Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
02
සිව්වන දිනටත් කොරෝනා ආසාදිතයන් 2000 ඉක්මවයි - දියත උයනේදීත් අද සිට පැය 24 පුරා එන්නත්කරණය

- සිව්වන දිනටත් කොරෝනා ආසාදිතයන් 2000 ඉක්මවයි - දියත උයනේදීත් අද සිට පැය 24 පුරා එන්නත්කරණයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,822 Views
අඛණ්ඩව 04 වන දිනයටත් මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (01) 2000 සීමාව ඉක්මවා ගියා.

ඊයේ (01) නව ආසාදිතයන් 2,510 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 311,349 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 2,490 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි විසි දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනාගැනුනා.

ඒ අනුව ආසාදිතයන් 27,998 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව දෙලක්ෂ 78,910 ක්.

පෙරේදා සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (01) තහවුරු කරන ලද මරණ 67ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 4,508 දක්වා ඉහළ ගියා.

මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත දරුවන් වෙනුවෙන් රාජගිරිය ප්‍රදේශයේ වෙනම ගොඩනැගිල්ලක් වෙන් කර ගෙන ඔවුන්ට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය පී. විජේසූරිය සඳහන් කළා.

එමෙන්ම ශ්‍රී ලංකාව මිලදීගත් තවත් ෆයිසර් එන්නත් 104,000 ක ප්‍රමාණයක් අද (02) අලුයම 2.15 ට කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන විත් තිබෙනවා.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ආරම්භ කළ ඊයේ දිනයේ පමණක් 69,266 දෙනෙකුට එන්නත්කරණය සිදුකර ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළා.

ඇය කියා සිටියේ තවදුරටත් කියා සිටියේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී 114,997 දෙනෙකුටත්, එහි දෙවන මාත්‍රාව 31,223 දෙනෙකුටත්, මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 432 කුටත් ලබාදී ඇති බවයි.

එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම මේ සතිය තුළම ක්‍රියාත්මක අතර, මෙම එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ස්ථානයෙන්ම දෙවන මාත්‍රාව ලබාගැනීමට යාම අවශ්‍ය නොවන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

ඒ අනුව පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට තමන්ට ආසන්නතම ස්ථානයෙන් දෙවන මාත්‍රාව ලබාගැනීමට හැකියාව පවතින බවයි ඔහු කියා සිටියේ.

මේ අතර කොරෝනා ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අදාළව එන්නත්කරණ කටයුතු අද දිනයේදීත් ක්‍රියාත්මකයි.

ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ 02 වන මාත්‍රාව ලබා දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක තවත් මධ්‍යස්ථානයක් අද (02) සිට බත්තරමුල්ල - දියත උයන පරිශ්‍රයේද ක්‍රියාත්මක වනවා.

ඇස්ට්‍රාසෙනෙකා 02වන මාත්‍රාව ලබා දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථානයක් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදීද ඊයේ සිට ආරම්භ කෙරුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top