කලාවට ඕපපතිකයක් නොවුණු අභිෂේකා විමලවීරගේ ලයාන්විත කට හඬට බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. ඇය නිර්මාණය කළ බොහෝ ගීත ජනතාව ආදරෙන් වැළදගත්තා.
පුංචි කාලේ ඉදන්ම කලා හැකියාවන්ගෙන් පරිපූර්ණ ඇය ගීත රැසක් ගායනා කර තිබෙනවා.
ඒ විතරක් නෙවෙයි, ඇය සමාජ මාධ්‍ය තුළත් නිතරම ක්‍රියාශීලි කලාකාරිනීයක ලෙස හඳුන්වලා දෙන්න පුළුවන්.
ඉතිං ඇය ඉතා අපූරු සටහනක් සිය ෆේස්බුක් ගිණුමෙහි තබා තිබුණා.
එම සටහන පහතින්....
මාගධී......
මං උඹට කවදාවත් ආදරෙයි කියල කියන එකක් නෑ.
කලින් ආදර කතන්දර වල කියපු සීනි බෝල ආදර වචන උඹ වෙනුවෙන් මට කියවෙන්නෙ නැතිවෙයි.
මොකද උඹ මහ උස ගෑනියෙක්.ආදරණීය ගෑනියෙක්.
මට ගෑනු කියන්නෙ මැජික් එකක් නෙමේ.මං දැකපු ලස්සනම ගෑනිත් උඹ නෙමෙයි.
මං ආදරේ නොකියපු පළවෙනි ගෑනිත් උඹ නෙමෙයි.
වචන වලින් රගන්න මම දක්ෂයි.
ඒත් උඹ ඉස්සරහ මට ඕනෙ අමුවෙන් ඉන්න.
මේ කරුම රගපෑමෙන් අයින් වෙන්න.
මමම වෙන්න.
සදහටම මට උඹේ ළග ඉන්න බෑ.
පොරොන්දුවක් වෙන්නම්.කැළලක් නොකර යන දවසක යන්නම්.මට උඹව විශ්වාසයි.
උඹට ආදරෙයි කියන වචන පේළියට වඩා මං ඒකට ආසයි.
ආසයි උඹ එක්ක තනි වෙන්න.කාටවත් නොපෙනෙන උසම තැනක.ඒත් මම ඉර.උඹ තරුව.
හීනෙන් උඹට මාව පෙනුණට,මට නොපෙනෙන එක ඇත්තමයි ඒ මගෙ ලැබීම.
උඹට මගේ ආදර කතා සීයම කිව්වම උඹ කියපු කතාවට රිදුන හිත පළවෙනි පාරට.
"ඔයාගෙ ජීවිතේට තව හුගක් ගෑනු එයි.ඒත් මට කිව්ව වගේ උන්ට මං ගැන කියන්න එපා මොකද මම තරුව"
මම එහෙම කරන්නම්.
ඒත් දැන් මට ඕනෙ නිවෙන්න එක හිතක් ළග.
උඹට ආදරේ කරන එකම රිස්ක් එකක්.මං ආසයි ඒ රිස්ක් එක ගන්න.ඉතුරු ජීවිතේ පුරාවට.
ඉගෙනගනින් දැන්වත් , ආදරේ කියන එකයි.. ආදරේ කරන එකයි එකක් නෙමේ දෙකක් සුදු මැණික!
අභී!