Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
"කකුල් දෙකට මාංචු දාලා ඔලුව පහළට අඹ ගහේ එල්ලලා ගැහුවා..." - බැටරියක් සොරකම් කළා කියා, පුද්ගලයෙකුට පොලිසිය සිදු කළ අමානුෂික පහරදීම

- "කකුල් දෙකට මාංචු දාලා ඔලුව පහළට අඹ ගහේ එල්ලලා ගැහුවා..." - බැටරියක් සොරකම් කළා කියා, පුද්ගලයෙකුට පොලිසිය සිදු කළ අමානුෂික පහරදීමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,433 Views
පොලු මුගුරුවලින් පහර දුන්නා මට සිහිය නැතිවුණා....
 
දැනෙන වේදනාව ඉවසන්න බෑ ,නොකියා ඉන්නත් බෑ...
 
බැටරියක් සොරකම් කළා යැයි පවසන පුද්ගලයෙකුට අක්මීමන පොලිසිය විසින් ඉතා අමානුෂික ලෙස පහර දී තිබෙනවා.
 
රෝහලගතව ප්‍රතිකාර ලබන අතර තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඔහු බලදාරීන්ගෙන් ඉල්ලීමක් සිදු කරනවා.

අදාළ සිදුවීම මෙසේ ය.
 
කොට්ටව, තෙල් කොළ දෙනිය වත්ත වයස 37ක  ධීවර රැකියාවක නිරත  පුද්ගලයකුට පොලිසිය විසින් පහර දුන් බව කියයි. පසුගිය 29 වන දින මෙම පුද්ගලයා  වලහන්දූව ප්‍රදේශයේ පිහිටි  මිතුරෙකුගේ ගරාජයක තිබූ වාහන බැටරියක් සොරකම් කර එම බැටරිය  ගාල්ල ප්‍රදේශයට රැගෙන විත් යකඩ බඩු කඩේකට ලබාදී රුපියල් 1200 ක්  ලබාගෙන තිබිණි
 
ඉන් අනතුරුව  ගාල්ල ධීවර වරාය වෙත  පැමිණ තිබේ.  නැවත වරාවෙන් පිටවන පිට වන අවස්ථාවේදී  ඔහුගේ  මිතුරා විසින් ඔහුව අල්ලාගෙන වරාය පොලිසිය වෙත භාරදී තිබේ.
 
පසුව අක්මීමන පොලිසිය පැමිණ  මොහු අත්අඩංගුවට ගෙන රැගෙන ගොස් තිබේ.  
 
 
අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකකරු කියා සිටියේ මෙවැන්නක්.
 
බැටරිය අයිතිකරු වන මිතුරා නඩුත් එපා මුකුත් එපා කියලා බැටරිය අරගෙන ගියා, පස්සෙ මම ගෙදර යැව්වෙ නෑ වරෙන්තු තියෙනවා කියලා පොලිසිය තියාගත්තා  ඊට පස්සේ කූඩුවට දැම්මා  , පැය දෙකක් තුනකට පස්සේ  මොනවද හොරකම් කළේ කියලා අහලා  මාංචු දැම්මා , හොඳටම ගැහුවා පොලු මුගුරු පාරවල් තුන්සියයක් පමණ ගැහුවා , 
අපේ ගෙවල් ළඟ බැටරි  දෙකක් නැති වෙලා තියෙනවා ඒ බැටරි දෙක දීපන් කියලා  පොලිසිය කිව්වා නඩුකාරතුමාගේ ගේ කඩල අරගත්තු ටීවී එක රුපියල් පහළොස් දාහ (15000) මගෙන් ඉල්ලුවා දෙකම මම කරේ නෑ , ඊට පස්සේ කූඩුවට දාලා රාත්‍රී හතයි තිහට ( 7:30 )  පමණ  මට ගැහුවා කකුල් දෙකට මාංචු දාලා අත් දෙක පිටුපසට කරලා  බිම හරවල හොඳටම ගැහුවා පොලිසියේ  ලොකු මහත්තුරු දෙන්නෙක් ගැහුවා නැවත කූඩුවට දැම්මා පස්සේ, උදේ එළියට ගත්තා.
 
මගෙන් ඇහුවා බැටරි  දෙකයි නඩුකාරතුමාගේ ගේ කඩපු බඩු ටික දෙනවද කියලා  මම ගත්තෙ නෑ කියලා කිව්වා , 
පස්සේ කකුල් දෙකට මාංචු දාලා  ඔලුව පහළට අඹ ගහේ එල්ලුවා. ඊට පස්සේ පොලු මුගුරුවලින් පහර දුන්නා මට සිහිය නැතිවුණා දින 2කට පස්සෙ තමයි මම නැගිට්ටේ  ඒ වෙලාවේ පැනඩෝල් ඉල්ලුවා වතුර ඉල්ලුවා මුකුත් දුන්නේ නෑ , 
නැවත අරගෙන  හයි කෝට්  එකක් දාන්න නැත්නම් ද  නැත්නම්  කෑල්ලකට දාන්නද  කියලා කිව්වා , පොලිසිය ගැහුව කියල කිව්වොත් high court  දානවා කියලා කිව්වා  පස්සේ අපරාධ අංශයේ ස්ථානාධිපති  මහත්තයා කිව්වා බැටරිය ගත්තු තැන කඩේ කට්ටිය ගැහුව කියල කියන්න කියලා බලපෑම් කළා.
 
පොලිසිය ගැහුව කියල කිව්වොත්  මරල හංගන ම කිව්වා  නැත්තං බෝම්බයක් දානවා කිව්වා , ඇතුළට යන්න කුඩු කිලෝ එකක්  දානවා කිව්වා, ඒ බයට මම සද්ද නැතුව හිටියා ,    ඒ ගැන මම මොකුත් උසාවියේ දී කිව්වේ නෑ  පොලිසිය විසින් කුඩු පැකට් එකකට නඩු දැම්මා රුපියල් පන්දහසක්  (5000 ) දඩ ගැහුවා  අපේ අම්මා තමයි මාව බේරගත්තේ මට වත්කමක් නැහැ  ඉන්නේ කුලී ගෙදරක  පොලිසිය මට පහර දීම නිසා  පිටුපස  තට්ටම ප්‍රදේශය   තුවාල වල දැනෙන වේදනාව ඉවසන්න බෑ , මම කඹුරුපිටිය  රජයේ  රෝහලක  ප්‍රතිකාර ගන්නව‍ා,   පොලිසිය පැමිණ මගෙන් කටඋත්තර ගත්තා. ඒ නිලධාරියා කිව්වා  පොලිසිය එක්ක නඩු කියන්න එපා  ඔය සිද්දිය ඔතනින් අමතක කරන්න කියලා , පොලිසිය  මුකුත් කරයි කියලා  මම කාටවත්  මේ සිද්ධිය කිව්වේ නෑ  නමුත්  දැනෙන වේදනාව ඉවසන්න බෑ ,නොකියා ඉන්නත් බෑ ඉතින් මේ සඳහා මට සාධාරණයක් ඉටු කර දෙන මෙන් බලධාරීන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. 
 
මේ චෝදනාව සම්බන්ධයෙන්  අක්මීමන පොලිසියේ  ස්ථානාධිපති මධුරංග  අනුරප්පෙරුම මහතා  මෙසේ පැවසීය.
 
ඔය පුද්ගලයා කුඩු පැකට් එකකට තමයි අත්අඩංගුවට ගත්තේ  ඒ අවස්ථාවේදීත්  නොන්ඩි ගහමින් තමයි හිටියෙ, පොලිසිය පහර දීමක් සිදු කළේ නැහැ .
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top