අන්තවාදී මතවාද සමඟ බැඳුණු ප්‍රචන්ඩත්වය වර්තමාන ලෝකය මුහුණදෙන බරපතළ ම අභියෝගය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඉතාලියේ බොලොඤ්ඤාහි ඊයේ ආරම්භ වූ ජී විස්ස අන්තර් ආගමික සංසදයේ පළමු සැසිවාරයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අරමුණ කුමක් වුවත් කවර හෝ ආකාරයක ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහි ව නිරන්තර පරීක්ෂාවෙන් සිටිය යුතු බවයි.
කොවිඩ් වසංගතය මුළු මිනිස් සංහතියට ම මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්, වසංගතයෙන් බේරී නැවත ජන ජීවිතය ආරම්භ කිරීමට ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.