Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
“...හොරෙන් බලන්නේ මොනවද මැජික්ද? අපිට නිදහසේ නා ගන්නවත් නෑ. ඔය තාප්පෙ ටිකක් උස්සලා බැඳගන්නවකෝ..” - ගැහැනියක් නාන දෙස බැලූ වරදට ජීවිතයක් බිල්ලට ගත් හැටි, පානදුර ප්‍රදේශයෙන් ඇහෙන ඇඟ හිරි වැටෙන කතාව මෙන්න

- “...හොරෙන් බලන්නේ මොනවද මැජික්ද? අපිට නිදහසේ නා ගන්නවත් නෑ. ඔය තාප්පෙ ටිකක් උස්සලා බැඳගන්නවකෝ..” - ගැහැනියක් නාන දෙස බැලූ වරදට ජීවිතයක් බිල්ලට ගත් හැටි, පානදුර ප්‍රදේශයෙන් ඇහෙන ඇඟ හිරි වැටෙන කතාව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,464 Views
“සර් අර ත්‍රීවිල් එකේ ගිය උන් මේ පැත්තේ
දෙන්නෙක් කපලා දාලයි ඔය පනින්නේ..”

පානදුර, පිංවත්ත යන නම ඇසෙන විට අතීතයේදී නම් සිහියට එන්නේ වලියට බර මිනිසුන් ඉන්න ප්‍රදේශයක් ලෙසයි. එමෙන්ම රත්මලානේ ගොනාකෝවිල කී විට ඊට නොදෙවිනි චිත්‍රයක් මැවෙනවා.

මෙය ප්‍රසිද්ධ වීමට ප්‍රධාන හේතුවක් වූයේ රොහාන් නම් පාතාල කල්ලි නායකයා ගොනා කෝවිල රොහා ලෙසින් වීමයි.

කෙසේ වුවත් මේ කතාවට පාදක වන්නේ ගොනාකෝවිලේ පිරිසක් පැමිණ පිංවත්තේ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක්.

පානදුර නගරයේ ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කරන සුනිල් රංජිත් සිල්වා පනස් හතර හැවිරිදි තිදරු පියෙක්. ඔහුගේ වැඩිමහල් පිරිමි දරුවන් දෙදෙනාම විවාහ වී සිටි අතර බාල දියණිය අවිවාහකයි.

සුනිල් උදේ සවස රැකියාවට ගියේ මස්සිනාගේ නිවසට ගොඩ වැදී කතාබහ කිරීමෙන් අනතුරුවයි.

සුනිල්ගේ බිරිය ඉතාලියේ රැකියාව කළා. ඔහුගේ ඉඩමට අල්ලපු ඉඩමේ සිටියේ කාන්තාවක්. මෙම ඉඩම් දෙක වෙන් කර තිබුණේ අඩි හතරක් පහක් පමණ උස බ්ලොක් ගල් තාප්පයකින් වන අතර තාප්පහෙිමිකරු වූයේ සුනිල්ගේ මස්සිනා යි.

මේ කාන්තාවට සිටියේ අවුරුදු දහයක් පමණ වූ පිරිමි දරුවෙකු පමණයි. ඇයට තනියක් නොදැණුනේ එහි එහා ඉඩමක සැමියාගේ මවද ජීවත් වුනු නිසයි.

මේ කාන්තාව දිය නෑම, රෙදි සේදීම වැනි කටයුතු කළේ තම ඉඩමේ අසල්වැසියාගේ තාප්පය අයිනේ ඉදිකර තිබූ ජල කරාමය හා ෂවර් එක භාවිත කරමිනුයි.

මේ අවස්ථාව අල්ලපු ගෙදර සිටි පුද්ගලයා ඇය දෙසට එබිකම් කරන බව ඇයට දැණුනේ කාලයක සිටයි.

"හොරෙන් හොරෙන් බලන්නේ මොනවද මැජික්ද?"

විටෙක ඇය එලෙස අසන්නට වූයේ ඔහු තමන් දෙස බලා සිටින බව සහසුද්දෙන් දැනගත් විටයි.

මේ ගැන නිතර ඔවුන් අතර වචන හුවමාරු වුණත් ඒවා එතරම් දුර දිග ගියේ නැහැ. විදෙස් ගත සැමියා මෙරටට පැමිණියේ මාසයකට පමණ පෙරයි. ඔහු ගුවන් ගත වීමට පෙර මෙරටට එවූ බඩු තොගයක් ලැබී තිබූ බැවින් කොළඹ ගොස් ඒවා රැගෙන ආවේ පසුගිය දිනෙක සවස් භාගයේදී යි.

"හැම තිස්සෙම බලන එකමයි වැඩේ.. මුන්ට වෙන වැඩක් නැති හැටි.."

සැමියා පැමිණි පසු කාන්තාවගේ කටේ සැර වැඩි වූයේ කුමක් හෝ සිදු වුවහොත් කෙනෙක් ළඟ සිටින නිසා විය හැකියි.

"මේක හරි කරදරයක්නේ. අපිට නිදහසේ නා ගන්නවත් නෑ. ඔය තාප්පෙ ටිකක් උස්සලා බැඳගන්නවකෝ.."

මේ කාන්තාව එදින අල්ලපු නිවසේ සිටි කෙනාට පැවසුවේ බ්ලොක් ගල් පේළියක් දෙකක් බැඳ තාප්පය උස් කර ගන්නා ලෙස යෝජනා කරමිනුයි.

තමන්ට එල්ල කළ චෝදනාවෙන් ලැජ්ජාවටත් කෝපයටත් පත් වූ අසල්වැසියා ඇයට පෙරළා පිළිතුරු බැන්ඳේ කැත්තට පොල්ල පරිදියි. එම අවස්ථාවේ සුනිල් සිටියේ ද මස්සිනාගේ නිර්දෝෂීභාවය කියා පාමින් ඔහුට හයියක් වෙමිනුයි.

මේ නිසා වැඩි වේලාවක් නොගොස්ම කතාව ඇවිලී යන්නට වූයේ බට කැලේට ගිනි ගන්නා විලසිනුයි.

කරට කරගෙන ගිය වාග් සංග්‍රාමය අතරතුර සුනිල් මේ කාන්තාවට පහරක් දෙකක් එල්ල කිරීමට ද ඉක්මන් වූයේ බීමතින් සිටි නිසා විය යුතුයි.

"අනේ අම්මේ බලන්නකෝ.. මූ මට ගැහුවා.."

කාන්තාව හඬමින් මවට පැවසුවේ පහර කෑමට වඩා පරාජය භාර ගැනීමට තිබූ අකැමැත්ත නිසායි.

"හිටපල්ලකෝ මං රත්මලානෙන් කට්ටියක් ගෙන්නලා තොපිට පාඩමක් උගන්නන්න.."

යනුවෙන් ඇය තමන්ට එරෙහිව සටන් වැද සිටින දෙමස්සිනන්ට අභියෝග කළා. මේ බව අසා සිටි මස්සිනාගේ මවට තරු පෙනෙන්නට වූයේ රත්මලානෙන් වසවර්ති මාරයන් ගෙන්වුව හොත් වැඩේ බරපතල වන බව දැන සිටි නිසයි.

ඇය එක පිම්මට පොලිසියට ගියා.

පොලිසියට ගිය ඇය දෙපාර්ශවය අතර සිදුවූ රණ්ඩුව ගැන කියා පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඇගේ පැමිණිල්ල සටහන් කරගත් අවස්ථාවේ හදිසි ඇමතුම් අංකයෙන් ඇමතුමක් එන්නට වුණා.

එයින් කියවුනේ පිට ගමකින් පැමිණි පිරිසක් උපෝෂිතාරාම පාර නිවසක පදිංචිකරුවන් සමඟ රණ්ඩුවක් ඇති කරගෙන බවයි.

පිංවත්ත පොලිසිය අදාළ ස්ථානයට පිටත් වූයේ ඉන් අනතුරුවයි්‍

ඒ යන ඔවුන්ට ත්‍රීරෝද රියක් හමුවුවත් එය මඟ හැර ඔවුන් ගියා.

"සර් අර ත්‍රීවිල් එකේ ගිය උන් මේ පැත්තේ දෙන්නෙක් කපලා දාලයි ඔය පනින්නේ.."

ත්‍රීරෝද රථයට පිටුපසින් ආ යතුරුපැදිකරුවෙක් පැවසුවා.

"පන්නගෙන යමු.. ඉක්මනට වාහනේ හරවන්න.."

නමුත් ඒ වන විටත් රථය පලාගොස් තිබුණා.

පොලිසිය ආපසු සිද්ධිය වූ තැනට පැමිණියා. එය දෙමහල් නිවසක්. සුනිල්ගේ මස්සිනාගේ නිවස ඇතුළු වන ගේට්ටුව අසළ පහර දීම සිදුව තිබුණා.

පොලිසිය එම ස්ථානයට යන විටත් තුවාලකරුවන් පානදුර රෝහලට රැගෙන ගොස් තිබුණේ සුනිල්ගේ පුතෙකු විසිනුයි.

එහෙත් අනාවරණය වූයේ රෝහල්ගත කරන විටත් සුනිල්ගේ මස්සිනා මියගොස් ඇති බවයි.

සිදුවූ දේ හෙළි වූයේ දෙපාර්ශවයේම කරුණු පැහැදිලි කර ගැනීමෙන් අනතුරුවයි.

"අනේ බලන්නකෝ අම්මේ. අල්ලපු ගෙදර මිනිහා මස්සිනත් එක්ක එකතු වෙලා අපිත් එක්ක රණ්ඩුවට ආවා. මුන්ට මොනවා හරි කරන් නැතුව බෑ.."

තම දියණිය හඬමින් පවසන විට අම්මාට ඇති වුණේ ඇය පිළිබද දරාගත නොහැකි හැඟීමක්.

"බෑණා රට ඉඳන් ඇවිත් බඩු එහෙම ගෙනාවනේ.. ඕකුන්ට ඉරිසියා ඇති. උඹ බය නැතුව හිටපන්.."

එසේ කියූ මේ මව කළේ හීනෙකින්වත් නොසිතූ දෙයක්. ඇය ගොනාකෝවිල සිටින ඇගේ සියලු නෑ පිරිවරට මේ ගැන දන්වා පිරිස එකතු කරගත්තා.

යකඩ හා පොලු ආයුධ රැගෙන ඒ අය පැමිණෙන්නේ ඉන් අනතුරුවයි.

එක් මන්නා පහරක් සුනිල්ගේ මස්සිනා වෙත ළඟා වූ අතර සුනිල්ට ද මන්නා පහරක් පතිත වුණා.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

අනුන්ගේ තාප්පයක් අයිනේ ෂවරයක් හයි කරගත් කාන්තාවට එය වෙනත් ස්ථානයක සවි කරගත්තා නම් මෙය මෙසේ සිදු නොවන්නට තිබුණා නොවේද ?

විනීතා මානෙල් ගමගේ විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top