Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
03
"නංගි රන් පදක්කම දිනුවා කියලා මා තුළ පීඩනයක් ගොඩ නැගුණේ නෑ..." - එකම දින ඔලිම්පික් රන් පදක්කම් නෙළු ජපානයේ අයියා නඟෝ

- "නංගි රන් පදක්කම දිනුවා කියලා මා තුළ පීඩනයක් ගොඩ නැගුණේ නෑ..." - එකම දින ඔලිම්පික් රන් පදක්කම් නෙළු ජපානයේ අයියා නඟෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20 Views
මේ ගැන අපි දෙදෙනාටම සතුටුයි. ඔලිම්පික් වැනි ලෝකයේ විශාලම ක්‍රීඩා උළෙලේ එක දිනක් තුළ පවුලේ දෙදෙනෙක් රන් පදක්කම් දිනා ගැනීම කියන්නේ අසිරිමත් සිදුවීමක්.

‘සොහොයුරු පෙමට කීන- දං නෙළා ගෙනැවිත් දෙන්නට තරම් එරමිණියා කටු ළැහැබ් පාවඩ බවට පත් කර යන්නට අයියා කෙනකු සිත උපදින ආදරය ගැඹුරු ය. ඔලිම්පික් රන් දිනන්නට නැඟණියට පාර කියා දී තමන් ද ඈ හා එක්ව එකම දිනක එවැනි සුපිරි දස්කමක් පෑම සොයුරු පෙම ඉතිහාසගත කිරීමකි. මේ බව ටෝකියෝවේ දී අපට අසන්නට ලැබුණේ ය.’

දිනය ඉකුත් ඉරුදින ය. ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තරග පැවැත්වූ තවත් දිනයක් ලෙස එය හැඳින්විය හැකි ය. එදින ජපන් ජාතිකයන්ගේ වැඩි අවධානය යොමුව තිබුණේ ජුඩෝ ක්‍රීඩාව සම්බන්ධව ය. මන්ද ජුඩෝ යනු ජපානය තුළ අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් වන හෙයිනි.

කාන්තා ලයිට් වේට් බර පංතිය යටතේ තරග පැවැත්වෙමින් තිබුණේ ය. එහි දී තරග වදිමින් සිටියේ ජපානයේ 21 හැවිරිදි ඌටා ආබේ හා ප්‍රංශයේ ඇන්ඩ්‍රික් මුකාර්ඩ් ය. තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තේ ය. අවසානයේ දී තරගයේ ජය හිමි කර ගත්තේ ජපාන ක්‍රීඩිකාව විසිනි.

ඒ තරගය නිම වීමෙන් අනතුරුව තවත් පැයක් පමණ ගෙවී ගියේ ය. නැවත වතාවක් ජපනුන්ගේ අවධානය තවත් ජුඩෝ තරගයක් වෙත යොමුව තිබිණි. ඒ එම තරගයේ ද තවත් ආබේ නමක් කියැවෙමින් තිබූ හෙයිනි. ඒ විසි තුන් හැවිරිදි හිෆුමි ආබේ ය. මෙම තරගය මහත් උනන්දුවෙන් දෑස් අයා බලා සිටියේ ඌටා ආබේ ය. ඒ ඇගේ වැඩිමහල් සොහොයුරා වූයේ හිෆුමි ආබේ බැවිනි.

ඔහු තරග වැදුණේ ජෝර්ජියාවේ ක්‍රීඩකයාට එරෙහිව ය. මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තේ ය. තරගය ජය ගත්තේ හිෆූමි ය. එය ආබේ පවුලට අතිශය සතුටුදායක විය. ඊට අමතරව එය ඉතිහාසගත ජයග්‍රහණයක් ද වූයේ ය. ඒ එකම දිනක් තුළ එකම පවුලේ සොහොයුරු, සොහොයුරියන් දෙදෙනෙක් රන් පදක්කම් දිනා ගත් පළමු අවස්ථා මෙය වීම නිසා ය.

‘මේ ගැන අපි දෙදෙනාටම සතුටුයි. ඔලිම්පික් වැනි ලෝකයේ විශාලම ක්‍රීඩා උළෙලේ එක දිනක් තුළ පවුලේ දෙදෙනෙක් රන් පදක්කම් දිනා ගැනීම කියන්නේ අසිරිමත් සිදුවීමක්. ඒ සතුට තවත් වැඩි කරන්නේ තරගාවලිය අපේ රටේම සංවිධානය වෙද්දී සජීවී ප්‍රේක්ෂකයෝ නැතත් රූපවාහිනී ප්‍රේක්ෂකයෝ ඉදිරියේ හෝ එය සාර්ථක කර ගන්න හැකි වූ නිසයි.’ අයියා පවසා තිබුණේ ය.

‘අද මගේ නංගී උදේ තිබුණු තරගයෙන් ජය ගෙන රන් පදක්කමක් දිනා ගත්තා. නමුත් එහෙම ඇය දිනා ගත් රන් පදක්කම මා තුළ පීඩනයක් ගොඩනැඟුවේ නෑ. මම ක්‍රීඩා කළේ සැහැල්ලුවෙන්. මොකද මටත් අධිෂ්ඨානයක් වගේම දැඩි විශ්වාසයක් තිබුණා. ඒ තමයි තරගය ජයග්‍රහණය කරනවාමයි කියන කාරණය.’ හිෆුම් තරගයෙන් අනතුරුව පැවසී ය.

කෙසේ නමුත් අබේ අයියා නඟෝ මෙම දස්කම ජාත්‍යන්තර පිටියේ දැක්වූ පළමු අවස්ථාව ලෙස මෙය දැක්විය නොහැකි ය. ඔවුන් මීට පෙර 2018 වසරේ දී පැවැති ලෝක ශූරතා තරගාවලියේ දී එකම දිනයේ රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබේ.

මේ අතර ඌටා සහභාගි වූ කිලෝ ග්‍රෑම් 58 බර පංතියේ ජුඩෝ තරග ඉසව්ව ඔලිම්පික් ක්‍රීඩාවට ඇතුළත් වූයේ 1996 බාසිලෝනා ඔලිම්පික් තරගාවලියේ දී ය. එහෙත් ජපානයට එවර එහි රන් පදක්කම හිමි වූයේ නැත. අඩි පහයි අඟල් දෙකක් උසැති ඌටා ලැබූ මෙම ජයග්‍රහණය සකුරා දේශයේ වාර්තාවකි.

හිෆුමිගේ ජයත් ජපන් ඉඩෝරයකට තිත තැබීමකි. ඔහු තරග කළ බර පංතියේ අවසන් වරට ජපානයට ඔලිම්පික් පදක්කමක් හිමි වුණේ 2008 වසරේ දී ය. හිෆුමි අඩි පහයි අඟල් හයක් උසැත්තෙකි. ඔහු දැනටමත් ද්විත්ව ලෝක ශූරයෙකි. එසේම ලෝකඩ පදක්කමක් ද ඔහු සතු ය.

ඌටා ද ද්විත්ව ලෝක ශූරියකි. මීට අමතරව ඔවුන් දෙදෙනාම අන්-තර්ජාතික ජුඩෝ සම්මේලනයේ ග්‍රෑන්ඩ් ස්ලෑම් සහ ග්‍රෝන් ෆ්‍රී තරග රැසක් ජය ගෙන ඇත. තම ක්‍රීඩා ජීවිතය සාර්ථක කර ගැනීමට සොහොයුරාගෙන් ලැබුණු සහයෝගය ඉතා සුවිශාල යැයි ඌටා පවසන්නට අමතක නොකරන්නී ය. තමන්ට ක්‍රීඩාව තුළින් මෙතරම් දුරක් පැමිණීමට හැකි වූයේ ද ඔහු නිසා බව ඇය පවසා සිටින්නේ සතුටිනි.

‘අයියා නොසිටින්න මම මේ ක්‍රීඩාවට යොමු වේවි කියලා සිතන්න අමාරුයි. නමුත් ඔහු මාව දිරිගන්වමින් විධිමත්ව පුහුණු කළා.’ යැයි ඌටා පවසන්නේ මෙවර ඔලිම්පික් උළෙලේ සුවිශේෂී ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වන්නට ජාත්‍යන්තර මාධ්‍ය අභිමුවට පැමිණෙමිනි.

‘නංගී නිසා මට අපේ පවුලේ නම ඉතිහාසයට එක් කරන්න පිළිවන් වුණා. සැබැවින්ම අපට ඉතිහාසය වෙනස් කරන්නත් හැකි වුණා.’ හිෆුමි පවසන්නේ ය.

ප්‍රශාන්ත ඇල්පිටිය
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top