යාපනය ශික්ෂණ රෝහලේ දී දරු ප්‍රසූතියක් සිදු කළ මවක් කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යාපනය - අලවෙට්ටි ප්‍රදේශයේ 42 හැවිරිදි මවක් ඊයේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. දරු ප්‍රසූතිය ආසන්නයේ දී ඇයට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සිදු කළ පරීක්ෂාවක දී කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර, දරු ප්‍රසූතියෙන් පසුව ඇයට රෝග තත්ත්වය උත්සන්න වීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
කෙසේ වෙතත් ඇය විසින් බිහි කළ දරුවාට කොරෝනා ආසාදනය වී ඇති ද යන්න පිළිබඳව තොරතුරු වාර්තා වී නැහැ.