කොටවෙහෙර ලූත්ගම ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් මල්ලීගේ උදැලූ පහරකින් අයියා මියගිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අලූත්ගම දිගැන්නෑව පදිංචි පී. එච්. නිශ්ශංක සිරිල් රාජපක්ෂ (44) නමැති දෙදරු පියෙක්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ මල්ලී සහ ඔහුගේ බිරිඳ සැකපිට අත්අඩංගුවට ගෙන නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව කොටවෙහෙර පෛාලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ඒ. එච්. කේ. ජයරත්න පවසනවා.
තමන්ගේ දෙමාපියන්යට අයත් ගොඩ සහ කුඹුරු ඉඩම්වල වැට මාඉම් සම්බන්ධව මීට පෙරද පවුල් දෙක අතර ඇති වූ ගැටුම් පොලිසිය විසින් සමථයකට පත් කර තිබෙනවා.
මියගිය නිශ්ශංක නමැති අය මෙදින පෙරවරු 6.30 ට පමණ ඔහුට අයත් ඉඩමේ අලිවැටක් දැමීමට ගොස් ඔහුගේ ට්‍රැක්ටරය පදවාගෙන ආපසු නිවසට එමින් සිටියදී සොහොයුරාගේ නිවස ඉදිරිපිටදී ඉඩමක මායිමක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීම දුරදිග ගොස් බාල සොයුරා උදැල්ලෙන් පහරදී සොයුරා ඝාතනය කර තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
මියගිය පුද්ගලයාට වයස අවුරුදු 15 ක සහ 12 ක දියණියන් දෙදෙනකු සිටින අතර ඔහු ගොවිතැන් කටයුතු සිය ජීවිකාව ලෙස කරගෙන ගිය අයෙක්. නිකවැරටිය මහේස්ත්‍රාත් විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ අතර මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල පළාත් මහ රෝහල වෙත යොමුකරන බව කොටවෙහෙර පොලිසිය පවසනවා.