සැමියා දෙමව්පියන්වත් එකතු කරගෙන,
ශාන්ති කර්මය කරන්න ගිහින්..
හෙට්ටිපොල - මඩයින ප්‍රදේශයේ ශාන්තිකර්මයක් අතරතුර මිය ගිය තරුණියගේ මරණය, ස්වාභාවික රෝගී තත්ත්වයක් උත්සන්න වීම හේතුවෙන් සිදු ව ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ඒ, කුලියාපිටිය මූලික රෝහලේ දී සිදු කළ මරණ පරීක්ෂණයේ වාර්තාවට අනුව යි.
වෛරස උණ තත්ත්වයක් උත්සන්න වී මොළයේ ස්නායු ඉදිමීම සහ පෙනහලු අක්‍රීය වීම හේතුවෙන් අදාළ තරුණියගේ මරණය සිදු ව ඇති බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්.
අදාළ තරුණියට දින කිහිපයක් පුරා පැවති හිසරදයක් සුව කිරීම සඳහා ඇගේ සැමියා, දෙමව්පියන් සහ ඥාතීන් විසින් හෙට්ටිපොළ - මඩයින ප්‍රදේශයේ දේවාලයකට රැගෙන ගොස් ශාන්තිකර්මයක් සිදු කර තිබුණා.
එහි දී කට්ටඩියා විසින් තරුණියව පුටුවක අසුන්ගන්වා ශාන්තිකර්මය සිදු කරමින් සිටිය දී හදිසියේ සිහිසුන් ව ඇද වැටුණු ඇය හෙට්ටිපොල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කෙරුණා.
කෙසේ වෙතත් රෝහල වෙත රැගෙන එනවිටත් අදාළ තරුණිය මියගොස් තිබූ බව සඳහන්.