Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
හරක් කටාගේ ඩුබායි මෙහෙයුමේ අලුත්ම බිල්ල සන්ෂයින් සුද්දා

- හරක් කටාගේ ඩුබායි මෙහෙයුමේ අලුත්ම බිල්ල සන්ෂයින් සුද්දාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,220 Views
කිරුළ නොපලන් රජුන් අතර පාතාලයේ නමක් දිනාගෙන සිටියේ කෙරුමන් කිහිප දෙනකු පමණි. කලක් පාතාලයේ ගෝඩ් ෆාදර් වූයේ නාවල නිහාල්ය. ඔහුගේ අතුරුදන්වීමෙන් පසු මෑතක් වනතුරු පාතාල සාමාජිකයන් ගෝඩ් ෆාදර් ලෙස හැඳින්වූයේ මාකඳුරේ මධුෂ්ය. 
 
සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් පාතාලයට පා තබන්නේ 2006 ජුනි මස 11 වැනිදා දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිව සිටි ඩැනී හීන්තැටිය මහතා වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟිනි. එතැන් පටන් අපරාධ ලෝකයට පිවිසෙන මාකඳුරේ මධුෂ් මිනිස් ඝාතන, කොල්ලකෑම්, කප්පම් ගැනීම් වැනි අපරාධ සිදුකරමින් මත්ද්‍රව්‍ය ජාවාරමට පිවිස ඉතා විශාල ලෙස ධනය රැස්කිරීමට පෙලඹුණේය. 

පාතාල නායකයකු වූ රණාලේ සමයං බන්ධනාගාර බසයක් තුළදී ආයුධ සන්නද්ධ තුවක්කුකරුවන් යොදවමින් චිකාගෝ ක්‍රමයට ඝාතනය කිරීම පාතාල ඉතිහාසයේ දැවැන්ත ත්‍රියාදාමයක් විය. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව ඇතුළු කණ්ඩායම ඝාතනය කිරීමට උත්සාහ කිරීම, 2017 මාර්තු මස 7 වැනිදා අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේදී පණ්ඩිතගේ ශාන්තකුමාර නොහොත් කොස්මල්ලී නමැත්තා ඝාතනය කර ඔහුගේ හිස කොටස කෙසෙල්වත්ත ප්‍රදේශයට ගෙනැවිත් දැමීම මාකඳුරේ මධුෂ්ගේ නියෝග මත සිදුවූ ක්‍රියාකාරකම් අතර ඒවා රටපුරා මහත් ආන්දෝලනයක්ද ඇති කළේය. 
 
මධුෂ් මෙවන් අපරාධ බොහොමයක් සිදු කළේ ඩුබායි රාජ්‍යයේ රැඳෙමින් මෙරට සිටි සිය ගෝල බාලයන් යොදා ගනිමිනි. මධුෂ් ඩුබායි රටට පැනයන්නේ 2015 වසරේදීය. 
 
විදේශ රටක සිට මෙවන් මිනිස් ඝාතන සිදුකිරීම නිසා මෙරට පොලිසිය මෙන්ම රජයද දැඩි අපහසුතාවකට පත්වූ අතර මොහුව එරටේදී කොටුකර ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදනද නිකුත් කරන්නට විය. මොහු අත්අඩංගුවට ගැනීමට සූක්‍ෂ්ම සැලසුම් ක්‍රියාත්මක වුවද මධුෂ් යළි කරලියට පැමිණියේ ඔහු විසින් ඩුබායි රටේ පැවැත්වූ උපන්දින සාදයක් නිසාය. මේ සාදය සඳහා පාතාල සාමාජිකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, හිතවතුන් මෙන්ම මෙරට ජනප්‍රිය කලාකරුවන්ද සහභාගි වූහ. ඒ අතර මධුෂ්ගේ සමීපතමයකු වූ අමිල ප්‍රසන්න හෙවත් සන්ෂයින් සුද්දාද විය. සුද්දා මධුෂ්ගේ මෙරට දේපළ පාලනය කිරීම සිදුකළ අතර මධුෂ්ට අයත් බෝට්ටු කිහිපයක්ද සුද්දා භාරයේ පැවැතිණි. එමෙන්ම මධුෂ් විසින් සිදුකරනු ලැබූ දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරමට උදවු කරමින් ඔහු මධුෂ්ට හිතවත්ව සමීපව කටයුතු කළේය. ඒ නිසා උපන් දින සාදයට ඔහුටද ඇරයුම් ලැබිණි. එහෙත් මෙම සාදය ඩුබායි පොලිසිය විසින් වැටලීමත් සමඟ ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පිරිස අතර සන්ෂයින් සුද්දා විය. 
 
අත්අඩංගුවට ගෙන රඳවා ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව එරට අධිකරණයකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මධුෂ්, සන්ෂයින් සුද්දා ඇතුළු පිරිස වරින් වර එරටින් පිටුවහල් කරනු ලැබූහ. මෙලෙසින් පිටුවහල් කරනු ලැබූ සන්ෂයින් සුද්දා මධුෂ්ට කලින් මෙරටට පැමිණි අතර මධුෂ් මෙරටට පිටුවහල් කරනු ලැබුවේ 2019 මැයි 5 වැනිදාය. දින කිහිපයක් බන්ධනාගාරගතව සිට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සුද්දා ඇතුළු සෙසු පිරිස මුදාහැරියද මධුෂ්ට වූයේ දිගින් දිගටම රහස් පොලිසියේ රැඳී සිටීමටය. ඒ ඔහු කළ ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහාය. 
 
මධුෂ් පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟ හරක් කටා සන්ෂයින් සුද්දා සමඟ ආරවුලක් ඇති කරගත්තේය. ඒ මත්ද්‍රව්‍ය ජාවාරමක මුදල් ලබානොදීමක් පිළිබඳවය. කලක් සන්ෂයින් සුද්දාද හරක් කටාද මත්ද්‍රව්‍ය ජාවාරම කළේ එකටය. මෙම සිදුවීමත් සමඟ දෙදෙනා අතර ඇති වූයේ විරසකයකි. එහි ප්‍රතිඵලයක් ලෙස හරක් කටා සන්ෂයින් සුද්දා ඝාතනය කිරීමට තුවක්කුකරුවකු යෙදවීය. ඒ වනවිට මධුෂ් සිටියේ රහස් පොලිසියේ රැඳවුම් නියෝග මතය. 
 
ඒ අනුව ඉකුත් වසරේ මැයි 30 වැනිදා සුද්දා ඝාතනය කිරීමේ සැලසුම ක්‍රියාත්මක විය. එදින සුද්දා සිය නිවෙසට යාබඳ වෙළෙඳසලකට ගියේ තේ කෝපයක් පානය කිරීම සඳහාය. එහි රැඳුණු ඔහු රොටි දෙක තුනක්ද ආහාරයට ගෙන තේ කෝප්පය බීමට සැරසුණා පමණි, කොහෙන්දෝ පැමිණි කළු පැහැති යතුරුපැදියක් වෙළෙඳසල අසල නතර විය. ඉන් බැසගත් පුද්ගලයකු ඔහු අත තිබූ නයින් එම්. එම්. රිවෝල්වරය එල්ලකර සුද්දාට වෙඩි තැබීය. සුද්දා පණ එපා කියමින් දුවන්නට විය. එහෙත් තුවක්කුකරු පිට පිට වෙඩි තබමින් සුද්දා පසුපස පන්නන්නට විය. තැබූ එක් වෙඩි උණ්ඩයක් ඔහුගේ බාහුවකට වැදුණු අතර සුද්දා ඒ අසල නිවෙසක සැඟව පණ බේරාගත්තේය. තුවක්කුකරු සුද්දා සැඟවුණු නිවෙස දෙසටද වෙඩි කිහිපයක් තබා පලා ගිය අතර ඒ අතරතුරදී ප්‍රදේශවාසීහු විසින් තුවක්කුකරු පැමිණි යතුරුපැදිය අල්ලාගෙන යතුරුපැදිකරුට දිගට හරහට පහර දුන්හ. එය දුටු වෙඩික්කරු පලාගිය අතර යතුරපැදිකරු පොලිසියට භාරකෙරිණි. 
 
පසුව තුවක්කුකරු වන අතුරුගිරියේ ජෙරම් නමැත්තාද විශේෂ කාර්ය බළකායට කොටුවූ අතර ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ සන්ෂයින් සුද්දාට වෙඩි තැබුවේ හරක් කටාගේ උපදෙස් මත බවය. මේ වෙඩි ප්‍රහාරයත් සමඟ සන්ෂයින් සුද්දා හා ඔහුගේ ගෝලයන් හරක් කටා පසුපස පන්නන්නට වූ අතර හරක් කටා ඩුබායි රාජ්‍යයට පැන යන්නේ ඉන්පසුවය.
 
ඒ අතරතුර රහස් පොලිසිය භාරයේ සිටි මධුෂ් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර කෙරිණි. එහිදී කළ ප්‍රශ්න කිරීම් මත සඟවා තැබූ ආයුධ තොගයක් සොයා ගැනීම සඳහා නිලධාරීන් මධුෂ්ව රැගෙන, මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයට ගියේය. එහිදී පොලිසිය හා පාතාල කණ්ඩායමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් පසු මාකඳුරේ මධුෂ් මරණයට පත්විය. ඒ පාතාලයන් එල්ල කළ වෙඩි පහරක් වැදීමෙනි. 
 
මධුෂ්ගේ ඝාතනයත් සමඟ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි හරක් කටා මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලය සියතට ගත්තේය. මධුෂ් මියගොස් සිටි නිසා මත්ද්‍රව්‍ය ජාලයට අවතීර්ණ වන්නට හරක් කටාට කිසිදු බාධාවක් නොවීය. ජාත්‍යන්තර මත්ද්‍රව්‍යකරුවන් සමඟ සබඳකම් පවත්වමින් හරක් කටා මුහුදු මාර්ග ඔස්සේ දකුණට මත්ද්‍රව්‍ය තොග පිටින් එවීය.
 
ඒත් වැඩිකල් නොගොස් හරක් කටාගේ මත්ද්‍රව්‍ය තොග පොලිසිය හා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හසුවිය. මේ නිසා හරක් කටාට රුපියල් කෝටි ගණනින් පාඩු සිදුවිය. තමාගේ මත්ද්‍රව්‍ය තොග පොලිසියට හා නාකොටික් ඒකකයට හසුකර දෙන්නේ සන්ෂයින් සුද්දා බව හරක් කටා දැන ගත්තේය. ඒ අනුව කෝපයට පත් හරක් කටා සන්ෂයින් සුද්දා මරා දැමීමට දත කෑවේය. කොයි මොහොතක හෝ හරක් කටා තමාව මරාදමනු ඇතැයි සුද්දාද සිතුවේය. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සුළු මුදලක් උපයා ගත්තද ඔහු සිය හෝටලයෙන් හා බෝට්ටුවලින් වැඩිපුර ආදායමක් හම්බ කළේය. මේ නිසා වරෙක සන්ෂයින් සුද්දා හෙරොයින් ග්‍රෑම් 10ක් සමඟ කොටුවිල පොලිසියටද කොටුවිය. පසුව ඔහු මුදාහැරිණි.
 
සන්ෂයින් සුද්දා පොලිසියට ඔත්තු දීම නිසා ඔහු ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටි හරක් කටා සිය ගෝල බාලයන් යොදවා සන්ෂයින් සුද්දා ගැන තොරතුරුද සොයන්නට විය. පසුගියදා ඔහුට සන්ෂයින් සුද්දා ගැන තවත් වැදගත් තොරතුරක් දැනගන්නට ලැබිණි. ඒ සුද්දා සමිත් නමැති පුද්ගලයකුගේ බිරියක් සමඟ අනියම් සබඳතාවක් පවත්වමින් කාලය ගත කරන බවය.
 
එක්දරු මවක් වූ පේෂලා නමැති ඇය මේ වන විට සුද්දා අයත් හෝටල් කාමරයක සුද්දා සමඟ රැඳී සිටින බවද හරක් කටා දැන ගත්තේය. පේෂලාගේ සැමියා සන්ෂයින් සුද්දාව මරා දමන බව කියමින් කළ තර්ජනද ඔහුට ආරංචි විය.
 
ඉකුත් 3 වැනිදා දහවල් මාතර කොටවිල, වරකාපිටිය පාසල අසලදී නාඳුනන තුවක්කුකරුවන් විසින් සන්ෂයින් සුද්දා ඝාතනය කරනු ලැබුවේ මෙවන් වාතාවරණයක් මැදය. සුද්දා ඔහු ගමන්ගත් වාහනය තුළම මැරී වැටිණි.
 
කොටවිල පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර එහිදී අනාවරණය වූයේ සන්ෂයින් සුද්දා එලෙස මරා දමා තිබුණේ අනියම් බිරියගේ මහගෙදරට ගොස් ඇයට කෑම වර්ග රැගෙන යළි සිය හෝටලයට එමින් සිටියදී බවය. 
 
සුද්දා වෙඩි තබා ඝාතනය කළ මොහොතේ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා සිටියේ උෟරුබොක්ක පොලිසියේ වෙනත් රාජකාරියක යෙදෙමිනි. මාතර කොට්ඨාසයේ පොලිස් ස්ථාන 11ක් භාරව සිටි හෙතෙම මේ බව දැන ගත් වහාම උෟරුබොක්කෙන් පිටත් විය. ඒ සමඟම ඔහුගේ ජංගම දුරකථනයට ඔත්තුවක් ලැබිණි. ඒ මෙම මිනිස් ඝාතනය හරක් කටා විසින් සිය ගෝලබාලයන් යොදා සිදුකර ඇති බවය. ඒ සඳහා මීට දායක වූ වැලිගම ප්‍රදේශයේ රජයේ ආයතනයක සේවකයකුගේ ඇති සබඳතාව ඔත්තුකරු සහකාර පොලිස් අධිකාරිවරයාට දැනුම් දුන්නේය.
 
පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින දක්‍ෂ ඍජු පොලිස් නිලධාරියකු වූ මහේෂ් ඔහුටම ආවේණික ක්‍රමයක් අනුගමනය කරමින් රාජකාරි කරන්නකු ලෙස පොලිසියේ නමක් දිනා සිටින නිලධාරියකුද විය. ඔහු තමාට ලැබුණු තොරතුර මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය භාර ස්ථානාධිපතිවරයාට දන්වා එම පුද්ගලයා ගැන අවධානයෙන් පසුවන ලෙස කීවේය. කොටවිල පොලිස් ස්ථානාධිපති හෙට්ටිආරච්චි මහතාවද ඇමැතූ ඔහු තමා සිද්ධිය වූ ස්ථානයට පැමිණෙන තුරු කළ යුතු කාර්යයද පැහැදිලි කළේය.
 
මාතර කොට්ඨාස භාර සෙසු ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරීන්ද දැනුවත් කරන්නට නිලධාරීහු ඒ මොහොතේම පියවර ගත්හ. ඔවුන්ගේ උපදෙස් මත සන්ෂයින් සුද්දා ඝාතනයේ විමර්ශන ඇරැඹිණි.
 
සුද්දා සිය අනියම් බිරියගේ මහගෙදර පිහිටි වරකාපිටිය නිවෙසට ගොස් ඇත්තේ අසනීප තත්ත්වයෙන් පසුවූ ඇයට ඇගේ මව ලවා මාළු වෑංජනයක් හා ලුණුකැඳ ස්වල්පයක් සාදාගෙන රැගෙන ඒමටය. ඒ සඳහා අවශ්‍ය මාළු පිණි හා කැඳකොළ හෝටලයේ සේවය කළ ලක්‍ෂාන් නමැත්තා අත ඊට ටික මොහොතකට පෙර අනියම් බිරියගේ මවගේ නිවෙසට යවා ඇති සුද්දා ගෙදර ගෑස් ටැංකිය අවසන් බව දැනගෙන අලුත් ගෑස් එකක්ද ලක්‍ෂාන් අත මහ ගෙදරට යවා තිබිණි. සුද්දා වෙඩි කෑවේ පිසූ ආහාර යළි හෝටලය කරා රැගෙන එමින් සිටියදී බව විමර්ශනවලදී අනාවරණය විය. ඒ බව සනාථ කරන සී.සී.ටී.වී. දර්ශනද පොලිසිය සතුය. 
 
සුද්දාගේ මරණයත් සමඟ හඬා වැලපුණු ඔහුගේ අනියම් බිරිය පැවැසුවේ සුද්දාගේ මරණයට තම විවාහක සැමියා සම්බන්ධ බවට සැක කරන බවය. තම සැමියා තමාව හා සුද්දාව මරා දමන බවට තර්ජනය කළ හඬපට කිහිපයක්ද ඇය මාධ්‍ය හමුවේ තැබුවේය. එහි සටහන් වූයේ ඇගේ සැමියා සුද්දා මරා දැමීම සඳහා ඇගේ මහගෙදර අසල දෙවරක්ම රැක සිටි බවකි.
 
“මේ අහනවා මම තමුසෙගෙ මහගෙදර ඉස්සරහට දවස් දෙකක් ආවා. තමුසෙ වෑන් එකේ හිටිය හින්දයි........ මරලා දැම්මේ නැත්තේ. 
 
උඹ හිතා ගනින් පේෂලා මගේ ජීවිතයයි මගේ ගෑනියි මගේ දරුවයි මගෙන් අයින් කරනවා කියන්නේ ගෑනිගේ තාත්තාවත් මරනවා. මම සුද්දාට රිටන් එක...”
 
ඇය සැමියා විසින් කළ තර්ජන ඇතුළත් හඬපටද පොලිසියට ඉදිරිපත් කරනු ලැබුවාය. අවසන් වරට සුද්දා ඇය සමඟ රැඳී සිටි බැවින් මෙම ඝාතනය සම්බන්ධ කිසියම් හෝඩුවාවක් ලබා ගැනීම සඳහා කොටුවිල පොලිසිය ඇගෙන්ද ප්‍රකාශයක් ලබා ගත්තේය.
 
“මම ඉස්කෝලෙ අධ්‍යාපනයෙන් පස්සේ මාතර පැෂන් සයිඩ් එකේ මාස පහක් විතර වැඩ කළා. මම එතැන වැඩ කරන කාලයේ තමයි මිරිස්සේ පදිංචි අමිල නොහොත් සන්ෂයින් සුද්දා සමඟ සම්බන්ධයක් පැවැත්වූයේ. එයත් එක්ක මම 2018 මැයි මාසයේ තමයි සම්බන්ධය ඇති වුණේ. මාස 4ක් විතර මම යාළුවෙලා හිටියා.
 
පස්සේ තමයි මම සමිත් එක්ක විවාහ වුණේ. ඒ 2018 ඔක්තෝබර් මාසේ 19 වැනිදා. විවාහය නිසා මම රස්සාවෙනුත් අයින් වුණා. විවාහ වෙලා මම එයාගේ ගෙදර හිටියේ. එයා ගෙදර ඉස්සරහ හෝටලයක් කරගෙන ගියා. ලංකාවේ අය ඒ හෝටලයට එනවා.
 
එම හෝටලයේ ඉන්න කොට ඒ හෝටලයට ගෑනු ගේනවා. එයාගේ යාළුවොත් එක්ක සතුටු වෙන්න. මට මේවා ඉවස ගන්න බැරි වුණා. ඒ නිසා මම එයාත් එක්ක තරහ වෙලා ගෙදර ගිය අවස්ථා තිබුණා. ඒත් නැවත එයා ඇවිත් මාව එක්කරගෙන යනවා. පස්සේ මට බබා හම්බ වුණා. මම හිටිය කාමරයට ගෑනු ගේනවා මට පේනකොට මට එයා එක්ක ඉන්න බැරිව ගියා. මම දරුවත් එක්ක අපේ ගෙදරට ආවා. ඒත් එයා අම්මට තාත්තට කරදර කරලා මාව අරගෙන යනවා. මම එයත් එක්ක 2020 පෙබරවාරි මාසය වෙනකම් හිටියා. පස්සේ එයා හෝටලය වික්කා. ඊට පස්සේ තමයි මම අමිලට කතා කරලා මේ ගැන කිව්වේ...”
 
“ඉන් පස්සේ මම සුද්දට අයිති මිරිස්ස, උඩුවිල හෝටලයේ සති ගණන් නතරවුණා. සුද්දා නිතරම කෑමබීම අරගෙන මාව බලන්න ආවා. එයා මගේ දරුවන්ටත් ආදරෙයි. ගෙදර කට්ටියටත් ආදරෙයි. ගෙදර අඩුපාඩුත් බලනවා. මගේ සැමියා නිතරම දුරකථනයෙන් කියනවා මගේ තාත්තා මරනවා, සුද්දා මරනවා කියලා. ඒ නිසා මම බයෙන් හිටියේ.”
 
“එදා මම අසනීපයෙන් හිටියේ. සුද්දා මගේ අම්මට කතාකරලා මාළුපිනියි, කැඳයි හදලා දෙන්න කියලා තිබුණේ. හෝටලයේ වැඩකරන ලක්ෂාන් අතේ සුද්දා ඒවා අපේ මහගෙදරට යවලා තිබුණා.  ගෙදර ගෑස් එක ඉවර වෙලා කියපු නිසා ලක්ෂාන් අතේ ගෑස් ටැංකියකුත් යවලා තියෙනවා.”
 
පස්සේ තමයි එයා මාළු වෑංජනය, කැඳයි අරගෙන එන්න අපේ ගෙදරට ගිහින් තිබුණේ.  ඒත් මම ඒ ගැන දන්නේ නැහැ. එයා අපේ ගෙදරට ගිහින් මට කෝල් කළාම තමයි ඒක මම දැනගත්තේ. ගෙදර ගිහින් තේ එකකුත් බීලා ආයෙත් හෝටලයට එනකොට තමයි සුද්දාට වෙඩි තියලා තියෙන්නේ.”
 
ඇයගේ ප්‍රකාශය නිලධාරියකු පොලිස් පොතක සටහන් කර ගත්තේය.
 
මේ අතර සහකාර පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා මහතා සුද්දා ඝාතනයේ වගතුග සොයා බැලීම සඳහා පොලිස් කණ්ඩායම් 5ක් එක් එක් දිසාවන් ඔස්සේ විමර්ශනය සඳහා යොමුකරනු ලැබීය. ඒ හැම කණ්ඩායමකට කළයුතු රාජකාරියක් පවරා තිබිණි.
 
සන්ෂයින් සුද්දාගේ අනියම් බිරියගේ ප්‍රකාශය මත නිලධාරීන් ඇගේ කසාද සැමියා පදිංචි නිවෙසටද ගියේය. එහෙත් ඔහු පැත්ත පළාතක නොවීය. ඔහුද සිද්ධියෙන් පසු සැඟව සිටින බවට නිලධාරීන්ට ඒත්තු ගියේය.
 
මේ වන විට සුද්දාට ප්‍රහාරයක් එල්ල කිරීමට ඝාතකයන් පැමිණි ආකාරයද නිලධාරීන් අතට පත්වී තිබිණි.
 
“සුද්දට ගහන්න කලින් ඒ කණ්ඩායම ආව සුදුපාට වැගන් ආර් රථයක් වරකාපිටිය පාරේ පැත්තක නතර කරලා තියෙනවා. සුද්දා අනියම් බිරියගේ මහගෙදර ඉඳලා ඇවිත් එයාගේ වෑන් එක පාරට දානකොට ඒ ගැන බලාගෙන හිටිය අර පාරේ නතර කරලා තිබුණු වැගන් රථය එකපාරටම පාරට දාලා සුද්දා ආව වාහනයේ හප්පනවා. ඒත් එක්කම තමයි ඒ වැගන් ආර් එකෙන් ආපු එක්කෙනෙක් සයිඩ් ‍ෙදාරක් ඇරගෙන බැහැලා සුද්දාට වෙඩි තියන්නේ.  මිනිහා සුද්දට වෙඩි තියන්නේ සුද්දා හිටිය පැත්තේ ඉඳලා නොවේ අනෙක් පැත්තේ වීදුරුවෙන්. සුද්දට වෙඩි වදිනවා. ඒත් එක්කම සුද්දට වාහනය පාලනය කර ගන්න බැරිව වෑන් එක පාරෙන් ඉවතට පනිනවා. ඒත් එක්කම සුද්දට වෙඩි තියපු කට්ටිය ආව වැගන් ආර් එකෙන්ම පැනලා යනවා.
 
“අපිට නිරීක්ෂණය වුණු එක කරුණක් තමයි සුද්දට වෙඩි තියපු පුද්ගලයා දක්ෂ වෙඩික්කරුවකු බව.”
 
සහකාර පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා මහතා විමර්ශන සම්බන්ධව පැහැදිලි කළේය. ඒ සමඟ නිලධාරීන් මාර්ගයේ තිබූ සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය කරන්නට විය. ඒ තුවක්කුකරුවන් පැමිණි වැගන් ආර් රථය හඳුනාගැනීම සඳහාය.
 
සුදුපාට වැගන් ආර් එක බවට සැකකරන රථය මාතර නාදුගල බන්දන්තර ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකිවන්නේ. එම වෑන් රථයේ පැමිණි කණ්ඩායම සුද්දාට වෙඩි තැබීමෙන් පසු මාර්ගයේ ගමන් ගන්නා ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. දර්ශන පොලිසිය සතු විය.  නිලධාරීන් එම ඡායාරූප සමඟ සොයාගත් වාහනය සසදා බැලීය. එහිදී පොලිසිය තහවුරු කරගත්තේ සුද්දාට වෙඩි තැබීමට ඝාතකයන් උපයෝගී කරගෙන තිබුණේ එම වාහනය බවය.  එහෙත් එම වැගන් ආර් රථයේ අංක තහඩු කිසිවක් නොවීමද 
 
ගැටලුසහගත විය. ඝාතකයන් පොලිසියට හසුනොවීම සඳහා වෑන්රියේ අංක තහඩු ගලවා ඇති බව හෙළි විය. පොලිසිය එම අංක තහඩු ඔස්සේ විමර්ශන සිදුකරන බව දත් ඝාතකයන් අංක තහඩු ගලවන්නට ඇතැයි පොලිසිය සැක කළේය. එහෙත් එම වාහනයේ හිමිකරු මෙතෙක් පොලිසියට සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ එම වාහනය ‘බඩ්’ වාහනයක් නිසා බවද සහකාර පොලිස් අධිකාරිවරයා කීවේය.
 
කෙසේ වෙතත් සහකාර පොලිස් අධිකාරිවරයාට ලැබුණු පෞද්ගලික ඔත්තුවට අනුව මාතර මාර්ග සංවර්ධන අධිකාරියට සම්බන්ධ සුළු සේවකයකු අත්අඩංගුවට ගැනිණි. ඒ ඔහු පිළිබඳ මතු වූ සැකසංකා නිසාය.
 
පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහුගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් කරන ලද විශ්ලේෂණයකින් පසුවය. සන්ෂයින් සුද්දා මරා දමන්නට  දින දෙකකට කලියෙන් මොහු වැලිගම පදිංචි හරක් කටාගේ ඥාතියකුට දුරකථන ඇමැතුමක් ලබාගෙන දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබිණි. ඔහු ගත් එක ඇමැතුමක් විනාඩි 21කි. අදාළ පුද්ගලයා විදේශගතව සිටින හරක් කටාගේ ඥාතියකු මෙන්ම ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සමීපතමයෙකි.
 
එමෙන්ම සන්ෂයින් සුද්දා ඝාතනය කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 20ක මුදලක් එක්තරා පුද්ගලයකුගේ ගිණුමකට බැරකර ඇති බවටද තොරතුරු පොලිසිය සතුව ඇත. එය තහවුරු කර ගැනීමටද පරීක්ෂණ පැවැත්වේ.
 
අපි අත්අඩංගුවට ගත් පුද්ගලයා සිද්ධිය වෙන්න දින දෙකකට විතර කලින් ඇප් එකක් සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ ඇප් එකෙන් එයාට යන එන දුරකථන අංක සැඟවීමේ හැකියාව තියෙනවා.  ඒ වගේ ඇප් එකක් මේ ඝාතන සිද්ධියට කලින් මිනිහා ගත්ත එක අපිට ප්‍රශ්නයක්.
 
කෙසේ වෙතත් ඉහළ පොලිස් නිලධාරීන් පවසන්නේ ඝාතකයන් මෙය සන්ෂයින් සුද්දාගේ අනියම් බිරියගේ සැමියා සිදුකළ දෙයක් බවට හැඟවීමට උත්සාහ දරමින් සිටින බවයි.  ඒ ඔහුගෙන්ද සන්ෂයින් සුද්දාට තිබූ මරණීය තර්ජන නිසාය. එසේත් නැත්නම් හරක් කටා විසින් ඔහුවද මෙම ඝාතනයට සම්බන්ධ කර ගෙන ඇති බවට සැකයක්ද පොලිසිය තුළ පවතී. පොලිස් විමර්ශන නොමඟ යැවීම සඳහා හරක් කටා විසින් මෙවන්  සැකයන් මතුවන පරිදි වෙනත් කෙනකුගේ ගිණුමකට සුද්දාගේ ඝාතනය බැර කරන්නට සැරසෙන බවටද සැකයක් සහකාර පොලිස් අධිකාරිවරයාගේ සිත තුළ ඇති වී තිබේ.
 
“ඔය ඝාතනය සිදුකරන්නට කලින් දවසේ පිරිසක් වරකාපිටිය පැත්තේ පුරන්වුණු පාළු ඉඩමකට ගිහින් වෙපන් එකක් ටෙස්ට් කරලා තියෙනවා. රියේෂල් එකකට වගේ. එතැනට මුලින් බයික්  එකකුත් පස්සේ ත්‍රීවීලර් එකකුත් ඇවිත් ගිහින් තිබුණා. සමහර විට සන්ෂයින් සුද්දට වෙඩි තියපු තුවක්කුකරු ඔතැනට ඇවිල්ලා වෙපන් එක හරියට පත්තු වෙනවද කියලා බැලුවද දන්නේ නැහැ. අපි ඒ සම්බන්ධවත් විමර්ශනයක් කරනවා.”
 
“කොහොම වුණත් අපි දෙපැත්ත ගැනම විමර්ශන සිදුකරනවා. සන්ෂයින් සුද්දාගේ අනියම් බිරියගේ සැමියා මේ වනකොට සැඟවිලා ඉන්නේ. ඔහු අත්අඩංගුවට ගත්තොත් අපිට සන්ෂයින් ඝාතනය පිළිබඳ තොරතුරු දැනගන්න පුළුවන් වේවි. ඒත් අපි වැඩි වශයෙන්ම සැක කරන්නේ හරක් කටාගේ පාර්ශ්වය මේ ඝාතනය සිදුකරන්නට ඇති බවයි.”
 
කෙසේ වෙතත් පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කාර්යාලයක සේවය කළ පුද්ගලයා මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. අමිල ප්‍රසන්න හෙට්ටිආරච්චි නොහොත් සන්ෂයින් සුද්දාගේ ඝාතකයන් සොයා පොලිස් කණ්ඩායම් පහක් මේ වන විට ක්‍රියාත්මකව සිටී. එමෙන්ම ඔහු කොවිඩ් ආසාදිතයකු බවටද හඳුනා ගැණිනි.
 
දකුණු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රජිත ශ්‍රී දමින්ද, නියෝජ්‍ය පොලිස්පති  නුවන් වෙදිසිංහ, මාතර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් යන මහත්වරුන්ගේ අධීක්ෂණ හා උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ධ්ධ් මහේෂ් පෙරේරා  මහතාගේ මෙහෙයවීමෙන් කොටවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.සී. හෙට්ටිආරච්චි ඇතුළු  කණ්ඩායමක්ද මේ පිළිබඳව විමර්ශනවල නිරත වෙති.
 
කීර්ති මෙන්ඩිස්
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top