Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
"මාගේ යාළුවෝ වැඩසටහනට ආවාම, මම සෑහෙන්න බයකින් ඉන්නේ..." - හිරු Copy Chat කරන කාවිංගයි නර්මදයි කියන කතා

- "මාගේ යාළුවෝ වැඩසටහනට ආවාම, මම සෑහෙන්න බයකින් ඉන්නේ..." - හිරු Copy Chat කරන කාවිංගයි නර්මදයි කියන කතාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,667 Views
මේ වෙනතුරු එහෙම ප්‍රශ්නයක් සිදුවෙලා නැහැ...
 
බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් වැඩසටහනක් වන හිරු ‘කොපි චැට්’ මෙහෙයවන තරු යුගලය වන කාවිංග පෙරේරා සහ නර්මදා යාපා අබේවර්ධන හදගැස්ම කතාබහට එකතු කරගන්නට අපි සිතුවා. 

කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නෙ?
 
මේ දවස්වල කොවිඩ් නිසා ගොඩක් කාර්යබහුල නැහැ. බොහොමයක් වැඩකටයුතු නතර වෙලා තිබෙන්නේ. මේ දවස්වල 'කොපි චැට් සහ හිරු සුපර් ඩාන්සර් යන වැඩසටහන්වල නිවේදන කටයුතු සිදුකරනවා. ඊට අමතරව ටෙලි නිර්මාණයක රූගත කිරීම් පහුගිය දවස්වල සිදු  කළා. ඒ විධියට තමයි මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ. 
 
වෙනත් කෙනකු විසින් කරපු වැඩසටහනක් භාරගැනීම අභියෝගයක් වුණාද? 
 
ඔව්. ඇත්තටම ඒක අභියෝගයක්. මොකද ඒ වැඩසටහන මෙතෙක් කරගෙන ආවා වගේම සහ ඊටත් වඩා හොඳට කරගෙන යන එක මගේ වගකීම. ඒ වගේම මේ වැඩසටහන වටා නිර්මාණය වූ ප්‍රේක්ෂක පිරිසක් සිටියා. මේ වන විට ‘කොපි චැට්’ වැඩසටහනට ලැබෙන ප්‍රතිචාරත් එක්ක අනුව මම හිතනවා මම ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා කියලා.  
 
ඒ අභියෝගය නිසාමද ඔබ වැඩසටහන තුළ යම් යම් වෙනස්කම් සිදු කළේ?
 
ඔහු ඇත්තටම ඒකත් එක හේතුවක්. අපි වැඩසටහනේ ෆෝමැට් එක වෙනස් කළේ නැහැ. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර සහ යෝජනා අනුව මම, නිෂ්පාදකතුමා සහ අපේ සභාපතිතුමා සාකච්ඡා කරලා යම් යම් වෙනස්කම් සිදු කළා. බොහෝ ප්‍රේක්ෂකයන් කියපු දෙයක් තමයි මේ වැඩසටහන සඳහා හැමදාම සම්බන්ධ වෙන්නේ එකම පිරිසක් කියන එක. ඉතින් ඒ නිසා අපි හිතුවා මේ හැමෝටම අවස්ථාවක් දෙන්න. ඇත්තටම ඒ වෙනසත් එක්ක ප්‍රේක්ෂකයන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
 
ඔබේ වැඩසටහන විවිධ වයස් සීමාවක් නියෝජනය කරන  ප්‍රේක්ෂකයන් නරඹනවා. ඔවුන්ගෙන් ලැබෙන ආදරය සහ ප්‍රතිචාර ගැනත් මතක් කරමු?
 
ඇත්තටම ඔව් ‘කොපි චැට්’ වැඩසටහන විවිධ වයස් මට්ටම්වල ප්‍රේක්ෂකයන් නරඹනවා. මෙය බොහෝ ප්‍රේක්ෂකයන් ආදරය කරන වැඩසටහනක්. අපිව මඟතොටේදී මුණගැහුණම එහෙමත් නැත්නම් සමාජ මාධ්‍ය ජාලාවලින් හෝ අපේ දුරකථන අංක වෙත කතා කරලා ප්‍රේක්ෂකයන් ඔවුන්ගේ ආදරය සහ ප්‍රතිචාර අප වෙත දක්වනවා. ඒ වගේම ඔවුන්ගෙන් යෝජනා ලැබෙනවා. අයියෙ මෙහෙම කරන්න. මේ අය වැඩසටහනට ගෙන්වන්න කියලා, හොඳ නරක කියනවා. ඉතින් අපි ඒ අයගේ ඉල්ලීම් ඉටු කරනවා. ඔවුන්ගේ අදහස් යෝජනා වගේම ආදරයත් සතුටින් භාර ගන්නවා. 
 
වැඩසටහන ඇතුළේ කරපු විහිළු නිසා කාගෙවත් ඇස් රතු වෙලා නැද්ද? 
 
ඇත්ත වශයෙන්ම නැහැ. අපි සෝෂල් මීඩියා හරහා ඊළඟ සතියේ එන්නේ කවුද කියලා කියනවා. බොහෝ වෙලාවට එහෙම කිව්වට පසුව එන කලාකරුවන්ගේ යහළුවන් නෑදෑ හිතවතුන්, රසිකයන්, ඔවුන්ට සම්බන්ධ විවිධ මතක සටහන්, වීඩියෝ, ඡායාරූප සහ සිද්ධි පිළිබඳව අපිට කතා කරලා කියනවා. ඉතින් අපේ නිෂ්පාදන කණ්ඩායම වැඩසටහනට කලින් සාකච්ඡා කරනවා කිවයුතු දේවල් සහ නොකිව යුතු දේවල් ගැන. කෙනෙක්ව අපහසුතාවට පත් කරන්න අපි මොනයම් වෙලාවකවත් උත්සාහ කරන්නෙ නැහැ. ප්‍රේක්ෂකයන්ටත්, ආරාධිත කලාකරුවන්ටත්, අපිටත් සිනහ මුසු මුහුණින් රස විඳින්න පුළුවන් දේවල් ගැන පමණයි අපි වැඩසටහන තුළ කතා කරන්නෙ. ඒ නිසා මේ වෙනතුරු එහෙම ප්‍රශ්නයක් සිදුවෙලා නැහැ. මම හිතනවා ඉස්සරහටත් එහෙම දෙයක් සිද්ධ වෙන එකක් නැහැ කියලා.
 
ඔබත් රංගන ශිල්පියෙක් වීමත් සමඟ මේ වැඩසටහන මෙහෙයවීම තුළ ඔබට ලැබෙන අත්දැකීම ගැනත් කතා කරමු?
 
ඇත්තටම අපි ජීවත් වෙන්නේ කලාවත් එක්ක. කලාව තමයි අපේ පවුල. නිතර දෙවේලේ ඇසුරු කරන, මුණගැහෙන පිරිසක් තමයි වැඩසටහන ඇතුළෙදිත් හමුවෙන්නේ. ඇත්තටම ඉරිදා රාත්‍රියේ මේ වැඩඩටහනට මම සහභාගි වන්නේ ඉතාම සතුටින්. මේක වැඩසටහනක් කියලා හිතෙන්නේ නැති තරම්. හිත මිත්‍රාදීන් මුණගැහෙන තැනක් වගේ හැඟීමක් දැනෙන්නේ. ක්ෂේත්‍රයෙන් ප්‍රවීණයන් සහ ජ්‍යෙෂ්ඨයන් වැඩසටහනට පැමිණෙන අවස්ථාවක මම වැඩසටහනට කලින් ඔවුන්ට කතා කරනවා. 
 
සමහර වෙලාවට සර්, අයියේ කියලා කතා කරන්න නොහැකි වෙන වෙලාවල් තිබෙනවා. වැඩසටහන මෙහෙය වෙන්නේ මේ ආකාරයට කියලා ඔවුන්ට වැඩසටහනේ ස්වරූපය පහදලා කලින් දැනුවත් කළාම වැරදි අවබෝධයක් ඇතිවෙන්න තියෙන අවස්ථාවන් අවම වෙනවා. සමහර වෙලාවට මගේ යාළුවෝ වැඩසටහටන ආවහම ඔවුන්ගේ රසවත් මතක ගැන කතා කරනකොට මටත් බයක් තිබෙනවා ඔවුන් මගේ දේවල් ගැනත් දන්න නිසා. ඉතිං ඒ වගේ වෙලාවට අපි විහිළුවට කතා වෙනවා මගේ මේ සිද්ධිය ගැන කියන්න එපා එහෙම කිව්වොත් ඔයාගෙ අර සිද්ධිය ගැන කියනවා කියලා. ඒ වගේ දේවලුත් වෙනවා. ඇත්තටම ක්‍ෂේත්‍රයේ පිරිසගෙනුත් හොඳ ප්‍රතිචාර අපිට ලැබෙනවා.
 
වැඩසටහන තුළදි වුණ අමතක නොවන සිදුවීම මොකක්ද?
 
මෑතකදී සිදු සිදුවුණු අමතක නොවන සිදුවීම තමයි වැඩසටහන ආරම්භයේදී නර්මදා කිව්වා පැමිණෙන ආරාධිත කලාකරුවන් ගැන තොරතුරු හොයාගන්න කාවිංග සෑහෙන මහන්සි වුණා දුරකතර ගෙවාගෙන මේ තොරතුරු හොයාගෙන ආවේ කියලා. කොහෙන්ද කාවිංග මේ තොරතුරු හොයාත්තෙ කියලා ඇහුවම මට කියවුණා පහන්තුඩුවෙ ඉඳන් කියලා. ඒක ගොඩක් වයිරල් වුණා. බොහෝ අය ඇහුවේ ඒක හිතලාම කියපු දෙයක්ද කියලා. ඇත්තටම එහෙම නෙවෙයි. මේ දවස්වල පහන්තුඩාව ගැන හැමතැනම කතා කරන නිසා මට ඒක එකපාරටම කියවුණා. ඒක තමයි මෑතකදී සිදුවුණු අමතක නොවන සිදුවීම.
 
ඔබේ වෘත්තිය තුළ ඔබේ වැඩි කැමැත්ත රංගන ශිල්පියාටද නිවේදකයාටද? 
 
මම ක්ෂේත්‍රයට එන්නේ නිවේදකයෙක් විධියට. නිවේදකයෙක් වුණාට පසුවයි මම රංගන ශිල්පියෙක් විදිහට කටයුතු කරන්නේ. රංගන ශිල්පියෙක් විධියට කටයුතු කරන්න මම ආසයි. රංගන ශිල්පියෙක් විදිහට මට ප්‍රේක්ෂකයන්ගෙන් බොහෝ ප්‍රතිචාර ලැබෙනවා. බොහෝ ප්‍රේක්ෂකයෝ මාව හඳුනාගත්තේ රංගන ශිල්පියෙක් විදිහට. නමුත් නිවේදකයා කියන කාර්ය ඇතුළේ යම්කිසි වගකීමක් සහ බරක් තිබෙනවා කියලා මට හිතෙනවා සහ දැනෙනවා. රංගන ශිල්පියාට මම කැමැතියි. ඊටත් වඩා මම නිවේදකයාට කැමැතියි.  
 
මෙවැනි වැඩසටහනක් කොවිඩ් එක්ක සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කරන්නේ කොහොමද? 
 
සෑම විටම සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන්න අපේ නිෂ්පාදන කණ්ඩායම උපරිම උත්සාහ කරනවා. අපි ආරාධිත කලාකරුවන්ට වෙන වෙනම වතුර බෝතල්, ටිෂූ ආදිය ලබා දෙනවා. වැඩසටහන ආරම්භ කරන තුරු කිසිම කෙනෙක් මාස්ක් ගලවන්නෙ නැහැ. වැඩසටහන අවසන් කළ පසු අනිවාර්යයෙන්ම මාස්ක් එක දාගන්නවා.  අපි මුලින් ෆේස් ෂීල්ඩ් එකක් දාගෙන වැඩසටහන කළා. නමුත් මාස්ක් එකක් නොදා ෆේස් ෂීල්ඩ් එකක් භාවිත කිරීමෙන් පමණක් රෝගය බෝවීම වළක්වන්න බැහැ. ඒ නිසා ෆේස් ෂීල්ඩ් එක භාවිත කරන එක අපි නැවැත්තුවා. මේ වෙනකොට බොහෝදෙනා එන්නත ලබාගෙන තිබෙනවා. බොහෝ කලාකරුවන් මේකප් එක ගෙදරදීම දාගෙන එනවා. එහෙම නැත්නම් තමන්ම ඇවිල්ලා තමන්ගේම උපකරණවලින් මේකප් එක දාගන්නවා. ඒ ආකාරයට සෞඛ්‍ය ආරක්ෂිතව තමයි අපි වැඩසටහන සිදු කරන්නේ. 
 
ඉදිරියේ වැඩ කටයුතු මොනවද බලාපොරොත්තු?
 
දැනට නම් ඇත්තටම ඉදිරි වැඩකටයුතු කිසිවක් නැහැ. දැනට තියෙන එකම බලාපොරොත්තුව සෞඛ්‍ය ආරක්ෂිතව මේ වසංගතයෙන් බේරිලා ජීවත් වෙන එක.
 
හදගැස්ම
මව්බිම 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top