Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
“මගේ සේරම වැඩ ඉවරයි. අරුන් හූනියම් කරලා. මම නැත්තටම නැති වුණා. ඊර්ෂ්‍යාවට උන් මේක කළේ... කොඩිවිනයක් වළලලා ඇති....” - තරහකාරයන්ව නැත්තටම නැති කරන, හුඟක් භයානකයි කියලා කියන, හූනියම් කිරිල්ලේ ඇත්ත නැත්ත

- “මගේ සේරම වැඩ ඉවරයි. අරුන් හූනියම් කරලා. මම නැත්තටම නැති වුණා. ඊර්ෂ්‍යාවට උන් මේක කළේ... කොඩිවිනයක් වළලලා ඇති....” - තරහකාරයන්ව නැත්තටම නැති කරන, හුඟක් භයානකයි කියලා කියන, හූනියම් කිරිල්ලේ ඇත්ත නැත්තHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,600 Views
“ඒ අය තමයි මේක පටන් ගත්තේ...
ඒ හූනියම තමා හරහට හිටියේ..”

අපට හමුවන බොහොමයක් ව්‍යාපාරිකයන් මධ්‍යම පාන්තිකයන් මෙන්ම සමාජය තුළ විවිධ කටයුතු කාර්යයන්වල නිරත වන්නන් නිතර පවසන කාරණයක් තමයි තමන්ගේ දියුණුවට අන් අය අකැමැතියි, ඊර්ෂ්‍යයි කියන කාරණය.

මෙය සාමාන්‍ය සරල කාරණයක් වගේම එය සම්පූර්ණ ඇත්තක් කියලත් කියන්න පුළුවන්.

මොකද බොහෝ විට කෙනෙක් දියුණු වෙනවාට තව කෙනෙක් අකැමැතියි. සිත යටින් ඊට ඊර්ෂ්‍යා කරන තත්ත්වයකුත් තිබෙනවා.

ඇතැම් විට එම නරක ගතිගුණ නිසාම විවිධ අකටයුතුකම් කරන අයගේ ගමන අඩාළ කරන්න උත්සාහ කරන පිරිසුත් නැතුවාම නෙවෙයි.

හැබැයි කෙනෙක් දියුණු වෙනවාට සතුටු වෙන අසල්වැසියොත් නැතුවාම නෙවෙයි. මේ කාරණය කෙසේ වුවත් බොහෝ අය තමා කරගෙන ආ ව්‍යාපාරය අඩාළ වූ පසු එහෙමත් නැත්නම් පසුගාමී වූ පසු හෝ යම් කඩාවැටීමකට ලක්වූ පසුව එම තත්ත්වයේ වගකීම පවරන්නේ අසල්වැසියන්ටයි.

ඒ සඳහා විවිධ ආකාරයේ චෝදනා ගොනුකරන්නත් ඒ ඒ අය තමාගේ කටයුතු අඩාළ වීමේ ප්‍රතිශතය සලකා බලා තීන්දු තීරණ ගනු ලබනවා.

මගේ සේරම වැඩ ඉවරයි. අහවල්ලු හූනියම් කරලා. මගේ අහවල් කාරණාව නැත්තටම නැති වුණා. ඊර්ෂ්‍යාවට මොනවද කරලා. කඩේට ආපු සෙනඟ එහෙම පිටින්ම නැතිව ගියා. කොඩිවිනයක්ද කොහෙද… මේ වගේ විවිධ දේ කියනවා. ඒ ඒ කාරණා කළ අය ලෙස අනුමාන කරන පිරිසුත් ඔබේ සිතේ සිටිනවා.

ඇතැම් මිතුරන්, ඥාතීන් ඔබේ මේ අදහසට උඩගෙඩි සපයන්නත් ඉදිරිපත් වනු ඇති. එවැනි තත්ත්වයක් යටතේ දිනෙන් දින ඔබගේ සිත තුළ ඇති ධනාත්මක සිතුවිලි ගිලිහී යමින් ඍණ අදහස් වර්ධනය වීමට පටන් ගන්නවා. ඔබ නිතරම සිතනවා ඔබට කවුරුන් හෝ හූනියමක් කර ඇති බව.

එනිසා ඔබගේ දියුණුව අඩාළවී ඇති බවත් සිතනවා. මේ සිතුවිල්ල සහ අතෘප්තිකර හැඟීම ඔබගේ මනසේ රැඳී තිබීම නිසා ඒ බව ඔබගේ මුහුණෙන්, හැසිරීමෙන් පෙනෙනවා.

එලෙස වීමෙන් ඔබ ළඟට එන අයටත් ඒ බව දැනෙනවා. එවිට ඔවුන්ට ඔබව යම් ආකාරයක අප්‍රසන්න චරිතයක් බවට පත්වෙනවා. ඔබව පෙනෙන්නට බැරිව යනවා.

ඔබව ප්‍රතික්ෂේප කරනවා. එවිට තව තවත් ඔබගේ ව්‍යාපාර කටයුතු අඩාළ වීම සිදුවෙනවා.

අවසානයේ ඔබ මේ පිළිබඳ විමසීමට කට්ටඬි මහතකු වෙත යන්නට කටයුතු කරලත්, ඔහු හොර කට්ටඬියකු නම් ඔබගේ සිත තවත් බියට පත්කර ඔබගෙන් ලොකු මුදලක් ගන්නට කටයුතු කරනවා. නැතහොත් සාධාරණ ගාස්තුවක් ගෙන ඔබගේ සිත හැදෙන්නට සුදුසු යමක් කර දෙනවා.

එවිට ඔබගේ සිතුවිලි යළිත් ප්‍රකෘති තත්ත්වයට පත්වෙනවා. පෙර පැවැති කොඩිවින, අනවින, හූනියම් සියල්ල අවසන් යැයි සතුටින් සිතා කටයුතුවල නිරත වෙනවා. ඔබගේ ප්‍රියමනාපභාවය හේතු කොටගෙන යළිත් පිරිස් ඔබ වෙත එනවා. යළිත් ව්‍යාපාර සාර්ථක වෙනවා.

මේ තමයි බොහොමයක් හූනියම් ඔබ විසින්ම හූනියමක් කරගන්නා ආකාරය. එනිසා ඉහත සඳහන් කළ ආකාරයේ යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවූ විගස ඔබ තීරණ ගත යුත්තේ ඉතා බුද්ධිමත්වයි. ඔබ සියල්ල දෙස විශේෂ අවධානයකින් බැලිය යුතුය.

එවිට හූනියමක් වුවද හූනියමක් නොවී පලවාහැරීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත. හූනියම් කළ අයටම ඒවා ආපසු හැරී යනු ඇත. මුලින්ම බුද්ධියට ඉඩදී බලන්න.

දෙවැනුව නැවැරැදි තීන්දු ගන්න. හැකි තරම් ඉවසන්න. කිසිදා කිසිදු ග්‍රහයකු එක තැන සිටින්නේ නැත. අද ඔබට අසුබ ග්‍රහයා, හෙට හෝ අනිද්දා ඔබට වඩාත් හොඳ තැනකට යනු ඇත. එවිට සියල්ල ඉතා වාසනාවන්ත වනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, සත්‍යජිත් සම්පත්
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්රට" පුවත්පතෙන්..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top