රාජ්‍ය සේවයේ සියලුදෙනා සේවයට කැඳවමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට විරෝධය පළ කර අද උදෑසන හතේ සිට දහවල් 11 දක්වා දිවයිනේ සියලු රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පරිපූරක හා අතුරු වෛද්‍ය, හෙද සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එක්වීමට නියමිත බවයි වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් කියා සිටියේ.
මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ආරම්භ කළ දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද උදෑසන අවසන් වුණා.