු කරමින් අකිලගේ බිරියගේ දුරකථන විශ්ලේෂණ ඇතුළු බොහෝ තොරතුරු ඔස්සෙ මෙකී ඝාතනයේ සුලමුල මේ වන විට අනාවරණය වී අවසානය.
 
කෙසේ හෝ මේ වන විට කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමේ සියුම් විමර්ශනයෙන් දින 21ක් තුළදී මීට වගකිවයුතු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත්වීමද විශේෂත්වයකි.
 
උපුටාගැනීම - සිළුමිණ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top