නිරෝධායනයට යොමු කෙරෙන පිරිස් චෝදනා කරන්නේ කොවිඩ් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් රැඳී සිටින පැය 12කටත් නොවැඩු කාල සීමාව සඳහා අදාළ හෝටල් තමන්ගෙන් අධික මුදලක් ගසා කන බවයි.
මෙලෙස හෝටල් නිරෝධායනයේදී ගසා කෑමට ලක්වූ පිරිස්, ඒ පිළිබඳව තොරතුරු හිරු සී.අයි.ඒ. වෙත ලබා දෙන ලෙස අප කළ දැනුම්දීමට අනුව සී.අයි.ඒ. කණ්ඩායමට ඇමතුම් ගලා ආවේ සිදුවූ අසාධාරණය හෙළි කිරීමට ඇති එකම හා හොඳම වේදිකාව හිරු ප්‍රවෘත්ති බව පවසමින්.
අප කළ සොයා බැලීමකදී හෙළිවුණේ එක් තරු පන්තියේ හෝටලයක් දිනක් සඳහා තනි පුද්ගලයෙකු රැඳී සිටින කාමරයකට ඩොලර් 170ක මුදලක්ද, දෙදෙනෙකුට රැඳී සිටිය හැකි කාමරයක් සඳහා ඩොලර් 210ක මුදලක් අය කරන බවයි.
ඊට අමතරව කොවිඩ් පරීක්ෂණයකට ඩොලර් 40ක්, රක්ෂණ ගාස්තු වශයෙන් ඩොලර් 12ක්, ගුවන් තොටුපොළ ප්‍රවාහන ගාස්තු වශයෙන් ඩොලර් 55ක්ද එම හෝටලය මඟින් අයකර ගැණෙනවා.
තවත් හෝටලයක් තනි පුද්ගලයෙකු රැඳී සිටින කාමරයක් සඳහා ඩොලර් 231ක් ද දෙදෙනෙකුට රැඳී සිටිය හැකි කාමරයක් සඳහා ඩොලර් 265ක්ද අයකර ගන්නා බවට තොරතුරු හෙළිවුණා.
ඊට අමතරව එම හෝටලයද කොවිඩ් පරීක්ෂණයකට ඩොලර් 40ක්, රක්ෂණ ගාස්තු වශයෙන් ඩොලර් 12ක්, ගුවන් තොටුපොළ ප්‍රවාහන ගාස්තු වශයෙන් ඩොලර් 55ක මුදලක් අයකර ගැණෙනවා.
තවත් තරු පන්තියේ හෝටලයක් තනි පුද්ගලයෙකු රැඳී සිටින කාමරයක් සඳහා ඩොලර් 235ක් ද දෙදෙනෙකුට රැඳී සිටිය හැකි කාමරයක් සඳහා ඩොලර් 297ක්ද ඇතුළුව තවත් පහසුකම් සඳහා මෙලෙස අධික මුදලක් අයකර ගන්නා බවයි අප කළ සොයාබැලීමේදී පෙනී ගියේ.
ඒ අනුව ඇතැම් හෝටල් සාමාන්‍ය තත්ත්වයකදී අය කරන මුදල මෙන් දෙතුන් ගුණයක් වැඩියෙන් නිරෝධායනයේදී ගසා කන බවටද තොරතුරු වාර්තා වුණා.
ඔබත් විදෙස් ගතව සිට යළි මෙරටට පැමිණීමේදී හෝටල් නිරෝධායනයෙන් ගසා කෑමට ලක්වූ අයෙක් නම් ඒ පිළිබඳව තොරතුරු ලබා දීම සඳහා 0770 322 821 හිරු සී.අයි.ඒ. දුරකථන අංකය අමතා තොරතුරු ලබා සිය හැකියි.
මෙරටට පැමිණීමේදී දෙස් විදෙස් සංචාරකයින්ට සිදුවන මෙම අසාධාරණයට විසඳුම් ලැබෙන තෙක් හිරු ප්‍රවෘත්ති තවදුරටත් අවධානයෙන්.
VIDEO