උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් මාර්ගගත (ඔන්ලයින්) ක්රමයට ලබාදීම අගෝස්තු මස (04) වනදා සිට ආරම්භ කරන බව රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම සහතික පිටපත් මාර්ගගත ක්රමයට ලබාගැනීම සඳහා ජංගම දුරකතනය සහ පරිගණක භාවිතයෙන් ඉල්ලුම් කළ හැකි අතර වීසා සහ මාස්ටර් කාඩ්පත් භාවිතා කර ඒ සඳහා අදාළ ගෙවීම් සිදුකළ හැකි බවයි සඳහන් වන්නේ.
එම සහතික ශීඝ්රගාමී තැපෑල ඔස්සේ නිවසටම ගෙන්වා ගැනීමට හෝ ළඟම පිහිටි ප්රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ලබාගැනීමේ පහසුකම් සපයා ඇතැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
https://online.ebmd.rgd.gov.lk/ වෙබ් අඩවියෙන් මෙම සහතික පත් ඉල්ලුම් කළ හැකි අතර අවශ්ය තොරතුරු www.rgd.gov.lk වෙඩ් අඩවියෙන් සහ 011 2889518 දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැකි බවද සඳහන්.