ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරන යුපුන් අබේකෝන්ගේ ධාවන ඉසව්ව අද පැවැත්වුනා. ඒ, මීටර් 100 පිරිමි ධාවන ඉසව්වයි.
මෙය මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ මූලික වටයේ තුන්වන තරගයක් වූ අතර මෙහිදී යුපුන් අබේකෝන් තප්පර 10.32කින් තරඟය නිම කර 6වන ස්ථානය ලබාගත්තා.
මීට පෙර යුපුන් තත්ත්පර 10 යි දශම 1 යි 5 ක දක්ෂතාවක් වාර්තා කර තිබුණා
.
මෙම තරගයේ ප්‍රථම ස්ථානය ලබා ගත්තේ ඉතාලි ක්‍රීඩක ජේකොබ් මාර්ෂල්.
ඔහු තත්ත්පර 9 යි දශම 9 යි 4 කින් තරගය නිම කළා.
කෙසේ වෙතත් දකුණු ආසියාවම නියෝජනය කරමින් මීටර් 100 පිරිමි ධාවන ඉසව්වට සහභාගී වූ යුපුන් අබේකෝන්ට ඊළඟ වටය සඳහා සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව නැතිව ගියා.
වෙන්නප්පුව ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන 26 හැවිරිදි යුපුන් අබේකෝන් ඉතාලියේ රෝම නගරයේ පදිංචිව සිටින අතර, ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබූයේ එහි සිටින අතරතුරයි.
මේ අතර, යුපුන් අබේකෝන්, අහිමි වූ ජයග්‍රහණය ගැන සංවේදී සටහනක් මුහුණූ පොතට එක් කර තිබුණා.
සිදුවූ දේ ගැන සමාව ඉල්ලන යුපුන්, එය නරක ආරම්භයක් බව එහි සඳහන් කර තිබුණා.
එමෙන්ම, ඉදිරියේදී මීටත් වඩා ශක්තිමත්ව කටයුතු කරන බව ද ඔහු සඳහන් කරනවා.