කොළඹ දකුණ කොට්ඨාස අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් එහි රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් හය දෙනකු නිරෝධායනය සදහා යොමු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ස්ථානාධිපතිවරයාට ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුට රෝහලේ දී පී.සී.ආර් පරීක්ෂණක් සිදුකර ඇති අතර ඔහු කොවිඩ් බව එහිදී තහවුරු කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ස්ථානාධිපතිවරයා ප්‍රතිකාර සදහා යොමුකර ඇති බවත්, සෙසු පිරිස ඔවුන්ගේ නිවෙස්ම ස්වයං නීරෝධානය සදහා යොමු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි