ශාන්තිකර්මයක් සිදුකරන මුවාවෙන් 19 හැවිරිදි තරුණියක් සහ 45 හැවිරිදි කාන්තාවක් ලිංගික අපයෝජනයකට ලක් කළ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හාලිඇල බෝගොඩ ලන්දේවෙල ප්‍රදේශයේ නිවසකට පිටස්තර පුද්ගලයන් විසින් කරනු ලැබු දෝශයක් ඉවත් කිරීමට බව පවසමිනුයි ඊයේ මෙම ශාන්තිකර්මය සිදුකර ඇත්තේ.
අදාළ යකැදුරා කැඳවා ඇත්තේ මැදිරිගිරිය අඹගස්වැව ප්‍රදේශයෙන්.
සැකකරු ඊයේ අලුයම් කාලයේ අදාළ ශාන්තිකර්මය සිදුකරන අතර නිවසේ සිටි පිරිමි පුද්ගලයන්ට නිවසින් ඉවත්වී ඒ ආසන්නයේ පිහිටි මංසන්ධිවලට ගොස් රැඳී සිටින ලෙසට දන්වා තිබෙනවා.
අනතුරුව ශාන්තිකර්මය සිදුකරන මුවාවෙන් නිවසේ සිටි 45 හැවිරිදි කාන්තාවක් දූෂණය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.
එම නිවසේ සිටි 19 හැවිරිදි තරුණියකට ද මෙම පුද්ගලයා ලිංගික අතවර සිදුකර ඇතැයි අනාවරණ වී තිබෙනවා.
අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල පොලිසියට ලැබුනු තොරතුරකට අනුවයි සැකකාර යකැදුරා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
42 හැවිරිදි මෙම පුද්ගලයා අද බදුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර හාලිඇල පොලිසිය විසින් තවදුරටත් පරීක්ෂණ සිදුකරනවා.