ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 121ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 120ක්.
එහි දී කුසල් පෙරේරා ලකුණු 39 ක් රැස්කරගැනීමටයි සමත් වුණේ.
පන්දු යැවීමේ දී, Bjorn Fortuin සහ කර්ගිසෝ රබාඩා කඩුලු දෙක බැගින් දවාගත්තා.
තරගය පැවැත්වෙන්නේ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.