Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
"අපිට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි කන්න තියෙන්නෙ මේ වස විස තියෙන දේවල්ම තමයි..." - අභිෂේකා විමලවීර

- "අපිට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි කන්න තියෙන්නෙ මේ වස විස තියෙන දේවල්ම තමයි..." - අභිෂේකා විමලවීරHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,519 Views
මේ දවස්වල අලුත් මියුසික් වැඩ කිහිපයකට සූදානම් වෙනවා.ඊට අමතරව සුපුරුදු විදිහට විශ්වවිද්‍යාලයේ ඉගෙනීම් වැඩ කටයුතු කෙරීගෙන යනවා.ඔය අතරෙම ව්‍යාපාර කටයුතුත්, දියණියගේ කටයුතුත් ඇතුළු සියලු කටයුතු කරගෙන සතුටෙන් ඉන්නවා .

මෙච්චර වැඩ කරන්න කාලය ප්‍රශ්නයක් නොවේ ද ?
නැහැ .කොහොමත් මම දෛනික කටයුතු කරන්නේ කාලය බෙදාගෙන සැලසුමකට අනුව. ඉතිං ඒ රාමුව වෙනස් වෙන්නේ විශේෂ වැඩක් යෙදුණොත් විතරයි. එ නිසා ඉතින් මම කරන කිසිම වැඩක් නිසා තවත් වැඩක් පාඩු වෙන්නේ වත් මගහැරෙන්නේ වත් නැහැ. ඒ විදිහටයි දිනය සැලසුම් කෙරෙන්නේ.
 
උයන එක වදයක් විදිහට දැනිලා නැද්ද ?
ඕනම වැඩක් දෛනිකව කරන්න ගියොත් පුංචි නීරස බවක් තියෙනවා. නමුත් උයන එක මට නම් කලාවක් .හරිම සතුටින් කරන දෙයක් .අලුත් අලුත් අත්හදා බැලීම් කරනවා.
 
උයන්න ගිහිල්ලා වැරදිලා එහෙම නැද්ද ?
අපෝ තියෙනවා ඕන තරම්. අද ලෝකෙ ඉන්න දක්ෂම සූපවේදියා ගත්තොත් ඔහු එතැනට එක වේලක් හදලා ඇවිල්ලා නැහැනේ. ඇත්තටම පළපුරුද්ද , අත්දැකීම තමයි වරදින්නේ නැතුව රස කෑමක් හදාගන්න අවස්ථාව උදාවෙන්නේ. දැන් රසට කට්ලට් හදන කෙනෙක් වුණත් අද ඒ තැනට ඇවිත් තියෙන්නේ සමහර වෙලාවට හදපු කට්ලට් 50ක් විතර කුඩුවෙලා, පොඩි වෙලා, කර වෙලා වෙන්න ඇති. හැමෝගෙම තත්ත්වය ඕකයි. හැබැයි ඉතින් කොහොම උනත් මට වරදින කෑම නම් විසි කරන්නේ නැහැ කන්න පුළුවන් විදියට කොහොමහරි ගොඩ දා ගන්නවා .
 
උයන වෙලාවට ටීවි බලන්න., රේඩියෝ අහන පුරුද්දක් තියෙනවාද?
සාලයට යාබදව යි පැන්ට්‍රිය තියෙන්නේ . ඒ නිසා ඉතින් දුව නරඹන රූපවාහිනී වැඩසටහන් වල ශබ්දය අහ ගෙන තමයි බොහෝ වෙලාවට උයන්නේ .
 
එහෙනම් ඉතින් මුළුතැන්ගෙ නිතරම පිරිසිදුව තියා ගන්න වෙනවා නේද ?
ඔව්. මම ඉන්නෙ එපාර්ට්මන්ට් එකක.සාමාන්‍යයෙන් මුළුතැන්ගෙයක් තියෙන්නේ නිවෙසේ පිටිපස්සේ නේ .සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් කුණු හංගන තැනක් විදිහට, දවසේ කුණ එකතු කරලා තියා ගන්න තැනක් විදිහට කුස්සිය තෝරගත්තට මට ඒ දේ කරන්න බැහැ.මොකද මගේ කුස්සිය තියෙන්නෙ සාලෙ නිසා . පිළී ගඳක් දුගඳක් හමන්න ඇති වෙන්න පිරිසිදුව පිළිවෙලට තියාගන්න මට නිතරම සිදු වෙනවා ...කොහොමත් පිළිවෙලයි ,පිරිසිදු කමයි මං පුංචි කාලේ ඉඳලම අම්මා ගෙන් ඉගෙන ගත්ත දේවල් නිසා මට දැන් මේ වැඩ කටයුතු තනියම කරගන්න හරිම පහසුයි. වැලි කැටයක්වත් පැගෙන්නේ නැති විදිහට නිවස තියාගන්න එක මගේ පුරුද්දක් ...
 
පුංචි කාලේ ඉඳලම දුවට ඉවුම් පිහුම් කටයුතු කියලා දෙන්න අම්මා උත්සාහ කළා ද?
අම්ම් බලෙන් කිසිම දෙයක් කියලා දෙන්න උත්සාහ කළේ නැහැ.නමුත් ඇය කරන හැම දෙයක්ම මං සතුටින් බලන් හිටියා .ඇය ට උදව් කළා .මට හිතුනා ම තනියම ඉව්වා .දන්නැති කෑම හදන්න අමිම් ගෙන් අහ ගත්තා. බොහොම රසට කෑම හදන්න පුළුවන් .ඒ වගේමයි කරන හැම වැඩක්ම පිලිවෙලට පිරිසිඳුව කරනවා .
 
අන්තර්ජාලයෙන් බලලාත් කෑම හදන වෙලාවල් තියෙනව ද ?
විශේෂයෙන් ම විදේශ රට වල කෑම වර්ග නම් අන්තර්ජාලයෙන් බලලා හදන වෙලාවල් තියෙනවා ...ඒ හැරෙන්න ඉතින් අනිත් කෑම නම් සමහර වෙලාවට හිතලා හදන වෙලාවලුත් තියනවා ....
 
කැවිලි වර්ගත් හදන්න පුළුවන් ද ?
ආස්මී දොදොල් වගේ ඒවා නම් බැහැ.කොණ්ඩ කැවුම් වලත් කොන්ඩෙ ගන්න බැහැ .කොකිස් ,මුං කැවුම් ,පැණි වලලු අති රස ,ඒ වගේ දේවල් නම් රසට හදන්න පුළුවන් ....
 
ඔබ හදන කෑම වලින් හැමෝම සතුටින් කන්නේ මොනවාද?
එහෙම විශේෂයක් නම් නැහැ .හදන හැම කෑමක් ම සතුටින් කනවා .ඕනෑම කෑමක් මට රහට ත් හදන්න පුළුවන් .
 
කෑම රස වෙන්න අත් ගුණය බලපානවා ද ?
ඒ ගුණය ගැන නම් විශ්වාස කරනවා ...පළපුරුද්ද යි, අත්දැකීමයි මත ,එය ලගා කර ගන්නත් පුළුවන්.
 
ආදරයෙන් සෙනෙහසින් කෑම හැදුවාම කෑම රහ වෙනවා කියන්නේ ඇත්තද ?
ඒක ගැන නම් මම දන්නේ නැහැ .කෑමක් රහ වෙන්න බලපාන්නේ යොදන තුන පහ ප්‍රමාණයයි ,පිසින ක්‍රමයයි ..එ.හැරෙන්න ඉතින් එකම තුන පහ ප්‍රමාණය ,එකම ලූනු, අමු මිරිස් ප්‍රමාණය දාලා දහ දෙනෙක් කෑම හැදුවොත් රස දහයක් නේ එන්නේ ..
 
ඔබට උයන්න ගොඩක් වෙලා යනවද ?
උයන වෑංජන ගානයි, තෝරගන්න එලවලු, මාළු අනුවයි නං කාලෙ වෙනස් වෙනවා .කොහොම වුණත් ඉතින් ඉක්මනින් උයන්න පුළුවන් හැකියාවක් මට තියෙනවා ...
 
ඔබ හදන කෑමක් හැමෝම සතුටින් කද්දි මොකද හිතට දැනෙන්නේ .විශේෂයෙන්ම අගය කරද්දී ?
එවැනි අවස්ථාවල දී හිතට ලොකු සතුටක් දැනෙනවා .හදන හැම කෑමක් ම රසට හදන්න ලොකු හයියක් එනවා .
 
ඔබ මුළුතැන්ගෙයි ඉන්නකොට කවුරුහරි උයන්න උදව් කරනවට කැමති ද?
දෛනිකව තියෙන රාජකාරිත් එක්ක උයන වෙලාවට කවුරු හරි උදව් කරනවා නම් ඒක උයන වැඩ ටික ඉක්මනින් කර ගන්න පහසුවක්නේ....මහත්තයාටත් හොඳට උයන්න පුළුවන් .නමුත් ඉතිං ඔහුගේ රාජකාරිත් එක්ක ගොඩක් වෙලාවට මුළුතැන්ගෙයි කටයුතු කරන්න වෙලාවක් නැහැ .මම මගේ වැඩට ඉන්න කෙනාත් එක්ක සියලු වැඩ කටයුතු කර ගන්නවා ....තියෙන වැඩත් එක්ක කුස්සියේ ඉන්න ලොකු වෙලාවක් නැති නිසා.
 
කෑම බීම තෝර ගනිද්දි මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ?
ඇත්තටම වස විස නැති ,බෙහෙත් ගහපු නැති දෙයකට අපිට කන්න තියෙන්නේ ” පොල් විතරයි. එහෙම බැලුවහම ඉතින් මොන විදිහට තෝරාගැනීම් කළත් අපිට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි කන්න තියෙන්නෙ මේ වස විස තියෙන දේවල්ම තමයි.
 
ගෘහණියක් ,මවක්, විදියට අරපිරිමැස්ම ගැන මොකද හිතන්නේ ?
ගෙදර ඉන්න පිරිසට අවශ්‍ය ප්‍රමාණයට ,අහක යන්නේ නැති විදිහට කෑම පිළියෙල කර ගන්න තැන ඉඳලා ,හැම දෙයක් ම අර පිරිමැස්මෙන් කරන පුරුද්දක් තියෙනවා ....හැබැයි මේ වෙලාවේ නම් ගොඩක්ම හිතන්නේ හම්බ කරන දේවල් වලින් යම් කිසි මුදලක් ඉතුරු කර ගන්න .... ...ඇත්තට ම අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීම සෑම ගෘහණියක් ම උවමනාවෙන් කළ යුතු දෙයක් .
 
දියණියට කෑම පිළියෙල කිරීමේදී සැලකිලිමත් ද ?
ඔව් විශේෂයෙන්ම ඇයට නම් කෑම පිළියෙල කරගැනීමේදී සැලකිලිමත් ...මේ දවස් වල ඇගේ බර පොඞ්ඩක් අඩු වෙලා තියන නිසා තුන් වේලට ම කාබෝහයිඩ්‍රේට් අඩංගු කෑම ලබා දෙන්න උත්සාහ කරනවා .....
 
මුලුතැන්ගෙයි කටයුතු කාන්තාවක්ම කළ යුතුයි කියලා විස්වාස කරනවද ?
නැහැ .අතීතයට සාපේක්ෂව වර්තමානයේ කාන්තාවත් පවුලෙ ආර්ථිකයට බොහෝ සෙයින් දායක වෙනවා .ඒ නිසා ඇයට පවුලේ සියලු
දෙනාගේම සහයෝගය අත්‍යවශ්‍යයි.හැබැයි මම පොදුවේ හිතෙනවා වර්තමානය වන විට කාන්තා ව කියන කෙනාට පවුල තුළ ලොකු වටිනාකමක් වගේම ලොකු සහයෝගය කුත් ඇගේ වැඩ කටයුතු සාර්ථක කර ගන්න ලැබෙනවා ....ඇත්තට ම විය යුතු දෙයක් .
 
අසුන්තා එදිරිසූරිය
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top