තංගල්ල, කපුහේන්වල වෙරළ තීරයේ මව සහ පියා සමඟ රළ පාගමින් සිටි කුඩා දැරියක් රළ පහරට හසුව මුහුදට ගසාගෙන ගොස් තිබෙනවා.
පසුව තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් දැරිය බේරා ගැනීමට කටයුතු කළත්, ඒ වනවිටත් ඇය මියගොස් සිටි බවයි අප කළ විමසීමකදී තංගල්ල පොලිසිය සඳහන් කළේ.
පානදුර, කළුදෑවල ප්රදේශයේ පදිංචි යුවලකගේ 7 හැවිරිදි සෙනාලි ගිහන්සා පීරිස් නැමති දියණිය මේලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.