පසුගිය වසරේ දේශගුණික විපර්යාස හේතුවෙන් විනාශ වෙන වනාන්තර, ජලය සහ අනෙකුත් ස්වභාවික සම්පත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අරගල කළ ලොව පුරා පුද්ගලයින් 227 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තාවකින් පෙන්වා දෙනවා.
එම වාර්තාවට අනුව පරිසර හිතකාමීන් සඳහා 2020 වසර මාරක වසරක් වී ඇති බව සඳහන්.
ග්ලෝබල් විට්නස් වාර්තාවලට අනුව වැඩි ම පිරිසක් ඝාතනයට ලක්ව ඇත්තේ ලතින් ඇමරිකාවේයි.
දරුණු ලෙස පීඩාවට පත් වූ රට ලෙස කොළොම්බියාව දැක්වෙන අතර, ස්වදේශික ඉඩම් සහ වනාන්තර ආරක්ෂා කරගැනීමට ගොස් පුද්ගලයින් 65 දෙනෙකු මියගොස් තිබෙනවා.
මෙක්සිකෝව දෙවන ස්ථානයට පත්වෙමින් තිස් දෙනෙනකු ඝාතනයට ලක්ව ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.