ඔත්තුවක් මත කළ සුපිරි වැටලීම...
නොදුටු වීඩියෝව මෙන්න..
දකුණු මුහුදු තීරය ඔස්සේ, මහ පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙමින් මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වීමට ක්‍රියාකළ “බොබ් මාලි” නමැත්තා සිය අනියම් බිරියද සමඟ ඇල්පිටිය ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටියදී ඊයේ (09දා) අලුයම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු ඔත්තුවක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.
පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගන්නා විටත් ඔහු සිය දිගු කොණ්ඩය කපා සිය ස්වරූපය පවා වෙනස් කරගෙන සිටි බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙක් කීය.
මාලබේ හා බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන චමින්ද තාබේ්‍රව් නොහොත් බොබ් මාලි නමැති මොහු අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරක් ලබාදෙන ලෙස මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පෙරේදා (08දා) මහජනතාවගේ සහාය පැතුවේ ඔහුගේ ඡායාරූප කිහිපයක්ද පළ කරමිනි.
ඔහු ගැන තොරතුරක් ලබාදීම සඳහා දුරකථන අංක කිහිපයක්ද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ලබාදී තිබිණි.
පසුව එම අංකවලට නාඳුනන පුද්ගලයන් රැසක් ඇමැතුම් ලබාදී තිබිණි.
මේ අතර ලැබුණු එවැනි තොරතුරක් මත බොබ් මාලි නමැත්තා අත්අඩංගුවට පත්විණි. ඔහුව අත්අඩංගුවට ගැනීමට සොයන බවට ඊයේ රාත්‍රි විද්‍යුත් මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමත් සමඟ ඔහු හඳුනාගත හැකි ප්‍රබලම සාක්කිය වූ දිගැති කොණ්ඩය කපා ගත් ඔහු සිය බිරිය සමඟ ඇල්පිටිය ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටියදී මෙසේ කොටු වී ඇත.
ප්‍රශ්න කිරීමේදී මොහු විසින් දකුණු මුහුදු තීරය ඔස්සේ මෙහෙයවන ලද මත්ද්‍රව්‍ය ජාවාරම් කිහිපයකටද සම්බන්ධ වී ඇති බව හෙළිවිණි. ඉකුත් 31 වැනිදා රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරකට අනුව නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් කිලෝ 288 මෙරට ගෙන ඒම මෙහෙයවා ඇත්තේ මොහු විසිනි.
එම කුඩු තොගය මෙරටට ගෙන්වා ඇත්තේ කොස්ගොඩ සුජී නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බවට මූලික පරීක්ෂණවලදී හෙළි වුවද මොහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන්ට පවසා ඇත්තේ එම කුඩු තොගය දැනට ඩුබායි පදිංචිව සිටින අහුන්ගල්ලේ මල්ෂාන්ගේ ඒවා බවය.
සැකකරුගෙන් ඊයේ හවස්වනතුරුත් ප්‍රශ්න කරමින් තිබූ අතර මෙම මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමේ මෙහෙයුම් සිදුකර ඇති බවට අනාවරණය වී තිබුණේ මත්ද්‍රව්‍ය කිලෝ 288 සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනාගෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදීය.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ එම කාර්යාංශය විසින් සිදුකරනු ලබයි.
කොළඹ _ ජයසිංහ, කීර්ති මෙන්ඩිස්,
Mawbima