Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
03
“(එන් සාවුක්කු කාරනම්) මගේ මරණයට හේතුව?” - ඉශාලිනීගේ කාමරයේ බිත්තියකින් මතු වූ අභිරහස් සටහනේ, මෙතෙක් හෙළි නොවූ කතාව එළියට, පොලිස් පරීක්ෂණ-වලින් අනාවරණය වූ දේ මෙන්න - Video

- “(එන් සාවුක්කු කාරනම්) මගේ මරණයට හේතුව?” - ඉශාලිනීගේ කාමරයේ බිත්තියකින් මතු වූ අභිරහස් සටහනේ, මෙතෙක් හෙළි නොවූ කතාව එළියට, පොලිස් පරීක්ෂණ-වලින් අනාවරණය වූ දේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,772 Views
පොළොව මට්ටමේ සිට අඩි 4ක පමණ උසකින්
මෙය සටහන් කර තිබුණා...

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී පිළිස්සී මියගිය ඉෂාලිනී ජූඩ් දැරිය නවාතැන්ගෙන සිටි කාමරයේ බිත්තියක ලියා තිබූ වැකිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස ඇගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පොලීසියෙන් ඉල්ලීමක් කරනවා.

දැරියගේ මරණය සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් හෙළි කර ගැනීමට මේ වන විට මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී වරුණි බෝගහවත්තගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම සමත් වී තිබෙනවා.

එවන් පසුබිමකයි ඊයේ දිනයේදීත් මන්ත්‍රීවරයාගේ බොරැල්ලේ පිහිටි නිවස පොලීසිය පරීක්ෂාවට ලක් කරනු ලැබුවේ.

එහිදී දැරිය සිටි කාමරය තුළ දෙමළ අදහසක් ඇති ඉංග්‍රීසියෙන් ලියූ වැකියක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වුණා.

එහි සදහන් වූයේ එන් සාවුක්කු කාරනම් හෙවත් මගේ මරණයට හේතුව යන්නයි.

කෙසේ වෙතත් මෙය, මියගිය ඉෂාලිනී විසින්ම ලියන ලද්දක් ද යන්න පිළිබදව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දැරිය පදිංචිව සිටි කුඩා කාමරයෙහි එක් පසෙකින් ඇය නිදා ගත් බවට පැවසෙන ඇදක් තිබූ අතර දැරිය තැබූ බව පැවසෙන සටහන කාමරයේ ඇති දොරට පිටුපස බිත්තියේ සටහන් කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.

පොළොව මට්ටමේ සිට අඩි 4ක පමණ උසකින් මෙම වැකිය සටහන් කර තිබෙනවා.

නමුත් මිය ගිය ඉෂාලිනී දැරියගේ සොහොයුරෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ තම නැගණියට ඉංග්‍රීසි වචන ලිවීමේ හැකියාවක් නොමැති බවයි.

මේ අතර මිය ගිය ඉෂාලිනී දැරියට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා වතුකරයේ ස්ථාන කිහිපයකදී අදත් විරෝධතා සංවිධාන කර තිබුණා.

තලවකැලේ - නානුඔය වතුයයේ කම්කරුවන්, හැටන් - ලෙදන්ඩ් සහ නාවලපිටිය - කොළපතන ප්‍රදේශයේ වතු කම්කරුවන් විරෝධතාවයේ නිරත වූ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

එම විරෝධතාවයන්ට එක්ව සිටි වතු කම්කරුවන්ද චෝදනා කළේ දැරිය විසින් ඇය සිටි කාමරයේ පළ කර ඇති සටහන පිළිබද සැකයක් පවතින බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top