Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
01
ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම ඉහළට - වීඩියෝ

- ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම ඉහළට - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

68 Views
මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්යාවෙන් හතරෙන් එකකටත් වැඩි ප්රමාණයක් පසුගිය ජූලි මාසයේදී සිදුව තිබෙනවා.
 
මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්යාව මේ වනවිට 70ක් දක්වා ඉහළ ගොස් ඇති බව
එම රෝහලේ අධ්යක්ෂවරයා සඳහන් කළා.
 
ඊයේ සිදුවූ කොවිඩ් මරණ 67ක් සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කළා.

ඉන් 36ක් පුද්ගලයින් වන අතර, කාන්තාවන් 31ක් වනවා.
 
වාර්තා වූ මරණ 67න් 56ක්ම අවුරුදු 60 ඉක්මවූවන් වීමත් විශේෂත්වයක්.
 
කොවිඩ් මරණ වාර්තා වීම පිළිබඳ සලකා බැලීමේදී ඊයේ දිනයෙන් අවසන් වූ ජූලි මාසයේදී පමණක් කොවිඩ් මරණ 1388ක් සිදුව තිබෙනවා.
 
ඒ අනුව දිනක සාමාන්ය මරණ ගණන සටහන් වන්නේ 44ක් ලෙසයි.
 
අද දිනය වනවිට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්යාව 4508 ක් වන අතර ඉන් 1388ක්ම ජූලි මාසයේදී සිදුව තිබීමත් විශේෂත්වයක්.
 
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්යාවෙන් 4 /1ටත් වැඩි ප්රමාණයක් සිදුව ඇත්තේ ගතවූ ජූලි මාසයේදීයි.
 
අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1655ක් මෙරටින් හඳුනාගෙන ඇති අතර ඒ සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්යාව 310,494 දක්වා ඉහළ ගියා.
 
මේ අතර කොවිඩ් ආසාදනය වු දරුවන් සංඛ්යාවේ වැඩිවීමක් සිදුව ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂවරයා පවසනවා.
 
මේ අතර ශ්රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්ය සංවිධානයේ මෙරට කාර්යාලය
පවසනවා.
 
සීඝ්ර ව්යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්රභේදය සහ පුද්ගල සංචරණයන් ඇතුළු කරුණු එම තත්ත්වයට හේතු වී ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.
පවතින තත්ත්වය හමුවේ සෞඛ්ය පද්ධති අඩපන වීමේ අවදානමක් පවතින බව ද ලෝක සෞඛ්ය සංවිධානයේ ශ්රී ලංකා කාර්යාලය සඳහන් කරනවා.
 
මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පයාගල - ගොරකදෙණිය ප්රදේශයේ පැවැත්වීමට සූදානම් කර තිබියදී සෞඛ්ය අංශ විසින් නවතා දැමූ
මල්වර උත්සවයක් හේතුවෙන් පුද්ගලයින් 85 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
 
මෙම උත්සවය පසුගිය 24 වනදා පැවැත්වීමට සූදානම් කර තිබී ඇති අතර ඊට උදව්දීම සඳහා පුද්ගලයින් 35 දෙනෙකු පමණ එම නිවසට පැමිණ ඇති බවයි
හෙළි වී ඇත්තේ.
 
මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් එම මල්වර උත්සවය නවතා දැමීම හේතුවෙන් එහි පිසින ලද ආහාර, නිවෙස් හිමියා විසින් උත්සවයට ආරාධනා කළ
පුද්ගලයින්ගේ නිවෙස් වෙත පාර්සල් කර ගොස් දී තිබෙනවා.
 
මෙම සිද්ධියෙන් ප්රදේශයේ පවුල් 40 කට වැඩි ප්රමාණයක් මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති බව මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් ප්රකාශ කළා.
 
මේ අතර සෞඛ්ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් බේරුවල පාදාගොඩ ප්රදේශයේ සංවිධානකර තිබූ මල්වර උත්සවයක් නවතා දැමීමටද මහජන සෞඛ්ය පරික්ෂකවරුන් කටයුතු කළා.
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top