දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර අද පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයේ දී කණ්ඩායම් දෙකේ ම වෙනස්කම් සිදුවිය හැකි බව ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
ඒ අනුව භානුක රාජපක්ෂ වෙනුවට පසුගිය තරගයට ක්‍රීඩා නො කළ අවිශ්ක ප්‍රනාන්දු යළි කණ්ඩායමට එක්වෙනු ඇති.
ඊට අමතර ව කමිඳු මෙන්ඩිස් ද අද තරගයට බොහෝදුරට ක්‍රීඩා කරනු ඇති බවයි 'ක්‍රික්ඉන්ෆෝ' වෙබ් අඩවිය වාර්තා කළේ.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා විවේක ගැන්වීමට තීරණය කර ඇති අතර, විඈන් මෝල්ඩර් ඔහු වෙනුවට අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.