දින 180 සම්පූර්ණ කළ සියලු සෞඛ්‍ය ආදේශක, අනියම් සේවකයින් ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද උදෑසන 6.30 සිට දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
මේ අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කොවිඩ් විශේෂ නිවාඩු ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ අදාළ ඉල්ලීම්වලට කඩිනම් විසදුමක් ලබා නොදුනහොත් අනිද්දා සිට සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට තීරණය කර ඇති බවයි.