Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
15
"ඇටමිදුළු දෙන එක අමාරු දෙයක් කියලා ඇතැමුන් සිතනවා, ඒකත් නිකං ලේ දන් දෙනවා වගේමයි.." - දුක් මහන්සියෙන් උපයන දේ හිතේ මනාපෙන් චැරිටිවලට දෙන රොනාල්ඩෝ

- "ඇටමිදුළු දෙන එක අමාරු දෙයක් කියලා ඇතැමුන් සිතනවා, ඒකත් නිකං ලේ දන් දෙනවා වගේමයි.." - දුක් මහන්සියෙන් උපයන දේ හිතේ මනාපෙන් චැරිටිවලට දෙන රොනාල්ඩෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,957 Views
‘රොනාල්ඩෝ දැන් ලෝකයේ ජනප්‍රිය ම පාපන්දු ක්‍රීඩකයන්ගෙන් එක් අයෙක්. ඔහු කවුද කියලා විස්තරාත්මක ව හඳුන්වා දෙන්න අවශ්‍ය නම් ඒ ක්‍රීඩාව ගැන කිසි ම දෙයක් නොදන්න කෙනෙක් වෙන්න ඕනෑ. එහෙමත් නැත්නම් එයා ළදරුවෙක්.

පසුගිය දවසක ලෝක කුසලාන ගෝල වාර්තාවක් අලුත් කරලා තම නමින් ඒ වාර්තාව ලියා ගන්න රොනාල්ඩෝට හැකි වුණා. ඔහු ලෝකය තුළ මෙතරම් සුප්‍රකට චරිතයක් වුණේ එවැනි පාපන්දු සුරුවිරුකම් නිසා ද? එසේ නැත්නම් තවත් හේතු ඊට ඉවහල් ව තිබෙනවා ද? එයට පිළිතුරු සොයන්න යන කෙනෙකුට ඒ සම්බන්ධයෙන් එළෝකෝටියක් හේතු සොයන්න හැකි යි. මේ ලිපියෙන් අපි කතා කරන්නේ එවැනි හේතු අතරින් සුවිශේෂී කාරණා කීපයක් ගැන යි.’
 
යුරෝපා පාපන්දු සංගම් එක් ව නිර්මාණය කර ඇති Uefa විසින් මීට අට වසරකට පෙර එනම් 2013 තරම් ඈතක රොනාල්ඩෝ තම වසරේ කණ්ඩායමට නම් කළා. එහි දී ඔහුට ප්‍රසාද දීමනාවක් වශයෙන් යුරෝ ලක්ෂයක මුදලක් ප්‍රදානය කිරීමටත් කටයුතු කෙරුණා. යුරෝ ලක්ෂයක් කියන්නේ රුපියල් නම් ලක්ෂ දෙසිය තිස් හතකට වැඩි මුදලක්. ඒ සා මහත් මුදලක් ලැබූ සැණින් රොනාල්ඩෝ කුමක් කරන්න ඇති ද?
 
කිසිම කලබලයක් නැතිව තමන්ට ලැබුණු මුදල් කිසිදු ලෝභකමකින් තොරව හැරෙන තැපෑලෙන් ලෝක රතු කුරුස සංවිධානයට ප්‍රදානය කරපු එකයි ඔහු කළේ. ඒ තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග වශයෙනුයි.
 
ඊට වසරකට පස්සේ ඔහු රියල් මැඩ්රීඩ් කණ්ඩායම සමඟ ‘ලා ඩෙසිමා’ තරගාවලියට නායකත්වය දෙමින් එහි දස වැනි ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා. ඒ වෙනුවෙන් ඔහුට ප්‍රසාද දීමනාවක් ලබා දෙන්න අදාළ ක්‍රීඩා සමාජය කටයුතු යොදා තිබුණා. ඒ මුදල පොඩි පහේ ගණනක් නොවෙයි. හරියටම කියනවා නම් යුරෝ හාර ලක්ෂ පනස් දහසක්. ඒක ශ්‍රී ලංකා මුදලෙන් නම් දස කෝටි හැට නව ලක්ෂයකට වැඩියි.
 
කොහොම වුණත් මේ ලැබුණු මුදල තමන්ගේ භාණ්ඩාගාරයට යොමු කර ගන්න රොනාල්ඩෝ සිතුවේ නෑ. ඔහු සිදු කළේ ඒ මුදල් තමන් තානාපතිවරයෙක් වශයෙන් කටයුතු කරන පුණ්‍යාධාර ලැබිය යුතු ආයතන තුනක් අතර බෙදා දීමයි. ඒ යුනිසෙෆ්, වර්ල්ඩ් විෂන් සහ සේව් ද චිල්(ඩ්)රන් යන ආයතන වලටයි.
 
කිසිදු ලෝභෙකමකින් තොරව තමන් ගේ වෙහෙසින් හරිහම්බ කරන දේවල් දනට පිනට දෙන රොනාල්ඩෝ එක්තරා ආකාරයක බෝධි සත්ත්ව ගුණෝපේත චරිතයක්. ඔහු මුදල් පමණක් නොවෙයි දන් දුන්නේ. ශරීරයේ යම් යම් දේ දන් දෙන්නත් ඉදිරිපත් වුණා. ඒ අතර වැඩි වශයෙන් තමන්ගේ රුධිරය ප්‍රදානය කරන්න ඔහු පසුබට වූයේ නෑ. කෙනෙකුට රුධිරය අවශ්‍ය මොහොතට ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණේ සිය කැමැත්තෙන්මයි. ඔහුත් එක්තරා ආකාරයට තම දාන පාරමිතාවන් සම්පූර්ණ කරන සුවිශේෂී මිනිසෙක්.
 
ඒ නිසා ම රොනාල්ඩෝ තම සිරුරේ කිසිම තැනක පච්ච කොටාගන්න ක්‍රියා කර නෑ. තිස් හය වැනි වියේ පසු වුණත්, ලෝකයේ අසම සම ජනප්‍රියත්වයක් උරුම කරගෙන සිටියත්, කොතරම් ධනයෙන් ආඪ්‍ය වුවත් ඔහු හුදු ජනප්‍රියත්වය උදෙසා කිසිදු ආකාරයකින් තම සිරුර භාවිත නොකිරීම එමඟින් දැකගන්න පුළුවන්.
 
ඒ පච්ච කෙටීමෙන් රුධිරය ලබා දීමට ගැටලු මතුවන බව ඔහු දැන සිටින නිසයි. ඒ වගේම සමාජයේ ජීවත් වන ඔහුගේ අනුගාමිකයන්ව ද ලේ දන් දෙන්නැයි ඔහු නිරන්තරයෙන් පොලඹවන්න අමතක කරන්නෙත් නෑ.
 
‘අපිට ලේ දන් දීලා වෙනසක් ඇති කළ හැකියි.’ වරක් රොනාල්ඩෝ ප්‍රකාශ කළේ සමාජය තුළ ඊට පෙලඹවීමක් ඇති කිරීමටයි.
 
‘සෑම ලේ දන් දීමකින්ම බරපතළ රෝගී තත්ත්වයන් නිසා හදිසි ශල්‍යකර්ම වගේම වෙනත් ප්‍රතිකාරවලට රෝහල්ගතව සිටින පුද්ගලයන් තිදෙනකුට සහනයක් සැලසිය හැකියි. ඒකම තමයි ලේ දන් දීමට මාව මේ තරම් දිරිමත් කරලා තියෙන්නේ. ඒ නිසා මමත් ලෝකය පුරා ඉන්න ලේ දන් දෙන්නන් දිරිගන්වන්න කටයුතු කරනවා. ඔබ තවමත් එක් වරක් හෝ ලේ දන්දී නැත්නම් කල් නොදමා ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කියලා ඉල්ලනවා.’ රොනාල්ඩෝ පවසනවා.
 
ඔහු තම පසුම්බියේ ඇති මුදල් ආධාර දී, ලේ දී දන් දීම නවතා නොදැමීමත් තවත් විශේෂත්වයක්.
 
‘රොනාල්ඩෝ පුදුම පරිත්‍යාගශීලියෙක්. ඔහු ඇටමිදුළු පවා දන් දී තිබෙනවා.’ වරක් ඔහුගේ කණ්ඩායම් සගයෙක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ කියන්නේ රොනාල්ඩෝට මේ ලැබෙන බොහෝ දේ ඔහු විසින් ලබාදෙන දේවල අතුරු ප්‍රතිඵල වෙන්න පිළිවන්.
 
‘ඇටමිදුළු දෙන එක අමාරු දෙයක් කියලා ඇතැමුන් සිතනවා. ඒකත් නිකං ලේ දන් දෙනවා වගේම වැඩක්. කිසිම වේදනාවක් දැනෙන්නේ නෑ.’ රොනාල්ඩෝ කියන්නේ එහෙමයි.
 
පුළුල් මානවීය ගුණය
 
ඔහු පෘතුගාලයට එහෙමත් නැත්නම් යුරෝපානු කලාපයට පමණක් උපකාර කරන්නෙක් නොවෙයි. උපකාර අවැසි ඕනෑ තැනකට උපකාර කරන්න ඔහු පසුබට වන්නේ නෑ. ඊට උදාහරණයක් ලෙස දකුණු ආසියානු රටක් වන නේපාලයට බලපෑ ප්‍රබල භූමි කම්පාව දැක්විය හැකියි. ඒ භූකම්පනය ඇති වුණේ 2015 වසරේ දි යි.
 
ඒ හේතුවෙන් අසරණ වූ ජනතාවට සහන සලසන්නට මේ පෘතුග්‍රීසිකාරයා ඉදිරිපත් වුණේ කලාපය, ජන වර්ගය කවුරුන් ද එසේත් නැතහොත් ඔවුන්ගේ ඇදහීමේ විවිධත්වය පිළිබඳ නොසලකායි.
 
ඒ භූකම්පනයෙන් පුද්ගලයන් නව දහසක් මියගිය අතර විසි දෙදහසකට අධික පිරිසක් තුවාල ලැබුවා. නිවැරැදි ව තහවුරු නොවුණත් ඔහු ඒ අනතුරෙන් පීඩාවට පත් දරුවන්ගේ සුබ සාධනය අරබයා යුරෝ මිලියන පහක් එනම් රුපියල් මිලියන එක් දහස් දෙසීයකට ආසන්න මුදලක් ලබා දුන් බවයි පැවසුණේ. එම මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් විවිධ මත පළ වූවත් ඔහු සැලකිය යුතු මුදලක් ඒ විපත වෙනුවෙන් ප්‍රදානය කර තිබුණා.
 
බුදුන් උපන් දේශයේ විපතට පත් ජනතාව වෙනුවෙන් මේ සා මුදලක් ප්‍රදානය කරන්න අහඹු ලෙස රොනාල්ඩෝ ඉදිරිපත් වන්නේ එක්තරා ආකාරයකින් තමන් තුළ සැඟව ඇති යම් ජීවන නිෂ්ඨාවක් සාක්ෂාත් කර ගැනීම අරබයා පාරමිතා පිරීමක් ලෙස වෙන්න පිළිවන්.
 
මේ අතර පිළිකාවට එරෙහි සටනට තමන්ගේ පසුම්බියෙන් මුදල් ලබා දෙන්නටත් ඔහු කිසි විටකත් පැකිළ නෑ. තමන්ගේ මව, ඩොලරෙස් ඇවෙයිරෝ 2007 වසරේ පියයුරු පිළිකා රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබා සුව වීමෙන් අනතුරු ව ඔහු මේ සද්කාරයට එක්ව තිබුණා. ඒ අනුව තමන්ගේ මවට ප්‍රතිකාර කළ සුව සෙවණට යුරෝ එක් ලක්ෂ විසි දහසක් එනම් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි අසූ පන් ලක්ෂයකට අධික මුදලක් ප්‍රදානය කර තිබුණේ ඒ අනුවයි.
 
උණුවන හදවතේ තවත් පැත්තක්
 
වරක් ලෙබනනයේ අගනුවර වන බේරූට් හි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මව හා පියා අහිමි වූ රියල් මැඩ්රීඩ් ආධාරකරුවකු වූ දරුවකු වෙනුවෙන් රොනාල්ඩෝ තම කාරුණිකභාවය පුද කළා. ඒ මේ පුවත දැනගත් පසු එම දරුවා රියල් මැඩ්රීඩ් ක්‍රීඩා සමාජයට කැඳවූ අතර දරුවා දුටු සැණින් රොනාල්ඩෝ ඔහු තුරුළු කර ගනිමින් මේ දරුවා අස්වසන්නට ක්‍රියා කර තිබුණා. එම සිද්ධිය දරුවා තුළ ඇති කළ වෙනස පුදුමාකාර බවයි පැවසුණේ.
 
ඒ වගේම 2009 වසරේ දී වයස අවුරුදු නවයක් වූ නුෂෙට් ගිලෙන් නමැති රියල් මැඩ්රීඩ් රසිකයකු වූ දරුවකු පිළිකා රෝගී තත්ත්වයෙන් දැඩි ලෙස පීඩා විඳින බව දැන ගන්නට ලැබෙනවා. ඒ තවත් එවැනි ම රසිකයකුගෙන් ලද තොරතුරකට අනුවයි. එය දැන ගැනීමෙන් අනතුරු ව රොනාල්ඩෝ අපූරු තීරණයකට එළඹුණා. ඒ තමයි තම රථය සමඟ රියැදුරා යවා දරුවා සහ ඔහුගේ පවුලේ උදවිය තමන් ඇතුළු මැඩ්රීඩ් ක්‍රීඩකයන් රැඳී සිටි හෝටලයට ගෙන්වා ගැනීමට යි. එසේ ගෙන්වා ගැනීමෙන් පසුව දරුවාට තමන් ක්‍රීඩා කරන පාපන්දු තරගයක් නැරඹීමට අවස්ථාව උදා කර දෙන්නත් රොනාල්ඩෝ ඉදිපත් ව තිබුණා. ඒ සඳහා තරගය පැවැති ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයේ තමන් වෙනුවෙන් වෙන් කළ පෞද්ගලික කුටියයේ සිට එම තරගය නැරඹීමට අවස්ථාව උදා කර දීමත් විශේෂත්වයක්.
 
‘මම ඔබ වෙනුවෙන් මේ තරගයේ දී ගෝලයක් එල්ල කරනවා.’ යැයි කියූ රොනාල්ඩෝ තරගයේ තමන් රැස් කළ එම ගෝලය නුෂෙට් නම් වූ රියල් මැඩ්රීඩ් රසිකයාට පිරිනමන්නත් අමතක කර තිබුණේ නෑ. එයින් පමණක් නතර නොවූ ඔහු සමරු සිහිවටනයක් ලෙස තරගයෙන් පසු තමන් ක්‍රීඩා කළ ටී ෂර්ටය මේ දරුවාට පිරිනැමීමටත් කටයුතු කර තිබුණා.
 
පසුව දරුවාගේ පියා හා සාකච්ඡා කළේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් තමන්ට දායක විය හැකි ප්‍රතිකාර සඳහා යම් මැදිහත්වීමක් සිදු කිරීමටයි. එහෙත් ඔහුගේ ජීවිතය ගලවා ගැනීමට නොහැකි තත්ත්වයට රෝගය ඔඩු දුවා ඇති බවයි රොනාල්ඩෝට දැන ගන්න ලැබෙන්නේ. කෙසේ නමුත් දරුවාගේ ජීවිතය තවදුරටත් දිගු කර ගැනීමට සිදු කළ හැකි පර්යේෂණාත්මක ප්‍රතිකාර අරබයා උපකාර කරන්න සුපිරි පාපන්දු තරුව එක්වුණේ අන්කළ හැකි කිසිවක් නොමැති හෙයිනුයි.
 
එලෙස එකඟත්වය දැක්වූවාක් මෙන් ම මෙම දරුවාගේ ප්‍රතිකාර වෙනුවෙන් වැය වූ යුරෝ සිය දහස් ගණනක බිල්පත් ගෙවා දැමීමට ක්‍රියා කිරීම ම රොනාල්ඩෝගේ පරිත්‍යාගශීලිභාවය මැනවින් ඒත්තු ගැන්වීමක් යැයි කියන්න පුළුවන්. වසරකට අධික කාලයක් මේ ආකාරයෙන් ඔහු මේ දරුවාගේ සියලු ප්‍රතිකාර බිල්පත් ගෙවා දැමූව ද අවසනාවන්ත ලෙස 2013 වසරේ දී ඒ දරුවා මියගොස් තිබුණා.
 
නිහතමානී ත්‍යාගශීලියා
 
බොහෝ විට ක්‍රීඩාංගණ තුළට අනවසරයෙන් කඩා වදින ප්‍රේක්ෂකයන් ක්‍රීඩකයන් වැලඳ සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සුක වන අවස්ථා බොහෝ යි. බොහෝ විට මෙවැනි උත්සාහයන් ව්‍යර්ථ කරන්න ආරක්ෂක අංශ උත්සුක වෙනවා. ඒ වගේම එවැනි ප්‍රේක්ෂකයන් හා ඡායාරූප ගන්නට ක්‍රීඩකයෝ එතරම් කැමැත්තක් දක්වන්නේ නෑ. එහෙත් රොනාල්ඩෝ බොහෝ විට ඊට වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.
 
එවැනි අවස්ථාවක දී තමන්ට හැකි පමණ ප්‍රේක්ෂකයන් හා ඡායාරූපවලට පෙනී සිටින්නත්, ඔවුනට සමරු සටහන් ලබා දෙන්නත්, තමන් ක්‍රීඩා කළ ටී ෂර්ටය ප්‍රේක්ෂක ජනතාව වෙත විසි කර ඔවුන් සතුටු කිරීමටත් ඔහු ත්‍යාගශීලි වෙනවා. ඒ වගේම දැඩි ආරක්ෂක රැකවල් දමා ප්‍රේක්ෂකයන් මැඬ පවත්වනවාට රොනාල්ඩෝ තුළ කැමැත්තක් නෑ.
 
යහපත් මිතුරා
 
ඒ වගේමයි රොනාල්ඩෝ කියන්නේ හරිම යහපත් මිත්‍රයෙක්. තවත් ආකාරයකට කියනවා නම් යහපත් මිත්‍රත්වයට කියන සමාන පදය රොනාල්ඩෝ කීවත් වරදක් නෑ. ඔහු සිය මිත්‍රත්වයේ විශාලත්වය පෙන්නුම් කළ අවස්ථාවක් උදා වුණේ ඔහුගේ සුපිරි ඒජන්තවරයා ජොර්ජ් මෙන්ඩෙස් ගේ විවාහ දිනයේ යි. ඒ විවාහයේ යහළුවා ලෙස තෝරාගත්තේ තම පාපන්දු වීරයා වන රොනාල්ඩෝ යි.
 
මංගලෝත්සවයට ගොස් කදිම ත්‍යාගයක් දෙන්නට සිතාගත් අපේ කතානායකයා තමන්ගේ ත්‍යාගශීලිභාවය උපරිමයෙන් ප්‍රදර්ශනය කරමින් යුගදිවියට සැපත් නව යුවළ වෙනුවෙන් දූපතක් තෑගි දුන්නා. ඔහු ඒ සඳහා අදාළ දූපත මිලට ගෙන තිබුණේ ග්‍රීසියෙනුයි. ඒ වෙනුවෙන් වැය කළ මුදල යුරෝ මිලියන හතළිහක්. ඒ කියන්නේ රුපියල් මිලියන නවදහස් පන්සීයකට අධික මුදලකට තමයි ඔහු මෙය මිල දී ගෙන තිබුණේ.
 
මේ ආකාරයෙන් ඔහුගේ ත්‍යාගශීලිභාවය ගැන ඉසේ කෙස් ගණනට උදාහරණ සපයන්න හැකියි. උදාහරණයකට 2011 වසරේ තමන්ට හිමි වුණු යුරෝපා රන් සපත්තුව යුරෝ මිලියන 1.2 ක ට අලෙවි කළේ තවත් එවැනි ප්‍රදානයක් වශයෙනුයි.
 
මේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියන සුපිරි පාපන්දු ක්‍රීඩකයා සතු මානව සමාජයේ බහුතරයක් තුළ විරලව දක්නට ලැබෙන පරිත්‍යාගශීලිභාවය සම්බන්ධ වාර්තා කළ හැකි අංශු මාත්‍ර සංසිද්ධීන් කීපයක්.
 
දැන් ඔහු මැදිවියට ඇවිත්. තාරුණ්‍යය උප්පැන්න සහතිකයට අනුව ගෙවී අවසන්. (තරුණයා නිර්වචනය කරද්දී අවුරුදු තිස් පහෙන් ඉහළ ඉන්නේ මැදිවියේ පුද්ගලයින් මිස තරුණයන් නොවෙයි.)
 
ඒ වුණත් ඔහු තවමත් සිරුරෙන් හා ක්‍රියාශීලිත්වයෙන් නව යෞවනයකුට වඩා වේගවත්
 
ශක්තිමත්, දක්ෂතාවයන්ගෙන් පිරිපුන් ආක්‍රමණිකයෙක්. අධික ත්‍යාගශීලිභාවය, ක්ෂණයෙන් උණුවන මානූෂීය හදවත ඊට ප්‍රබල ලෙස ඔහුට ඉවහල් වනවා වෙන්නට පිළිවන්. මොකද තමන් වපුරන ආකාරයට අස්වැන්න ලැබීම කියන කාරණය බොහෝ විට අපට පිළිගන්න සිදු වන නිසා. ඒ අතින් බලද්දී රොනාල්ඩෝ කියන්නේ අපි මීට පෙර සඳහන් කළාක් මෙන් බෝධිසත්ත්ව ගුණෝපේත මිනිසෙක්.
 
 
 
කසුන් ඉරුගල්බණ්ඩාර
ක්‍රීඩා
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top