Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
14
"වැටිලා නැගිටලා ආයෙමත් දිව්වා.." - ඔලිම්පික් පදක්කම් තුනක් ගෙළ දාගත් සිෆාන්ගේ ධෛර්ය ගැන ලෝකයම කතා කළ හැටි

- "වැටිලා නැගිටලා ආයෙමත් දිව්වා.." - ඔලිම්පික් පදක්කම් තුනක් ගෙළ දාගත් සිෆාන්ගේ ධෛර්ය ගැන ලෝකයම කතා කළ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26 Views
‘ඈ ඇදවැටුණා ය. ඔලිම්පික් ධාවන පථය මත විසිව ගියා ය. එහෙත් ඈ ඉන් තම ධෛර්යයට ඇදවැටීමට ඉඩ දුන්නේ නැත. අසුරු සැණින් නැඟිට තමා පරයා ඉදිරියට ගිය සියලු ක්‍රීඩිකාවන් අභිබවන්නට ඔවුන් පිටුපස හැල්මේ දිව ගියා ය. ඒ කිසිදු බාධකයකට පරාජය කළ නොහැකි ගැහැනියක සතු අසමසම ශක්තිය ප්‍රකට කරවමිනි.’

ඈ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී මීටර් 5000 සහ මීටර් 10,000 රන් පදක්කම දිනා ගත්තා ය. එසේම මීටර් 1500 ඉසව්වේ ලෝකඩ පදක්කම ද දිනුවා ය. එකම ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දී මෙම ඉසව්වලින් පදක්කම් ලැබූ ඉතිහාසයේ එක ම ක්‍රීඩිකාව ලෙසින් ද ඈ තම නම සනිටුහන් කර ගත්තා ය. ඇය නමින් සිෆාන් ය. ඈ මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දින අටක කාල පරාසයක් තුළ පැවති මීටර් 1500 (විනාඩි 3:55.86,) මීටර් 5000 (විනාඩි 14:36.7) සහ මීටර් 10000 (විනාඩි 29:55.3) රන් සහ ලෝකඩ පදක්කම්වලින් සිය ගෙල සරසා ගත්තිය වූවා ය. මෙවර ටෝකියෝහි දී නෙදර්ලන්තය දිනා ගත් සමස්ත රන් 10 න් , ලෝකඩ 14 න් සහ මලල ක්‍රීඩා ඉසව්වලින් දිනා ගත් රන් පදක්කම් 02 හා ලෝකඩ පදක්කකම් 03 අතරට ඈ පදක්කම් තුනකින්ම දායක වූයේ එසේ ය. නෙදර්ලන්තය වෙනුවෙන් ඔලිම්පික් පදක්කම් දිනූවද ඇය උපතින් ඉතියෝපියානුවෙකි. දිළිඳු බවේ සංකේතයක් බඳු ඉතියෝපියාවේ අඳුරු හා මුළු ගැන්වුණු ගමක් වන අදාමාහි උපන්නියකි. 
 
ඒ 1993 ජනවාරි 01 දා ඔරමෝ ගෝත්‍රයේ සාමාජිකාවක ලෙසිනි. රටේ ඇති නිමක් නැති දූෂණ, සාගිනි සහ දුප්පත්කම ඉතියෝපියාව ලෝකයේ පවතින අන්ත දුප්පත් රටක් බවට ම ලේබල් විණි. 1970 එරට ඇරඹි සිවිල් අරගලය එය තවත් දරුණු කළා ය. එකී අරගලයට සම්බන්ධ වූ ටයිග්‍රයිස් ත්‍රස්තවාදීන් නිසා ඉතියෝපියාවේ මිලියන 1.4 ක ගේ ජීවිත විනාශ වූ යේ ය. දීර්ඝකාලීන ව පැවැති එම සිවිල් අරගලය යම් තාක් දුරකට නිමා වූයේ මීට දසකයකට පමණ පෙර ය. ඈ 2008 වසර වන තුරුම හැදී වැඩුණේ සිවිල් අරගලයක රත් පැහැ ගිනි පුපුරු මැද ය. යන්තමින් පහළොස් වියට පාතබන විට මේ වේදනාකාරී පරිසරයෙන් පලායාමේ උවමනාවක් ඇයට දැඩිව දැනිණි. ඈ ජීවිතය පරදුවට තබා උපන් බිමෙන් පලායෑමට සැලසුම් කළා ය. ඊට මඟ වැටී තිබුණේ බොහෝ අප්‍රිකානු කළු ජාතිකයන් සේ යුරෝපයට පලායෑමෙනි. 2008 වසරේ එක්තරා දිනක සරණාගතයකු සේ ජීවිතය බේරාගෙන ඇය නෙදර්ලන්තට පලා ආවා ය. සිෆාන් නෙදර්ලන්තය තුළ තමන් පීඩා විඳි ඉතියෝපියානු අඳුරු අතීතය සිතින් අමතක කර දමන්නට උත්සුක වූවා ය. ඒ අනුව ඈ හෙදියක වීම සඳහා උගෙනීම ඇරැඹුවා ය.
 
 ඒ සමඟ තමන් තුළ ඇති මලල ක්‍රීඩාවේ විභවය එළියට ගැනීම කෙරේද උනන්දු වන්නට විණි. හෙදකම අතර මැරතන් පුහුණුවට පිවිසියේ එහෙයිනි. ඈ නෙදර්ලන්තයේ ප්‍රකට වූයේ මැරතන් දුවන හෙද සිසුවියක ලෙස ය. එම පුහුණුවේ, වෙහෙස වීමේ, කැපවීමේ ප්‍රතිඵලය ඈ සොයා ආවේ 2011 වසරේ ය. ඒ යුරෝපයේ ප්‍රකට ධාවන තරගයක් වන අයින්ඩ්හොවන් අර්ධ මැරතන් තරගයෙනි. විස්මිත ලෙස ඈ එම තරගය ජයග්‍රහණය ලැබූවා ය. තමන් සතු ධාවන හැකියාව ගැන පූර්ව තක්සේරුවකට පැමිනීමට ඒ ජය ඇයට ඉවහල් විණි. 2012 ලෙඩින් ගෝල්ඩ් ස්පයික් තරගාවලිය ඉලක්ක කර තම පුහුණු වීම් ඇරඹීමට ඈ කටයුතු කළා ය. ඒ අතරතුර කාලයේ දී නෙදර්ලන්තයේ රට හරහා දිවීමේ මැරතන් තරගවල දී බොහෝ ජයග්‍රහණ මෙන්ම රට හරහා දිවීමේ තරග දෙකක (සිල්වෙස්ටර් ක්‍රොස් සහ මෝල් ලොටෝ ක්‍රොස් කුසලානය) ද අනුශූරතාව දිනා ගත්තා ය. ඇය 2012 දී එකී තරග ජය ග්‍රහණය තමන් සතු කර ගත්ත ද නෙදර්ලන්තය තුළ ඈ ඒ වද්දීත් ජීවත්වූයේ සරණාගතයකු වශයෙනි. එහෙත් වසර කීපයකින් ඒ සියල්ල වෙනස් විණි. එසේ ඇගේ ජීවිතය වෙනස් වූයේ 2013 වසරේ දී ය. 
 
එම වසරේ දී ඈ බෙල්ජියමේ පැවැති කේ.වී. සී. නයිට් ඔෆ් ඇත්ලටික් තරගාවලියට තරග කළා ය. ඒ මීටර් 800 ඉසව්ව නියෝජනය කරමිනි. ඈ එම ඉසව්ව විනාඩි 2 . 00 . 86 කින් නිම කළ අතර සිෆාන් නෙදර්ලන්තය නියෝජනය කළ හැකි ධාවන ශූරියක බව ඔප්පු කළා ය. ඇයට සරණාගත භාවයෙන් මිදී නෙදර්ලන්තයේ පුරවැසිභාවය ලැබී-මට එයද එක්තරා හේතුවක් විණි. පසුව අවස්ථා ගණනාවක දී ම නෙදර්ලන්තය නියෝජනය කරමින් ලෝක ශූරතා මැරතන් තරග නියෝජනය කරමින් ඇය එම ජයග්‍රහණවල අභිමානය නෙදර්ලන්තයට අත්කර දුන්නා ය. ඒ නිසාම සිෆාන් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උෙළලට පැමිණියේ කලකට පසු නෙදර්ලන්තයේ පහළ වූ විශිෂ්ට ම ධාවන ශූරියක ලෙස ය. එහෙත් ඔලිම්පික් රන් පදක්කමක් කරා ළඟා වීම නම් ඇයට එතරම් සරල කළේ නැත. මීටර් 5000 ඔලිම්පික් රන් පදක්කම අත පොවන මානයේ දී ඈ බිම ඇදවැටුණි. සිෆාන් අසලින් ධාවනයේ යෙදුණු කෙන්යානු ක්‍රීඩිකා ජෙබ්ටොක්ෙග් පය සිෆාන් ද ධාවන පථයේ ඇද වැට්ටවීම හේතුව ය. ඒ ඇසිල්ලෙන් අනික් තරගකාරියෝ ඔවුන් පසුකර ඉදිරියට ඇදුණ හ. එහෙත් ඇසිල්ලකින් ඈ නැඟිට්ටා ය. යළි හැල්මේ දිවීම ඇරැඹුවා ය. 
 
ඒ උත්සාහය නිසා ඇය පසු කර ගිය සියලු ක්‍රීඩිකාවන් යළි අභිබැවීමට සිෆාන්ට හැකිවිණි. ජය කණුව පසු කරන විට සෙසු ක්‍රීඩිකාවන් සිටියේ සිෆාන් පසුපසිනි. සැබැවින්ම එය ඔලිම්පික් ඉතිහාසයේ සනිටුහන් වූ සුන්දර දසුනකි. අවසන සිෆාන් හසන් නම් ධෛර්යයවන්ත ගැහැනිය ටෝකියෝ ඔලිම්පික් උළෙල අවසන් වන විට පදක්කම් ත්‍රිත්වයක් හිමි කරගෙන සිටියා ය. එම පදක්කම් තුළ නිදන්ගතව තිබුණේ ධෛර්ය වන්තකමේ ගැඹුර ය.
 
බන්ධුල ජයමාන්න 
ක්‍රීඩා
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top