18 හැවිරිදි එමා රෙඩුකානෝ අමෙරිකානු විවෘත ටෙනිස් තරඟාවලියේ කාන්තා අංශයේ ශූරතාව ජයග්‍රහණය කිරීමට ඊයේ සමත් වුණා.
ඒ, වසර වසර 44 කට පසු බ්‍රිතාන්‍යයට ප්‍රථම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව හිමිකර දෙමින්. නිව්යෝක් නුවර පැවති අවසන් තරඟයේදී ඇය පරාජය කළේ කැනඩාව නියෝජනය කරන 19 හැවිරිදි ලෙයිලා ෆර්නැන්ඩස්.
මෙවර අමෙරිකානු විවෘත කාන්තා ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟයට යොවුන් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සුදුසුකම් ලැබීම විශේෂත්වයක්.
රුමේනියානු පියෙකුට සහ චීන මවකට දාව කැනඩාවේ උපත ලද රෙඩුකානෝ බ්‍රිතාන්‍ය නියෝජනය කරනවා. 1968 ට පසු බ්‍රිතාන්‍යයෙන් බිහි වූ ප්‍රථම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරිය වන එමා රෙඩුකානෝ සුදුසුකම් ලැබීමේ තරඟාවලියකින් අමෙරිකානු විවෘත ටෙනිස් තරඟාවලියට පිවිස ශූරතාව ජයග්‍රහණය කළ ප්‍රථම ක්‍රීඩිකාවද වනවා.
එමෙන්ම, 2004 වසරේ මරියා ෂරපෝවාට පසු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනූ ලාබාලතම ක්‍රීඩිකාව මෙන්ම බ්‍රිතාන්‍යයෙන් බිහි වූ ලාබාලතම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරියයි. එමා රෙඩුකානෝට ජයග්‍රාහී ත්‍යාග මුදල ලෙස පවුම් දහ අට ලක්ෂයක් හිමිවන අතර, ලෝක කාන්තා ටෙනිස් ක්‍රීඩිකාවන් අතර 23 වන ස්ථානයට පත්වනවා.
අමෙරිකානු විවෘත තරඟාවලිය ආරම්භ වීමට පෙර කාන්තා ටෙනිස් සම්මේලනය මගින් ඇය වර්ගීකරණය කර තිබුණේ 150 වන ස්ථානයටයි.