මෙම නවමු අත්දැකීම සඳහා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය YouTubersලා සය දෙනෙක් වන Myhub, Maniya, LionKolla, Jonty, Chabi සහ Hashano යන අයත් එකතු වුණා.
පසුගිය සැප්තැම්බර් 04වන දා “ CBL සේරා - කොත්තු කොත්තු” නිල ෆේස්බුක් පිටුව ඔස්සේ පැවැත්වුණු මේ පරිගණක ක්‍රීඩා සජීව විකාශය ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන සහ වැඩියෙන්ම ක්‍රීඩා කළ ක්‍රියාදාම පරිගණක ක්‍රීඩාව වන GTA - Grand Theft Auto පරිගණක ක්‍රීඩාව පදනම් කරගෙන නිර්මාණය කර තිබුණි.
මෙම ඩිජිටල් ප්‍රචාරණ වැඩසටහන තුළ YouTubersලා 06 දෙනෙක් විසින් “සේරා - කොත්තු කොත්තු” ආහාර ට්‍රක් රථ 06ක් GTA පරිගණක ක්‍රීඩාව තුළ නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ නාගරික භූමි දර්ශන හරහා පදවාගෙන යනු ලැබීය.
ඒ සඳහා පාර්ලිමේන්තුව, නෙළුම් කුළුණ සහ ගාලු කොටුව වැනි ශ්‍රී ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක් ප්‍රතිනිර්මාණය කර තිබුණි. ඒවා අතර Dentsu Grant Group Sri Lanka කාර්යාල ගොඩනැගිල්ලත් එක් කර තිබීම තවත් සුවිශේෂ කාරණාවකි.
මෙහි සියලුම ශ්‍රව්‍ය - දෘශ්‍ය තාක්ෂණික මෙහෙයුම් කටයුතු සිදුකරනු ලැබුවේ Kaali Productions විසිනි.
මෙම ඩිජිටල් වෙළෙඳ ප්‍රචාරණ ව්‍යාපාරය සමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට “CBL සේරා - කොත්තු කොත්තු” සන්නාමය පරිගණක ක්‍රීඩාවක්, වෙළෙඳ ප්‍රචාරණ අවකාශයක් ලෙස භාවිතා කළේය.
එහිදී ඔවුන් සේරා කොත්තු කොත්තු සන්නාමය සහිත දැන්වීම් පුවරු, සාප්පු සන්නාමකරණ සහ අනෙකුත් එළිමහන් ප්‍රචාරණ මාධ්‍යයන් පරිගණක ක්‍රීඩාව තුළම (Virtually) නිර්මාණය කර තිබිණි.
පරිගණක ක්‍රීඩා සජීව විකාශය තුළදීම ඊ - වානිජ්‍යය (eCommerce) ක්‍රම හරහා පරිගණක ක්‍රීඩාවට සහභාගී වන්නන් හට “CBL සේරා - කොත්තු කොත්තු” මිලදී ගැනීමේ හැකියාව ලබාදීම ද මෙම නිර්මාණාත්මක වෙළෙඳ ප්‍රචාරණ වැඩසටහනේ තවත් සුවිශේෂ කටයුත්තක් විය.
Facebook සමාජ මාධ්‍ය හරහා සංවිධානය වුණු මෙම වැඩසටහන සමඟින් බොහෝ පිරිසක් එකතු වූ අතර එම සජීව විකාශය 200,000 අධික සංඛ්‍යාවක් නරඹා තිබුණු අතර 100කට අධික “ CBL සේරා - කොත්තු කොත්තු” මිලදී ගැනීම් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණා.