Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
"කියුලා මඟහැර ගිය වාස් යළි එක්වරම ඇය ඉදිරියට ඇවිත් විවාහ යෝජනාවක් කළා.." - පරාජය පසෙකලා පැරාලිම්පික් බිමේ උපන් කියුලා - වාස් ආදර කතාව

- "කියුලා මඟහැර ගිය වාස් යළි එක්වරම ඇය ඉදිරියට ඇවිත් විවාහ යෝජනාවක් කළා.." - පරාජය පසෙකලා පැරාලිම්පික් බිමේ උපන් කියුලා - වාස් ආදර කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,847 Views
ලෝකය රඟ මඬලක් යැයි විලියම් ෂේක්ෂ්පියර් කීවේ ය. ඒ රඟ මඬලේ ගෙවෙන සෑම තත්පරයක දී ම විවිධ ජවනිකා රඟ දැක්වේ. ද්වේෂය, ශෝකය, වෛරය මෙන්ම ප්‍රේමය වැනි විවිධ භාවමය ජවනිකා ද ඒ අතර වෙයි. එවැනි ප්‍රේම ජවනිකා බොහොමයක් ප්‍රසිද්ධ නොවූවත් ඇතැම් ඒවා ලෝ පූජිත ය. ලෝකය තුළ මහත් ආලෝකයක් ඇති කළ හැකි තවත් අපූරු ආදර කතාවක් පැරා ඔලිම්පික් උළෙලේ දී දක්නට ලැබුණේ ය. මේ ඒ ආදර කතාව ය.'

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ කාන්තා මීටර් 200 T11 දෘශ්‍යාබාධිත ධාවන අංශයේ මූලික තරගයක් පසුගිය සැප්තැම්බර් 2 වැනි දා පැවැත්විණි. ඒ තරග ඉසව්ව සඳහා රටවල් හතරක් නියෝජනය කරමින් තරගකරුවෝ තරග වැදී උන් හ. දෘශ්‍යාබාධිත ධාවන තරග ඉසව්වක් හෙයින් ඔවුන්ට මඟ කියන්නට දෙනෙත් පෙනෙන ධාවකයෙක් ද තරගයට සහභාගි කරවීම පැරාලිම්පික් නීතිය වි ය. මේ අනුව අදාළ තරග ඉසව්ව වෙනුවෙන් අප්‍රිකානු රාජ්‍යයක් වන කේප්වර්ඩ් දිවයින ද එක් ක්‍රීඩිකාවක් සහභාගි කරවා තිබිණි.
 
 ඈ නමින් කියුලා නිද්‍රියා පෙරෙයිරා සෙමෙඩෝ ය. ඇගේ සහයට අත්වැල් සැපයීමට ධාවන පථයේ රැඳී සිටියේ මැනුවෙල් ඇන්ටෝනියෝ වාස් නමැති ක්‍රීඩකයෙකි. නමුත් කේප්වර්ඩ් දිවයින නියෝජනය කළ කියුලාට හිමි වුණේ මූලික තරගයේ සිව්වැනි ස්ථානය ය. තරගය නිම වී මොහොතකට පසු එම ඉසව්වේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන ලබා ගත් ක්‍රීඩිකාවන් ධාවන වළල්ල මත දී සමූහ ඡායාරූපයකට පෙනී සිටින්නට සූදානම් වූ හ. එහෙත් ඒ සමූහ ඡායාරූපයට පෙනී සිටීම මඟ හැර කියුලා නමැති ක්‍රීඩිකාවට දිව යන්නට මඟ පෙන්වමින් සහය දැක්වූ වාස් ක්‍රීඩාගාරයට ගියේ ය. නමුත් කියුලා මඟහැර ගිය වාස් යළි එක්වරම ඇය ඉදිරියට පැමිණ විවාහ යෝජනාවක් ඉදිරිපත් කළේ ය. ඒ කියුලා අබිමුව දණ බිම හොවා ඇගේ මංගල අතැඟිල්ල මුදුවකින් සරසමිනි. වටපිටින් නැඟුණේ ඔල්වරසන් හඬ ය. ඒ ඔවුන්ගේ ආදර ගිවිසීමට ආශීර්වාදය පළ කිරීමක් ලෙස ය. 
 
ලොව පුරා රුපවාහිනී ප්‍රේක්ෂ-කයන් එක වර මවිතයට පත්කරවන මෙම සිදුවීම අසිරිමත් දසුනක් විණි. තරගය ජයග්‍රහණය කළ තිදෙනා ද තම සතුට බෙදා ගැනීම පසෙකලා අත්පොළොසන් දෙමින් ඔවුන් සිප වැලඳගනිමින් ආසිරි පැතූ හ. 32 වැනි වියෙහි පසුවන කියුලා නිද්‍රියා පෙරෙයිරා සෙමෙඩෝ මෙවර නියෝජනය කළේ සිය පළමු පැරාලිමිපික් ක්‍රීඩා උළෙලයි. මීටර් 100 සහ 200 යන ඉසව් දෙකට ම සහභාගී වූ ඇය එම ඉසව් දෙකෙන්ම පරාජයට පත් විණි. ටෝකියෝ පැරාලිම්පික් බිමේ දී ඇය ධාවනයෙන් පරාජයට පත් වුව ද, සිය ජීවිතයේ ඉදිරියට යන්නට අත්වැල සපයන්නට ඇයට ඇගේ ධාවන පථයේ සහ-කරුවා ඉදිරිපත්ව සිටීම අපූරු ය. 
 
එය පැරාලිම්පික් බිමේ දිවිවැල ඇල්ලීමේ අපූරු ප්‍රේම කතාවක් සම්පූර්ණ වීම ලෙස මුළු ලෝකය තුළ බොහෝ කාලයක් අමතක නොවන මතයක් බවට පත්වනු නිසැක ය. ප්‍රේමය පහළ වන්නේ, ඒ ප්‍රේමය ජය ගන්නේ, එකී ප්‍රේමය ගිවිස ගත හැකි අලුත් ම අලුත් ස්ථානයක් බවට ධාවන පථය පත් කළ කියුලා හා වාස් ගේ ප්‍රේමය සදාකාලික මතකයක් නොවනු ඇතැයි කාට නම් කිව හැකි ද? පසිඳු මිහිරාන් රැටියල ක්‍රීඩා
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top