රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා රන් මාලයක් සොරකම් කළ තරුණියක් සීදූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
සීදූව, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක් මීට මාස කිහිපයකට ඉහත සැකකාර තරුණිය මුහුණු පොත ඔස්සේ හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව ඇයට සිය නිවසට පැමිණෙන ලෙස 23 හැවිරිදි තරුණිය ආරාධනා කර ඇති අතර එම ආරාධනයට අනුව පසුගිය ජනවාරි මාසයේදී සැකකාර තරුණිය අදාළ නිවසට ගොස් තිබෙනවා.
එහිදී නිවසේ තිබූ රන් අත් පළඳනාවක් සොරාගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඉන් අනතුරුව යළි පෙරේදා (31) දිනයේ සැකකාරිය සිය මිතුරියගේ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාවේදී ඇය විසින් රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා රන් මාලය සොරාගෙන ගොස් ඇති බවට හෙළිව තිබෙනවා.
අනතුරුව නිවැසියන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් 24 හැවිරිදි සැකකාර තරුණිය අද (02) දිනයේදී මීගමුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.