Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
14
රට විවෘත කළ හැකි දිනය රජයේ ප්‍රබලයෙකු හෙළි කරයි

- රට විවෘත කළ හැකි දිනය රජයේ ප්‍රබලයෙකු හෙළි කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

71 Views
සති 4කට පැනවූ නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් මෙරට කොවිඩ් මරණ සහ ආසාදිතයින් වාර්තාවීම පහළ යමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය විශේෂඳ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.
 
ඒ අනුව ලබන සඳුදා සිට රට ක්‍රමානුකූලව විවෘත කළ හැකි බවයි ඇය කියා සිටියේ.

සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අද පෙරවරුවේ පැමිණි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේගෙන් මාධ්‍යවේදීන් රට විවෘත කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමකදියි ඇය මේ බව කියා සිටියේ.
 
එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නොමැති මන්නාරමේ වැසියන්ට හෙට සිට මුහුදු යාමට හෝ පොදු ස්ථානවල ගැවසීම තහනම් කිරීමට කටයුතු කර ඇති බව මන්නාරම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එස්. විනෝදන් ප්‍රකාශ කළා.
 
මන්නාරමේ ඊයේ පැවති කොවිඩ් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, පොලිස් මුර පොළවල් සහ ධීවර තොටුපලවල්වලදී එන්නත් කාඩ්පත් පරීක්ෂා කිරීමටයි තීරණය කර ඇත්තේ.
 
මන්නාරම් වැසියන් හා ඉන්දීය ජාතිකයන් අතර සබඳතා ඉහළ යාමද මෙම තීරණයට හේතු වී තිබෙනවා.
 
මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයින් 147,114 දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා.
 
ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 88,700 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි පළමු මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 51,798 ක්.
 
එමෙන්ම ඊයේ ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 353 දෙනෙකුටත්, එහි දෙවන මාත්‍රාව 385 දෙනෙකුටත් ලබාදී තිබෙනවා.
 
මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 30 දෙනෙකුටත්, දෙවන මාත්‍රාවද 1,815 දෙනෙකුටත් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
 
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේ 3,194 දෙනෙකුට ලබාදී ඇති අතර, දෙවන මාත්‍රාව 839 දෙනෙකුට ලබාදී තිබෙනවා.
 
ඒ අනුව මේ දක්වා දෙවන මාත්‍රාවද ලබාදී එන්නත්කරණය සම්පූර්ණ කළ මෙරට පුද්ගලයන් සංඛ්‍යාව  එක්කෝටි 672,627 ක්.
 
මේ අතර හිටපු කෙටිධුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
 
අසනීප තත්වයක් හේතුවෙන් සිදුකළ කොරෝනා පරීක්ෂණයකදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.
 
ඒ අනුව ඇයගේ දරුවන් දෙදෙනාට ද කොරෝනා ආසාදනය වී ඇති බවයි අප කළ විමසීමකදී ඇය සදහන් කළේ.
 
එසේම ඌව පළාත් සභාව මඟින් පාලනය වන බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක ළමයින් බලා ගන්නා කාන්තාවන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
 
ඒ අනුව ළමා නිවාසයේ සියළුම දරුවන් අද හදිසි කොරෝනා පරීක්ෂණයකට ලක් කිරීමටයි නියමිතව ඇත්තේ.
 
වයස අවුරුදු 5ට අඩු දරුවන් 35 දෙනෙකු එම ළමා නිවාසයේ සිටින බවයි වාර්තා වන්නේ.
 
මුව ආවරණ පළඳින ලෙසට උපදෙස් ලබාදීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුට පරුෂ වචනයෙන් බැණවැදී පහරදීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
නෙළුව ප්‍රදේශයේ පසුගියදා පැවති අවමංගල්‍ය උත්සවයකදීයි මොහු මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණ වැදී ඇත්තේ.
 
පසුව සැකකරු නිළධාරීන්ට පොල්ලකින් ද පහරදීමට උත්සහ කර ඇති අතර, එහිදී එම ස්ථානයේ සිටි පිරිස එය ව්‍යර්ථ කර ඇති බවයි වාර්තා වන්නේ.
 
කෙසේ වෙතත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ පවතින කොරෝනා රැල්ලේ අවධානම මෙතෙක් පහව ගොස් නොමැති බැවින් මෙම අවස්ථාවේ රට විවෘත කිරීම සම්බන්ධයෙන් සිතා බැලිය යුතු බවයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top