Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
14
"තරුණ කාලෙම පණ වුණත් දෙන්න කියලා හිතලා ප්‍රේමයක පටලැවිලා විවාහ වුණා, ඒ විවාහය දෙදරලා ගියා.." - වීණා ජයකොඩි

- "තරුණ කාලෙම පණ වුණත් දෙන්න කියලා හිතලා ප්‍රේමයක පටලැවිලා විවාහ වුණා, ඒ විවාහය දෙදරලා ගියා.." - වීණා ජයකොඩිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

53 Views
"ළමයි ගැන හිතලා දෙවන විවාහයක් කර ගත්තා. ඒකත් අසාර්ථකයි..."
 
 "තුට්ටු දෙකට මගේ ආත්මයත්, රංගනයත් පාවා දෙන්න මට බැහැ..." 
 
"කැන් යූ හියර් මී" ටෙලි නාට්‍යයෙන් පස්සෙ තව ම මම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා නෑ. දැන් ටෙලි නාට්‍ය කෙරෙන හැටි දැක්කා ම මට හිතුණා ගෙදරට වෙලා ඉන්න එක හොඳයි කියලා.

මම මුලින් සම්බන්ධ වුණේ 'අත්ත බිඳෙයි' ටෙලි නාට්‍යයට යි. කණ්ඩායමක් හැටියට හැමෝම හොඳ එකමුතුවකින්, එකිනෙකාට ගෞරවයෙන්, පිළිවෙළට, ශිල්පීය බවකින් වැඩ කළා. එයින් පස්සේ සම්බන්ධ වුණු නිර්මාණවලත් ඒ බව තිබුණා. අද දන්න අයයි, නොදන්න අයයි හැමෝ ම ටෙලි නාට්‍ය හදනවා. පුළුවන් අයයි බැරි අයයි හැමෝම රඟපානවා. චරිතෙට අවශ්‍ය කෙනාද නැද්ද නොබලා ලාබෙට ලේසියට කවුරු හරි අරන් රූගත කරනවා.
 
එකම වාහනෙන් හැමෝම එකතු කරගෙන යනවා. හැමෝගෙම වැඩ ඉවර වෙනකන් හැමෝම කාලය නාස්ති කරමින් දුක් විඳිමින් දර්ශනතලවල බලා ඉන්නවා. සමහරු තමන්ට ඊළඟ අවස්ථාව නැති වෙයි කියලා හැම දේම ඉවසගෙන ඉන්නවා. මට එහෙම බෑ. සල්ලි හොයන ටෙලි නාට්‍ය තමයි දැන් වැඩිපුර තියෙන්නේ. කලාත්මක නිර්මාණ අඩුයි. මම කාටවත් පන්දම් අල්ලලා ආව කෙනෙක් නෙවෙයි. මම බොහොම කැපවීමෙන් මගේ රංගන ජීවිතය ගොඩ නඟා ගත්ත කෙනෙක්. තුට්ටු දෙකට මගේ ආත්මයත්, රංගනයත් පාවා දෙන්න මට බැහැ."
 
සිය මව විසින් ප්‍රවීණ සිනමාවේදී ගාමිණී ෆොන්සේකයන්ට තමා ව හඳුන්වා දීම රංගන ජීවිතයේ සුවිශේෂ ගමනක ඇරඹුමක් වූ බව වීණා සිහිපත් කළේ කෘතවේදීත්වයෙනි.
 
"සාගරයක් මැද චිත්‍රපටයේ රූගතකිරීම් අතරේ මම කොණ්ඩෙ බැඳලා, සාරියකුත් ඇඳගෙන, අම්මාගේ චරිතය කරමින් ඉඳලා අඹ ගහක් උඩ නැඟලා අඹ කැඩුවා. ඒ වෙලාවේ ගාමිණී ෆොන්සේකා මහතා ‍‍'අර ගෑනිට බහින්න කියනවා බිමට' කියලා කෙනෙක් ගහ ළඟට එවලා තිබුණා. ගාමිණී ෆොන්සේකා මහත්මයා අපට රඟපෑම වගේ ම චරිතයක ගරුත්වය, රූගත කිරීමක් අවසන් වනතුරු චරිතයේ ඒකාත්මික බව රඳවා ගැනීම, නිර්මාණ කාර්යයේදී තිබිය යුතු විනය හොඳින් ඉගැන්වූවා. ගාමිණී මහත්මයා එක්ක වැඩ කරද්දී මං හොඳට බැණුුම් අහලා තියෙනවා"
 
මදර් තෙරේසා සිනමා පට දෙකක්, රෝඩ් ටු බැංගලෝර්, පීටර් වන්, අ කොමන් මෑන්, මැතිව් ආදි විදේශීය නිර්මාණ රැසකට ද වීණා රංගනයෙන් දායක වූවා ය.
 
"ඒ අවස්ථා බොහෝමයක් මට ලැබුණේ චන්ද්‍රන් රත්නම් මහතා නිසයි.
 
ඊට පස්සෙත් විදේශීය නිර්මාණ බොහොමයකට මට ආරාධනා ලැබුණා. සමහර ඒවට මට යන්න බැරි වුණා. ඕනෑවට වඩා ඒවා හඹාගෙන යන්න මට ආසාවක් තිබුණේ නැහැ. මේ රටේ කරපු දේවල් ගැන මම සෑහීමකට පත් වෙනවා. විදේශ රටවලින් ලැබිච්ච ඇගයීම් වටිනවා. විදේශීය නිර්මාණකරුවෝ එක්ක වැඩ කරද්දි වෙලාව, පිළිවෙළ හරියට ම තිබුණා. මට ඒ දේවල් අමුතු දෙයක් වුණේ නැහැ. මොකද ගාමිණි ෆොන්සේකා මහත්මයා එක්ක වැඩ කරද්දි පිළිවෙළක්, විනයක් තිබුණා."
 
 
ඇයගේ සැබෑ ජීවිතයත් සිනමාපටයක තිර කතාවක් වගේ යැයි විටෙක මට සිතිණි.
 
"තරුණ කාලෙම පණ වුණත් දෙන්න කියලා හිතලා ප්‍රේමයක පටලැවිලා විවාහ වුණා. වැඩිමල් දුව, ඊට පස්සේ පුතාලා දෙන්නයි. විවාහය දෙදරා ගියා. ළමයි එක්ක තනියම ජීවත්වෙන්න අමාරුයි කියලා හිතලා දෙවන විවාහයක් කර ගත්තා. ඒකත් අසාර්ථකයි. මං ළමයි තුන්දෙනා හොඳට හදා ගත්තා. ලොකු පුතා මාත් එක්ක ප්‍රසන්න විතානගේගේ චිත්‍රපටයක රඟපෑවා. දුවට ආරාධනාවක් ලැබුණු වෙලාවක දුව කිව්වේ 'අනේ අම්මා වින්ද දුක මට නම් විඳින්න බෑ' කියලයි. සිනමාවට සම්බන්ධ වෙන්නත් කලින් මට විවාහ යෝජනාවක් ඇවිත් තිබුණා. එයා ගොඩක් සැර පරුෂ කෙනෙක් නිසා මම ඒ කාලෙ කැමැති වුණේ නැහැ. ඊට අවුරුදු 30 කට විතර පස්සේ අපි නැවත හමු වුණා. මම ඔහු සමඟ දෙදහස් එකේදි මගේ දරුවන්ගේ කැමැත්ත ඇතිව විවාහ වුණා. ඔහු සමඟ විදේශගතවත් ටික කාලයක් හිටියා. මීට වසර දෙකකට විතර කලින් ඔහු පිළිකා රෝගයකින් මිය ගියා. මම දැන් ගහ කොළ සොබාදහම විඳිමින් නිදහසේ ඉන්නවා. අල්ලපු ගෙදර මගේ දුව ඉන්නවා. මගේ දරුවන්ගේ දරුවෝ හය දෙනෙක් ඉන්නවා. මම දවසේ වැඩි වෙලාවක් දෙවියන් වඳිනවා. ඉතින් මට මොන තනිකමක් ද...."
 
 
තුෂාරී කළුබෝවිල
රසඳුන
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top