Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
16
ලබන 21 වැනිදා රට විවෘත කරනවාද නැද්ද ? තීරණය ලැබෙන්නෙ මෙහෙමයි - “ලබන මාසේ වෙනකන් වහන්න!” විශේෂඥ වෛද්‍යවරුනුත් අනතුරු අඟවයි - Video

- ලබන 21 වැනිදා රට විවෘත කරනවාද නැද්ද ? තීරණය ලැබෙන්නෙ මෙහෙමයි - “ලබන මාසේ වෙනකන් වහන්න!” විශේෂඥ වෛද්‍යවරුනුත් අනතුරු අඟවයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,015 Views
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම
අද මාධ්‍යයට කියූ දේ මෙන්න...


ලබන 21 වනදා රට විවෘත කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට පැවැත්වෙන කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදී ගැනීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

මේ අතර, ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා ඇත්තේ දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරන ලෙසයි.

ශ්‍රී ලංකාව තවදුරටත් කොරෝනා අධිඅවදානම් එනම්, රතු කලාපයක් ලෙස හඳුනාගෙන ඇති අතර, රතු කලාපයේ සිට කොළ කලාපය දක්වා රට රැගෙන ඒම අපගේ ඉලක්කය විය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ දක්වා තිබෙනවා.

හෙට පැවැත්වෙන රැස්වීමේදී පාසල් යළි විවෘත කිරීම සහ ළමයින් එන්නත්කරණයට ලක් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිත අතර, එන්නත්කරණයට ලක් කරන ළමයින්ගේ වයස් සීමාවන් පිළිබඳව අවසන් එකඟතාවකට ද එහිදී එළඹෙනු ඇති.

දරුවන් එන්නත්කරණය සහ පාසල් විවෘත කිරීම පිළිබඳව වර්තමාන සමාජයේ පවතින්නේ දැඩි කතාබහක්.

පාසල් විවෘත කිරීම සම්බන්දයෙන් අධ්‍යාපන බලධාරීන් මේ වන විට ප්‍රතිපත්තිමය තීරණයකට පැමිණ අවසන්.

ඒ දරුවන් 200ට අඩු පාසල් 5000ක් පමණ විවෘත කිරීම සම්බන්ධයෙන්.

මෙරට වයස අවුරුදු 12ට වැඩි දරුවන් නිශ්චිත වශයෙන් එන්නත්කරණයට ලක් කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට තීරණයට පැමිණ තිබෙනවා.

ඒ සම්බන්දයෙන් සෞඛ්‍ය අංශ සඳහා අවසන් නිර්දේශ ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්වත් සංසදයෙන් අප වැඩිදුර තොරතුරු විමසුවා.

මේ අතර හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් මත කහවත්ත මූලික රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු 6ක දැරියක් මියගොස් තිබෙනවා.

පසුව කළ පරීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ දැරියට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බවයි.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ විවාහ උත්සවයක් පැවැත්වීමේ පුවතක් තිස්සමහාරාමය ප්‍රදේශයෙන් වාර්තාවනවා.

අදාළ ස්ථානයට පොලිසිය යන අවස්ථාව වනවිට විවාහ උත්සවය සඳහා පැමිණ සිටි බොහෝදෙනෙකු එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර අද දිනයේත් මේ දක්වා ආසාදිතයන් 1,382ක් අලුතින් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියා.

එමෙන්ම තවත් කොරෝනා මරණ 118ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව ද 11,817 දක්වා ඉහළ ගියා.

මේ අතර පසුගිය 6 වැනිදා සිට 14 වැනිදා දක්වා තහවුරු කිරීම් ප්‍රමාද වූ ආසාදිතයින් 3,152ක් වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ඊයේ දිනයේදී සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවට එකතු කර තිබෙනවා.

එම ආසාදිතයින් 3152 එම දින 8 අතර සමාන පරිදි බෙදී ගියේ නම් දෛනිකව වාර්තා වූ ආසාදිතයින්ගේ ගණනට නව ආසාදිතයින් ලෙස 394 දෙනෙකු එක්විය යුතුයි.

ඒ අනුව ගත් කළ සැප්තැම්බර් 6 සිට සැප්තැම්බර් 14 දක්වා කාලය තුළ දින දෙකක් හැර අන් සියලුම දිනයන්හි වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා තිබෙනවා.

මෙවන් පසුබිමක් තුළ දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව අඩුවෙමින් පවතින බව පැවසිය හැකිද ?

මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ නිරෝධායන කටයුතු සෞඛ්‍ය අංශ නියාමනයකින් තොරව සිදුවන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගියදා චෝදනාවක් එල්ල කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම චෝදනා පදනම් විරහිත බවයි.

මෙරටට පැමිණෙන සියලු සංචාරකයින්ගේ නිරෝධායන කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ මාර්ගෝපදේශ අනුවම ක්‍රියාත්මක වන බවයි
සංචාරක අමාත්‍යවරයා පවසන්නේ.

මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයින් පිළිබඳ විශේෂ පරීක්ෂාවක් සහ අධීක්ෂණයක් සිදුකරන බවත් කොවිඩ් පරීක්ෂණ මඟින් ආසාදිතද නැද්ද යන්න තහවුරු කිරීමෙන් පසුව පමණක් ඔවුන් මෙරටට ඇතුල්කර ගන්නා බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර කොවිඩ් මළ සිරුරු ආදාහන කටයුතු සඳහා වැය වන මුදල් පළාත් පාලන ආයතන මගින් වියදම් කරන ලෙස රජය දැනුම් දී තිබුණත් ඇතැම් මල්ශාලාකරුවන් විසින් විවිධ පුද්ගලයින් සමග එක්ව අයුතු ලෙස ජනතාවගෙන් මුදල් ගසා කන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

මේ අතර කොවිඩ් පිළිබඳ රාජකාරී කටයුත්තක නිරත වෙමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ගාල්ල - නෙලුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් පහරදීමට තැත්කර තිබෙනවා.

එම 49 හැවිරිදි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

නිසි අවසරයක් ලබා නොගෙන තිස්සමහාරාම නගරය ආසන්නයේ හෝටලයක පැවති විවාහ ගිවිස ගැනීමේ උත්සවයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට පැමිණ හෝටලයේ හිමිකරුගෙන් සහ උත්සවය පැවැත්වූ අයගෙන් ප්‍රශ්න කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top