Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
16
20 - 20 තරග පාවා දීමක් සිදු වුණාද ? රටම කැළඹූ පුවත ගැන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක් එයි සම්පූර්ණ විස්තරේ මෙන්න..

- 20 - 20 තරග පාවා දීමක් සිදු වුණාද ? රටම කැළඹූ පුවත ගැන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක් එයි සම්පූර්ණ විස්තරේ මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,557 Views
සම්පූර්ණ විස්තරේ මෙන්න..

නිමා වූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පන්දුවාර 20 තරග මාලාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් උවමනාවෙන් අඩු දක්ෂතා පෙන්වමින් තරගාවලිය පරාජය කරා ගෙන ගිය බවට ඇතැම් මාධ්‍ය සිදුකරන වාර්ථා කොන්දේසි විරහිතව තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එමෙන්ම ඒ ආකාරයේ ක්‍රීඩක හැසිරීමක් සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් හෝ වෙනයම් පාර්ශවයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත මෙතෙක් කිසිදු පැමිණිල්ලක් හෝ ලැබී නොමැති බවත් එම වාර්තාවේ සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පන්දුවාර 20 තරගාවලිය සඳහා එක් වූයේ දකුණු අප්‍රිකාව සමග තරග තුනට දෙකක් ලෙස එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ ක්‍රීඩක සංචිතය ම බවයි.

එම එක්දින තරගාවලිය තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කළා පමණක් නොව ලෝක කුසලා කුසලාන තරගාවලිය සඳහා අත්‍යවශ්‍ය කරන ලීග් ප්‍රසාද් ලකුණු ප්‍රමාණයක් ද එක් කරගෙන එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ඉහළට පැමිණීමට ද හැකියාව ලබා ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එසේ හෙයින් මෙලෙස වගකීම් විරහිත ලෙස සිදුකරන විවිධ මාධ්‍ය ප්‍රචාර හමුවේ ක්‍රීඩකයින්ගේ මානසික ඒකාග්‍රතාවට දැඩි බලපෑම් සිදු කරන බවත් එය එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට කිසිසේත් යහපත් තත්ත්වයක් නොවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් අවධාරණය කරනවා.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නවක ක්‍රීඩකයින් මෙන්ම අත්දැකීම් සහිත ක්‍රීඩකයින් එකමුතුවෙන් නිවැරැදි දිශාවට ගමන් කරන බවත් පසුගිය කාලසීමාව තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ රිද්මය කරා ළඟා වෙමින් පවතින අයුරු මෙරට ක්‍රීඩා ලෝලීන් පවා අතිශය ධනාත්මක අයුරින් පිළිගත් බවත් එම නිවේදනයේ සඳහන්.

මාධ්‍ය සදාචාරය සහ රීතීන් උල්ලංඝනය කරමින් කිසිදු සොයා බැලීමකින් තොරව සිදුකරනු ලබන මෙවැනි සත්‍යයෙන් තොර ගොතන ලද ප්‍රචාරණ තුළින් එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලි සඳහා වන ක්‍රීඩකයින්ගේ සූදානමට බලපෑම් සිදු නොකරන ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top