Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
05
"එහෙම හිතලා කොළඹට කෝච්චියේ එද්දී ටිකට් නැතුව මාව අහු වුණා..." - එදා රටක් හෙල්ලූ නව ලක්ෂයේ මංකොල්ලය ගැන චීනාගේ එකම අයියා කතා කරයි

- "එහෙම හිතලා කොළඹට කෝච්චියේ එද්දී ටිකට් නැතුව මාව අහු වුණා..." - එදා රටක් හෙල්ලූ නව ලක්ෂයේ මංකොල්ලය ගැන චීනාගේ එකම අයියා කතා කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,339 Views
"දවසේ කුලී වැඩ කළාම රුපියල් පහක් හවසට ලැබෙනවා.."

"මේක ඒ කාලේ ලොකුම මංකොල්ලයනේ.. මේක වෙච්ච ගමන් පත්තරවල ගියා.."

හැටේ දශකයේ ලංකාවම හෙල්ලූ නවලක්ෂයේ මංකොල්ලයේ මහා මොළකරු වූයේ චීනාය. ඔහු නමින් ජයලත් කැමිලස් ගුණසේකර ය. බොරැල්ලේ සදර්න් ආයතනය කොල්ලය ඇතුළු තවත් බිහිසුණු කොල්ලකෑම් ගණනාවක චීනා ලොක්කා විය. කැම්ලස් ට චීනායි නම දැම්මේද බන්ධනාගාර ජේලර්වරුන්ය. බැලූ බැල්මට චීන පෙනුමක් ඔහුට තිබිණි.

දාන දාන හිර ගෙදරින් පැන ගැනීමේ අමුතු වීරත්වයක් ද චීනා සතුව තිබිණි. මේ හැමදේම අස්සේ චීනාගේ විවාහ මංගල්‍යයට එකල ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාද පැමිණියේය. චීනාගේ පදිංචියට රජයෙන් ගෙයක් ද ලැබිණි. මේ කතා සේරම කැටි වූ කල කැම්ලස් ගුණසේකර හෙවත් චීනා ඒ කාලයේ රටම හෙල්ලූ අයෙකි. පසුගිය දිනක අපට චීනාගේ එකම සහෝදරයා වූ ජයලත් එඩ්වඩ් ගුණසේකර මහතා හමුවිය. දැන් ඔහුට වයස අවුරුදු 77 කී. චීනා ජීවත්ව සිටියේ නම් ඔහුට වයස අවුරුදු 75 කි. මේ අතීත කතාව පිළිබඳ ගුණසේකර සමග අපි සාකච්ඡාවේ යෙදුනෙමු.

“අපේ තාත්තා සේවය කළේ හමුදාවේ. තාත්තගේ නම ජෝර්ජ් ගුණසේකර. ඒ කාලේ එංගලන්තේ ජෝර්ජ් රජතුමාගේ පුත්තු දෙන්නා තමයි එඩ්වඩ් සහ කැම්ලස් කියන්නේ. තාත්තා අපට නම් දැම්මෙත් ඒ අනුව කියලයි අපට පසුව දැන ගන්න ලැබුණේ. තාත්තාගේ ගම වුණේ මාතර අපරැක්ක. විවාහ වුණාට පස්සේ කෑරගල මණ්ඩාවල පදිංචි වුණා. මේ අතරෙදි පවුලේ ඉඩම් පලහිලව්වකට අපේ තාත්තා ඝාතනය වුණා. පස්සේ අම්මත් වෙනම විවාහයක් කර ගත්තා. ඊට පසුව අම්මට අපි දෙන්නා බලාගන්න එක ටිකක් දුෂ්කර දෙයක් වුණා. ඒ නිසා මාව අපරැක්කේ මාමා කෙනෙකුගේ ගෙදර නතර කළා. මල්ලි (චීනා) බදුල්‌ලේ ඉස්කෝලෙ මහත්තයෙක් වෙන අපේ නෑ ගෙදරක නතර කළා. ඉතින් මම ගියේ අපරැක්කෙ ඉස්කෝලෙට. මල්ලි බදුල්‌ලේ ඉස්කෝලෙකට ගියා.

මට අවුරුදු 12ක් විතර වෙද්දි මට අපරැක්කේ ගෙදරින් පැනලා කොළඹ එන්න ඕනැ කියලා හිතුනා. එහෙම හිතලා කොළඹට කෝච්චියේ එද්දී ටිකට් නැතුව මාව අහු වුණා. ඒකට දඬුවමක් විදියට මාව අවුරුදු තුනකට හික්කඩුවේ පුනරුත්ථාපන කඳවුරකට යොමු කළා. මම හික්කඩුව පුනරුත්ථාපන කඳවුරේ බව නෑයො බදුල්ල ගෙදරට කියන්න ඇතිනේ. මේක දැනගත්තු මල්ලි (කැම්ලස් ගුණසේකර) මාව බලන්න හික්කඩුවට එන්න එයත් බදුල්ලේ ගෙදරින් පැන්නා. එයාවත් කෝච්චියෙදී අහුවුණා. මල්ලිව දැම්මෙත් හික්කඩුව පුනරුත්ථාපන කඳවුරටමයි. එතකොට මල්ලිට අවුරුදු දහයක් ඇති......”

දෙමාපිය රැකවරණයත් දෙමාපිය ආදරයත් ළපටි කලදී අහිමි වීමත් එක් අතකට මේ අයියා මලෝ ට ද බලපාන්නට ඇත. නෑදෑ ගෙයක් වුණත් අනුන්ගේ තැනක් වීම එකකි. තමන්ගේ තැන තරම් අනුන්ගේ තැනක් නුහුරක් දැනෙන්නට ද ඇත.

“ඊට පස්සේ මොකද වුණේ...” මම ගුණසේකර මහතාගෙන් විමසීමි.

“මල්ලි හික්කඩුවේ කඳවුරේ ඉද්දි එයා ඒකෙන් පැනලා සිරිපාදේ ගිහින් ආයෙත් හික්කඩුව පුනරුත්ථාපන එකට ගිහින් බාර වෙලා තිබුණා. එහෙන් පැනපු නිසා මල්ලිට තවත් වැඩිපුර මාස තුනක් කාලය දික් කළා. පුනරුත්ථාපන එකෙන් මුලින් නිදහස් වු​ණේ මම. පස්සෙ ඒකේදිම මට හම්බවුණ යාලු‍වෙක් හිටිය ජයසේන කියලා. එයා හිටියෙ වනාතමුල්ලේ. මම ජයසේන එක්ක වනාතමුල්ලට ගිහින් පොඩියට කුලී වැඩක් කරමින් උන්නා.

දවසේ කුලී වැඩ කළාම රුපියල් පහක් හවසට ලැබෙනවා. ඒ කාලේ හැටියට ඒක හොඳටම ඇති. පාන් බාගයක් සත දහතුනයි. පරිප්පු එකක් සත දහයයි. සත 25 ක් වියදම් කළාම වේලක් කත හැකි. ඉතින් කුලී වැඩ කළහම දවසේ කෑමට රුපියල් දෙකයි. රුපියල් තුනක් ඉතුරු කළා.

ඔහොම ඉන්න අතරෙ මල්ලි (චීනා) නිදහස් වෙලා ආවා.

‘‘මල්ලි උඹත් වරෙන් මාත් එක්ක වැඩ කරන්න වෙන රස්සා ඕනැ නෑ.’’ මම කිව්ව.

“නෑ අයියේ... හික්කඩුවේදී හම්බවෙච්ච මගෙත් යාළුවෙක් ඉන්නවා. අපි කල්පනා කළේ ඇස්වාට්ටුව ඉස්සරහ පලතුරු ලෑල්ලක් කරන්න.”

“කමක් නෑ උඹට හොඳක් වෙනවා නම්” මමත් කිව්වා. දැන් එයා යාලු‍වත් එක්ක පලතුරු ලෑල්ල කරනවා. ඔහොම ඉන්න අතරෙදි තමයි මල්ලි බොරැල්ලෙ නිව් සදර්න් ඔරලෝසු සාප්පුව කොල්ල කාලා තිබුණේ. ඒකට මල්ලි අවුරුදු දෙකක් හිරේට ගියා. ඒ හිරේදි හඳුනගත්ත කට්ටියක් එක්ක තමයි ඔය කියන නව ලක්ෂයේ මංකොල්ලය කළේ.

නව ලක්ෂයේ මංකොල්ලය ලොකු සැලසුමක් ඇතුව කරපු එකක්. ඒකට කියු​ෙටක්ස් පියදාස, ඩූඕඩයි ධර්මෙ, පිටිගල සිරිසේන වගේ හත්දෙනෙක් එකතුවෙලයි කරලා තිබුණේ.

ඉස්සර වටේම සතොසවල සල්ලි එක්කාසු කරගෙන ගේන්නෙ මැක්ලම් පාරෙ සතොස කන්තෝරුවට. මේක මල්ලි බලාගෙන ඉඳලා තියෙනවා. පස්සේ කුලියට ගත්ත වාහනේක මේ සතොස සල්ලි එකතු කරන වෑන් එක දවස් ගානක් ලු‍හු බැඳලා තියෙනවා. අන්තිමට සල්ලි ගන්නෙ වැලිසර සතොස ශාඛාවෙන්. ඔය කියන කාලේ වෙ​ෙළඳ ඒකාධිකාරිය වගේ හිටියෙ සතොසනෙ..’’ ගුණසේකර මහතා කියන්නේය.

චීනා දවස් ගානක් සතොස සල්ලි එකතු කරන වාහනය ලු‍හුබැන්දේය. තමන් මේ සූදානම් වෙන්නේ එතෙක් ලංකාවේ ලොකුම මුදල් මංකොල්ලයට බව ඇතැම් විට චීනා ද නොසිතන්නට ඇත.

දිනය 1966 නොවැම්බර් මාසේ 28 වැනිදාය. වෑන් රථයේ සල්ලි මංකොල්ලයට චීනා ඇතුළු පිරිස සූදානම් වුණේ පෑලියගොඩ වික්ටෝරියා පාලම උඩදී කරන්නට ය.

“මල්ලි මේක අනෙක් හත් දෙනත් එක්ක හොඳට සැලසුම් කරලා තියෙනවා. එක එක්කෙනාට එක එක වැඩේ පවරලා. එක්කෙනෙක් ගාඩ් එකට ඉන්න පොලිසියේ කෙනාගේ තුවක්කුව උදුරගන්න. තව කෙනෙක් වෑන් එකේ වීදුරු කඩන්න. මේ විදිහට...’’

“සතොස වෑන් එක පස්සේ යන්න තවත් වාහනයක් එපැයි. මෙයාලා දන්කොටුවේ ඇන්ඩෘ අප්පුහාමි කියලා කෙනෙක්ගෙන් මගුල් හයර් එකකට කියලා කාර් එකක් ඉල්ලගෙන තියෙනවා. ඒකෙ තමයි සතොස වෑන් එක පස්සේ එළවලා තියෙන්නේ. දිගටම වෑන් එක පිටිපස්සෙන් ඇවිත් වික්ටෝරියා පාලම උඩදී කාරෙක වෑන් එකට ඉස්සර කරල වෑන් එකේ මග අවහිර කරලා තියෙනවා. ඒ එක්කම එක විනාඩි ගානක් ඇතුළත සල්ලි අරගෙන මෙයාල කාර් එකේ පැනල ගියා. එතන ඉන්න අයට මෙයාල කියලා තියෙන්නේ මේ චිත්‍රපටියක් පටිගත කිරීමක් කියලා. එතකොට කවුරුත් ළං වෙන්නෙත් නැහැනේ. ඔන්න ඔහොමයි ඒක වුණේ.

“හැබැයි මේ එක්කම වගේ මංකොල්ලය එළිදරව් වුණා නේද..” මම ගුණසේකර මහතාගෙන් විමසීමි

“ඔව් මේක ඒ කාලේ ලොකුම මංකොල්ලයනේ.. මේක වෙච්ච ගමන් පත්තරවල ගියා. පොලිසියෙන් කියල තිබුණ මංකොල්ලය කළ අය ගැන තොරතුරක් දෙන කෙනෙකුට රුපියල් දහදාහක් දෙනවා කියලා. 1966දී රුපියල් දහදාහක් කියන්නෙත් අද කාලේ හැටියට ලක්ෂ ගානක්. මල්ලිලා එක්ක මේ මංකොල්ල සැලසුම් කරපු කෙනෙක් රාජගිරිය පැත්තේ ඉඳලා තියෙනවා. එයා මංකොල්ලකෑව දවසේ ඉඳලා නෑ. මෙයා වැඩෙන් කැපුණු නිසා ඔහු පොලිසියට ඔත්තුව දීලා තිබුණා. මංකොල්ලය සැලසුම් කළ හැටි, ඒ අය ඉන්න තැන් මේ සේරම විස්තර....’’

ඒ ආසන්න දවසක මල්ලිට (චීනා) පෙර නඩුවකට උසාවියේ පෙනී ඉන්න තිබුණා. මල්ලි එදා උසාවි එන නිසා සී.අයි.ඩී. එක නඩුකාරතුමා ට කලින්ම කියලා තියෙනවා. එදාට නඩුව අහන වෙලාව තරමක් පමා කරන්න කියලා. එදා උදේ 10.30 ට විතර මල්ලි උසාවියට ආවා. මල්ලි ආවේ හරිස්චන්ද්‍ර මෙන්ඩිස් මහත්තය එක්ක. මමත් එදා උසාවියට ගියා. මල්ලි උසාවි එනකල් බලා හිටපු පොලිසිය උසාවි බිමේදිම මල්ලිව අත්අඩංගුවට ගත්ත. ඒ වෙලාවේ මාංචු දාලා මල්ලි අරන් ගියා. ගියේ සී.අයි.ඩී එකට. නවලක්ෂයේ මංකොල්ලය වුණාට එදා සල්ලි වලින් තිබිලා තියෙන්නෙ හාරලක්ෂ අනූ පන්දාහයි. ඉතිරි ඒවා චෙක් තිබිලා තියෙන්නේ. ඉතින් සල්ලි එදා ගනිද්දී මල්ලිගේ කොටස විදියට රුපියල් 45,000 එයාට හම්බ වෙලා තියෙනවා. එයා සී.අයි.ඩී. එකේදි පොරොන්දු වෙලා තියෙනවා එයා ගත්ත කොටස දෙන්න. කොහොමින් කොහොම හරි නඩුව අවුරුද්දකට වඩා ගියා. මල්ලි වැලිකඩ හිරගෙදරට දැම්මා. දඬුවම අවුරුදු හතළිස් හතරක්. ඒක අවුරුදු විසිදෙකෙන් ගෙවෙන්න තමා හිරේට දැම්මෙ.

ඒ කාලේ අපේ අම්මත් නිකං හිටියෙ නෑ. ජනාධිපතිතුමාට, අපේ පළාතේ මන්ත්‍රීව හිටපු සරත්චන්ද්‍ර රාජකරුණා මහත්තයට කියමින් මල්ලිට නිදහස ඉල්ලා හිටියා. චීනාට නිදහස ලැබෙන අයුරු පෙනෙන්නට තිබුණේ නැහැ.

වැඩිකල් නොගොසින් චීනා මහ ගේට්ටුවෙන්ම එළියට පැන ගත්තේ ය. එහෙත් ඒ සමගම චීනා යළිත් පොලිසියට හසු විය. ඉන්පසු චීනා යොමු කළේ මහර බන්ධනාගාරය වෙත ය. මහරින් පැනීමද චීනාට මහා ලොකු වැඩක් නොවිණ. ඔහු මහරින් පැන කෑරගල ගෙදරට ආවේය.

‘‘මාස කිහිපයක් කෑරගල ඉද්දි මල්ලි ආයෙත් මංකොල්ලකෑම් ගණනාවක් කළා. ඒ කාලේ ජනප්‍රියම කාර් එකක් තිබුණා ඔස්ටින් ක්‍රේම්බීජ් කියලා. ඒ කාර් අටක් ලංකාවේ එක එක පැති වලින් මල්ලි හොරකම් කරලා කෑරගල ට ගෙනාවා. මල්ලි එක්ක ඒවට සම්බන්ධ වෙලා හිටියේ ස්ටීවන් කළු කියලා කෙනෙක්. ඔහු වාහන එලවන්න අති දක්ෂයෙක්. ඔහොම ඉන්න අතරෙදි මල්ලි ආපහු පොලිසියට අහුවුණා. ඒ පාර එයාව දැම්මෙ යාපන හිරගෙදරට. යාපන හිරගේ තිබුණෙ මුහුදෙන් වට වෙලා පුංචි දූපතක වගේ. එකෙන් පනිනවා නම් පනින්න තියෙන්නෙ මුහුදට. මල්ලි ඒකෙනුත් මුහුදට පැනලා. ඒ අවට තිබුණු බෝතල් කටුවලට කකුලත් කැපිල. කොහොමහරි රෑ වෙනකල් වෙරළෙ ඉඳලා රෑ කළුවරේම යාපන දුම්රියපලට ඇවිත් තියෙනවා.” ගුණසේකර මහතා සිය මතකය අවදි කරයි.

හිර ගෙදරින් පැන්න චීනා ජම්පරේ පිටින්ම යාපන දුම්රියපලට ආවේය. එහි එන විට චීනා ව කොටුකර ගන්නට යාපනය පොලිසිය හා බන්ධනාගාර ආරක්ෂකයෝ ද එහි රැඳී උන්හ. චීනා කළේ දුම්රියපොළේ විදුලි සපයන වයරය කඩා දමා දුම්රියපොළේ විදුලිය අක්‍රීය කර දැමීමය. ඉන්පසු යාපනයේ සිට කොළඹට එන කෝච්චියේ පෙට්ටියක් යටට වී එය වැරෙන් අල්ලා ගෙන අනුරාධපුරය දක්වා පැමිණියේය. අනුරාධපුරයෙන් බැසගත් චීනා තමන්ගේ මිතුරකු හමුවී හිරගෙදර ඇඳුම් මාරු කරගෙන කෙළින්ම කොළඹ ආවේය.

“මල්ලි ආවේ මාව හොයාගෙන. එතකොට මමත් විවාහ වෙලා නෑ. මම හිටියෙ වනාතමුල්ලෙ කාමරයක. අයියේ මම හිරගෙදරින් පැන්න. මගේ කකුල කැපුනා මේ..’’ ඔහු කීවේය. ගුණසේකර මහතා කකුල දෙස බැලු‍වේය. හතර පස් පොළක් දරුණු ලෙස වීදුරු වලට කැපී තිබේ.. ඊට පස්සේ මගේ හිතවත් දෙමළ යාලු‍වෙකුත් එක්ක එකතුවෙලා ඉතාම රහසින් මල්ලිගෙ කකුලට බෙහෙත් කරලා හොඳ කළා.

කකුල හොඳ වුණාට පස්සේ මල්ලි කොළඹ එදිරිසිංහ රත්රන් බඩු කඩේ කොල්ලයකට පැන්නා. ඒකෙදි එළියට වත් එන්න බැරි වුණා. පොලිසියට කොටු වුණා. ඊට පස්සේ ආයෙත් මහර හිරගෙදරට දැම්මා. මහර හිරගෙදර මල්ලිට කියලා වෙනම ගොඩනැගිල්ලක් හැදුවා. පොළොවත් හාරලා මල්ලි පනින හින්දමයි ඒක කළේ. ඒ කාලේ බන්ධනාගාරයේ අය මල්ලිට කිව්වේ චීනා කියලා. එයා චීනෙක් වගේ සුදුයි, ලස්සනයි. මල්ලිට මහර හිරගෙයි හදපු ගොඩනැගිල්ල තවම තියෙනවා. ඒකට අදටත් කියන්නේ චීනාගේ වාට්ටුව කියලා. ඒකෙන් ලේසියෙන් පනින්න බෑ. චීන වාට්ටුව හදලා ඉවර වෙන්නත් කලින් මල්ලි ආයෙත් මහර හිරගෙදරින් පැන්නා. ඒ ආවට පස්සේ මල්ලි නම වෙනස් කරගත්තා ජයලත්ගේ සිරිසේන කියලා. එයා කිව්වේ ගුණසේකර කියන නම නිසා පවුලේ අයට අගෞරවයක් වෙනවා කියලා.

මහරින් පැනලා ආවට පස්සේ පොලිසිය සිවිල් පිට ඇවිත් කොටුකරලා මල්ලිව ඇල්ලු‍වා. අල්ලලා පෑලියගොඩ පොලිසියට ගෙනිහිං තිබුණා. මම එදා රෑම මල්ලි බලන්න පොලිසියට ගියා.

“මේ සිරිසේන වාසනාවන්තයි. උගේ කකුලට වෙඩි තිබ්බා. තුවක්කුව පත්තු වුණේ නෑ. නැත්නම් මේ වෙද්දි සිරිසේන අබ්බගාතයි කියලා පොලිසියෙ මහත්තයෙක් කිව්වා.

චීනා එතනින් පසු යළිත් අවුරුදු කීපයකට වැලිකඩ හිර ගෙට ගියේය. ඉන්පසු ඉතා හොඳ කල්ක්‍රියාවෙන් පසුවිය.

“මෙහෙම ඉද්දි‌ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මල්ලිට සමාව දීල නිදහස් කළා. පස්සේ මල්ලි විවාහ වුණා. කෑරගල ගෙදර තමයි උත්සවය තිබුණේ. පදිංචියට ගෙයක් සරත්චන්ද්‍ර රාජකරුණා මහත්තයා කිරිඳිවැලින් ලබා දුන්නා. මල්ලිගේ විවාහයට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, රාජකරුණා මහත්තයා බන්ධනාගාර කොමසාරිස්තුමාත් ආවා. විවාහයෙන් පස්සේ මල්ලිට පුතෙකුයි දුවෙකුයි ලැබුණා.

“එතකොට මල්ලිගෙ මරණය වුණෙත් මේ ආසන්න කාලයේදී මයි නේද...” මම විමසීමි.

“ඔව් ඒක මෙහෙමයි වුණේ. මමත් එදා කිරිඳිවැල මල්ලිලාගේ ගෙදර හිටියේ. සුදු අයියා කියලා කෙනෙක් එදා උදේම මල්ලිව හම්බ වෙන්න ගෙදරට ආවා. බලන්නකො ගුණේ අයියේ හේනෙගම කඩයක් කැඩුවා කියලා වැලිවේරිය පොලිසියෙන් අපේ රාජව අරන් ගියා, ඊයේ රෑ කියලා කිව්වා.

පස්සේ මල්ලි සුදු අයියා එක්ක වැලිවේරිය පොලිසියට ගියා. මල්ලි පොලිසියෙන් අහල තියෙනවා ඊයේ රෑ කොල්ලො දෙන්නෙක් අල්ලගෙන ආවද කියලා. පොලිසියේ ඩියුටි හිටපු රාළහාමි නෑ කියලා. පස්සේ මල්ලි එන්න හැරුණම පොලිස් කූඩුවේ ඉඳලා ගුණේ මාමේ අපි මේ ඉන්නවා කියලා රාජලා කෑගහලා.

රාළහාමි බොරුවක් කිවුවා කියලා මල්ලිට කේන්ති ගිහින් බැණලා තියෙනවා. මේ වචන හුවමාරුව දුරදිග යාමක් විදියට තමයි පසුකාලෙක මල්ලිව ඝාතනය වුණේ. බුලත් කොටන යකඩයකින් තමා මල්ලිට ගහල තිබුණේ. පාරවල් අනූ හතක් මල්ලිට ගහලා තිබුණා. මාරාන්තික පාරවල් පනස් දෙකක් ගහපු බවත් දැනගන්නට ලැබුණා.

‘‘මල්ලිගේ මරණය වුණේ අසූව දශකයේ. ජයලත් එඩ්වඩ් ගුණසේකර මහතා කියයි. දැන් ඔහු වයෝවෘද්ධ ය. එහෙත් තම එකම සහෝදරයා පිළිබඳ මතකය තවමත් දීප්තිමත්ය. යටයන හා යටගිය කතා අතරේ චීනාගේ කතාව හැට, හැත්තෑව, අසූව දශකවල අයට අමරණීය මතකයක් විය හැකිය.

අසංක ආටිගල
ලංකාදීප
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top