Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
යෝකර් පන්දුවෙන් පිතිකරුවන්ව අසරණ කළ මාලිංගව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසරණ කළ හැටි - Photos

- යෝකර් පන්දුවෙන් පිතිකරුවන්ව අසරණ කළ මාලිංගව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසරණ කළ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,595 Views
සපරමාදු ලසිත් මාලිංග ස්වර්ණජිත් මේ සම්පූර්ණ නමේ මුල අග හුරු පුරුදු නැති වුණත් නමේ මැද නො දන්නා ක්‍රිකට් ලෝලියෙක් මෙලොව සිටිය නො හැකි තරම්.
 
ඒ තරමට ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය ජාත්‍යන්තරයට ගෙන යන්නට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇත්තේ ඉතාමත් අතලොස්සක් පමණයි.

'ස්ලින්ගා' යන ආදරණීය නාමයෙන් ක්‍රිකට් ලොව දික්විජය කළ මෙම සුපිරි වේගපන්දු යවන්නා සිය 17 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නේ මීට දින දෙකකට පෙරාතුව යි.
 
පිතිකරුවන් භීතියෙන් භීතියට පත්කළ යෝකර් පන්දු යැවීමේ කලාවේ රජා ලෙස සැලකෙන ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීම එතරම් පුදුමයට කරුණක් නො වූවත් මේ අසහාය ක්‍රීඩකයා සමුදුන් පුවත සහ එම සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් කරවන බලධාරීන් අමතක කර දැමීම පුදුම සහගත කරුණක් නො වෙන්නේ ද?
 
ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් එතෙක් මෙතෙක් දිනාගෙන ඇත්තේ ලෝක කුසලාන දෙකක් පමණයි.
 
ඉන් පළමුවැන්න පන්දුවාර 50 ක්‍රීඩාව සඳහා වෙන ලෝක කුසලානය 1996 වසරේ දී අර්ජුන රණතුංග ප්‍රමුඛ පිරිවර ඔස්ට්‍රේලියාව පරදා දිනාගන්නවා.
 
ඉන් අනතුරුව ක්‍රිකට් ලෝක කුසලානයන්ට අත පොවන මානයට පැමිණෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වූවත් එහි බර බලන්නට 2014 වෙනතුරු අවස්ථාවක් ලැබෙන්නේ නෑ.
 
නැවතත් එම මහඟු අවස්ථාව මෙරට ක්‍රීඩාවට සහ ක්‍රීඩා ලෝලීන්ට උදාකර දුන්නේ ද ලසිත් මාලිංග ප්‍රමුඛ පිරිවරයි.
 
ඒ පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය හිමි කරගනිමින්.
 
මේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරාජයේ කටුක වේදනාව විඳින්නේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමයි.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මෙලෙස නො මැකෙන ලෙස නම සටහන් කළ ලසිත් මාලිංග වේග පන්දුවෙන් තැබූ වාර්තා සහ ලෝක වාර්තා තවත් කිසිවෙකුටත් සම කළ හැකි ඒවා නොවෙයි.
 
ලසිත් මාලිංග අසමසම ක්‍රීඩකයෙකු වන්නේ ඒ නිසාවෙන්.
 
මේ ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් පුවත කනවැකුණු සැනින් ලොවපුරා මාධ්‍ය ආයතන ක්‍රීඩා සමාජ ඔවුන්ගේ නිල වෙබ් අඩවිවල මේ පුවත මහ ඉහළින් පළකර තිබුණා.
 
ලසිත් මාලිංග සිය දායකත්වය සැපයූ සියලු ම ක්‍රීඩා කණ්ඩායම් ඔහුගේ රුවින් ඔවුන්ගේ නිල වෙබ් අඩවි සරසමින් ලසිත් මාලිංගට සුබපැතුම් එක්කර තිබුණේ. මෙලෙසින්.
 
එමෙන්ම රට රටවල ක්‍රීඩාව මෙහෙයවන ක්‍රිකට් ආයතන ද මෙම සුපිරි ක්‍රීඩකයා අමතක කර තිබුණේ නෑ.
 
ඒ ක්‍රිකට් ක්‍රීඩාවට ලසිත් මාලිංග එතරම් සුවිශේෂී පෞරුෂයක් වෙන නිසාවෙන්.
 
මීට අමතර ව ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලසිත් මාලිංග වෙනුවෙන් පැවැස්ම (පෝස්ටු) ගණනාවක් සිය නිල ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ පළකර ඉන් නො නැවතී එහි කවරයේ පින්තූරයටත් ලසිත් මාලිංගගේ රුව එක්කරන්නට පියවර ගෙන තිබුණා.
 
මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයාට ශ්‍රී ලංකා ක්‍රිකට් මහගෙදර දොර වැසෙද්දී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ත් අගමැති මහින්ද රාජපක්ෂත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂත් පමණක් නොව හිටපු ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් අනෙක් එකම ක්‍රිකට් නායකයා වන අර්ජුණ රණතුංගත් ලසිත් මාලිංගගේ සමුගැන්ම සහ ඔහු කළ මෙහෙවර පිළිබඳව සටහන් තබන්නට අමතක කර තිබුණේ නැහැ.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් හිතාමතා අමතක කර දැමූ, නිසි සමුගැන්මක් සිදුකිරීමට අවස්තාව නො දුන් මෙරටින් බිහි වූ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් ගණනාවක් සිටිනවා.
 
ඒ ක්‍රීඩකයින් ගොන්නට ම මේ අසමසම ක්‍රීඩකයාත් එක්වෙයි ද ?
 
ක්‍රීඩාලෝලීන්ගේ හද පැන නඟින වේදනාත්මක පැනය එයයි.
 
ක්‍රිකට් බලධරයිනි සිදු වූ වරද නිවැරදි කරගැනීමට අවංක වුවමනාවක් ඇත්නම් තාමත් කාලය ඉතිරි ව ඇති බව අපගේ හැඟීමයි.

 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top