Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
04
ඔලිම්පික් කමිටුවට චෝදනාවක්

- ඔලිම්පික් කමිටුවට චෝදනාවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,936 Views
2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු සහ නිලධාරින් 17 දෙනෙකු ඇතුළත්ව සිටියා.

තරගාවලියේ තරග ඉසව්වන් අද 12 වැනි දිනටත් ක්‍රියාත්මක වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රිඩිකාවන් කල්වේලා ඇතිවම තරගාවලිය නිමා කළා.

ඒ තරගාවලියට එක්වූ එකඳු හෝ මෙරට ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට පෞද්ගලික හොඳම දස්කම් හෝ දක්වන්නට නොහැකිව තරගාවලියේ ඉවත් වූ පසුබිමකයි.

මෙවර ටෝකියෝ ගිය ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය හිමි වූ ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමට භෞත චිකිත්සකවරයකු ඇතුලත්ව සිටියේ නැහැ.

නමුත් ටෝකියෝ යෑමට පෙර ජාතික ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකය නිර්දේශ නොකළ භෞත චිකිත්සකවරයකු ඇතුළත් කර තිබුනා.

එහිදී ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් පවසා ඇත්තේ, ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ නිර්දේශිත භෞත චිකිත්සකවරයකු තරගාවලිය සඳහා එක්කර ගන්නා ලෙසටයි.

නමුත් ඉන් අනතුරව ජාතික ඔලිම්පික් කමිටු බලධාරීන් පවසා ඇත්තේ,ජගත් ඔලිම්පික් කමිටුව මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා භෞත චිකිත්සකවරුන් එක් කර ගැනීම සඳහා අවසර ලබා නොදීමට තීරණය කර ඇති බවත්,ඒ අනුව අදාළ නම ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමෙන් ඉවත් කිරීමට කටයුතු කල බවත්ය.

එසේ තිබියදී කණ්ඩායමේ භෞත චිකිත්සක බවට පවසමින් අදාළ විෂය පිලිබඳ කිසිම සුදුසුකමක් නොමැති ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ හිටපු සභාපති ප්‍රදීප් පෙරේරා ජපානය බලා පිටත්ව ගියේ කාගේ කාගේ වුවමනාවක් මත ද ?

2017 වසරේ සිට 2019 වසර දක්වා කාලවකවානුවේදී ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඔහුගේ ධූර කාලයේදී
2019 දකුණු ආසියානු ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම සූදානම් කිරීමේදී රුපියල් ලක්ෂ 36කට ආසන්න මුල්‍ය අවභාවිතාවක් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වුණා.

එම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සොයා බලන්නට ක්‍රීඩා අමාත්‍යංශය විසින් පත් කළ අභියාචනා කමිටුව මගින් ද එය තහවුරු කර තිබුණා.
එවැනි වට පිටාවක් තුළ ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩා අමාත්‍යංශයේ ඇස් වලටද ද වැලිගසමින් තම හිතුමනාපයට කටයුතු කලේ කාගේ හයියකින්ද..

දැන් කලක පටන් අපට දකින්නට ලැබෙන්නේ මෙරට ඔලිම්පික් කමිටුවට බහිරවයින් සේ අරක්ගෙන සිටින බලධාරීන් තම හිතවතුන්ට සැලකීම සඳහා මෙවන් ජාත්‍යන්තර තරගාවලි යොදා ගන්නා බවයි.
 
කණගාටුවට කරුණ වන්නේ පත්වන සෑම ක්‍රීඩා අමාත්‍යවරයෙකුම ඉදිරියේ නොමැති බලයක් මවා පාමින් මෙරට ජාතික ඔලිම්පික් කමිටු බලධාරීන් කරනා මේ නාඩගමට නැවතීමේ තිත තැබීමට සමත් අයෙකු තවමත් නොමැති වීමයි.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top