දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව ලබන 21 වන අඟහරුවාදා අලුයම 04 දක්වා දීර්ඝ කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී එම තීරණයට එළැඹුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ලබන 21 වනදායින් පසු රට නැවත විවෘත කලහොත් ඒ සඳහා පැනවිය යුතු සීමාවන් සහ කරුණු පිළිබඳව විස්තර වාර්තාවක් ලබා දෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම සාකච්ඡාවේදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
එමෙන්ම සිය අස්වනු දෛනිකව වෙළඳපොලට නිකුත් නිරිමට නොහැකි විමෙන් ගොවින් දැඩ් අපහසුතාවයට පත් වි සිටින බැවින් දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන ,පොහොය දින හැර සියලුම දින වල අඛණ්ඩව විවෘතව තැබිය යුතු බව මෙම රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
මේ අතර, එන්නත්කරණ වැඩපිළිවෙලෙහි ප්‍රගතිය පිළිබඳව ද කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී දැඩි ලෙස අවධානය යොමු වි තිබෙනවා.
ඒ අනුව ස්පුට්නික් එන්නතෙහි 2 වන මාත්‍රා 120,000 ක ප්‍රමාණයක් ඉදිරි සතිය තුල ලැබීමට නියමිත බවයි කොවිඩ් කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන එහිදී ප්‍රකාශ කර ඇත්තේ.
ජංගම එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාවට නැංවිය යුතු බව දැඩි ලෙස අවධාරණය කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී පෙන්වා දුන්නේ එන්නත් ලබා ගැනීමට පසුගාමී වන පිරිස දිරිමත් කිරිම අනිවාර්ය බවයි.
එසේම, 2020 සහ 2021 වසර වල පාසල් නොපැවැත්විමෙන් ලක්ෂ 07 කට ආසන්න දරුවන් පිරිසකට ප්‍රාථමික අධ්‍යාපනය අහිමිවිම නිසා ඇති බලපැම පිළිබඳව එහිදි අවධානය යොමු වුණා.
ඒ අනුව සිසුන් 100 ට අඩු පාසල් 3000 අධික සංඛ්‍යාවක් ග්‍රාමීයව පවතින බැවින් පළමුව එම පාසල් විවෘත කිරිමට ඇති හැකියාව පිළිබඳව සෞඛ්‍ය සහ අධ්‍යාපන නිළධාරින්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් මගික් කඩිනමින් නිර්දේශයක් ලබා දිය යුතු බවටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදි උපදෙස් ලබා දි ඇත්තේ.
VIDEO